Monday, April 30, 2018

ජේසුගේ අම්මා මරිය තුම්ය


ජේසු ගැන කතා කරනවානම් අපිට ජේසු අම්මව අමතක කරන්න කොහෙත්ම බැහැ මොකද දෙව්යන් වහන්සේ ජේසු තුමන්ව මේ පොලෝතලයට බිහිකරන්නට මනුෂ්‍ය දුවක් තෝර ගත්තා..දෙව්යන් වහන්සේගේ සැලැස්ම පිලිගන්න උන්වහන්සේව විශ්වාස කරන මනුෂ්‍ය දුවක් ඒ මරියා...ඉතිං අද ගොඩක් බයිබල් වාදී ආගම් අදහන අය කරන චෝදනාවක් තමයී මේ ජේසු අම්මව අපිට අවශ්‍ය නැහැ කියන දේ අනික තමයී කතෝලික අපි එකම දෙව්යන් වහන්සේට දිය යුතු වන්දනාව අපි සාන්සාන්තුවරන්ට හා දේව මෑනියන්ට දෙන බව..

සාන්තුවරයන් ගැන වෙන දවසක කතා කරමුකෝ අද ජේසු අම්මා ගැන කතාකරලා
මෙතන ගොඩක් ඔය චෝදනා කරන අය නොදන්න කාරනාවක් තියනවා ඒ අය දන්නේ නැහැ ගරු කිරීම මොකක්ද වන්දනාව කියන්නේ මොකක්ද කියලා
අපි අපේ අම්මට තාත්තට ගරු කිරීමක් වශයෙන් වදිනවා..වැඩිහිටියන්ටත් එහෙමයී ඒ අපේ ගරු කිරීම වෙනුවෙන් 

ඉතිං කතෝලික අපි අපේ ජේසු අම්මටත් එහෙමයී මොකද ජේසු අම්මා දහසක් දුක් විදලයී ජේසු පුතුව මේ පොලොවට බිහිකලේ ජේසු පුතු ව ජීවත් කෙරෙව්වේ දහසක් දුක් විදලයී අන්න ඒ අම්මාට කතෝලික අපි දිය යුතු උතුම්ම ගෞරවය පුද කරනවා...අන්න ඒකයී ඇත්ත....

තව දෙයක් අනිවාර්යයෙන් ඔබ දැන ගත යුතුයී දේව මෑනියන්ට ඔබ ගරු කරනවානම් අපි අපිට ඕන දේ කරගන්න ඇයට ගරු කරන එක වැරදී මුලින්ම අපි ජේසු අම්මා වගේ මුළු හදවතින් දේව කැමැත්තට අවනත වෙන්න ඕන..

ඔයට මතකද ග්‍රාබ්යෙල් දේව දූතයා දර්ශනය වෙලා දේව මෑනියන්ට කිව්ව දේ

 ''විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය''යි කී ය.29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය.30 දේව දූතයා ඈට කතා කොට, ''මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය.31 මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.

ඔබ සිතනවද එදා ග්‍රාබ්යෙල් දේව දූතයා ඇයට කියු දේ තේරුම් යන්න ඇති කියලා..නමුත් එදා ඒ දෙව්යන් වහන්සේගේ ඒ වචනයට ඇය අවනත වුනා..ඇය පිලිගත්තා ...නමුත් එදා ඇය ජුසේ තුමා සමග විවාහ ගිවිසගෙන නොසිටි නිසා තමන්ගේ ග්‍රාමයේ මිනිසුන්ගෙන් නොහොබිනා කතා හොදට ඇහුවා ..පුරුශයෙක් නැතිව දරුවෙක් හම්බෙන එක එදා ජුදා සමාජයේ බොහොම ගැරහුම් ලබන කරුනක් මොසෙස්ගේ නීතිය අනුව එවැනි කාන්තාවන් ගල් ගැසා මරා දැමීමයී නීතීය .නමුත් ජුසේ තුමා හා සමග එකතු වී මේ දෙව්යන් වහන්සේගේ කැමැත්ත ඉටුකරන්න ලොකු අධ්ෂ්ථානයකින් ඇය කටයුතු කලා..
ඉතිං එතරම් දුක් විදි අම්මාට කතෝලික අපිදු කරන ලොකු වැරැද්දක් තියනවා
එ මොකක්ද දන්නවද අපි අපේ කැමැත්ත ඉටු කරලා දෙන්න කියලා ජේසු අම්මා ලග දණින් වැටෙනවා ජේසු අම්මට කරන ලොකුම අගෞරවයක් ඒක මොකද එදා ජේසු අම්මා ඇයගේ කැමැත්තට වැඩ කලානම් අපිට ගැලවීමක් නැතිවෙන්න තිබුනා.ඇය අවනත වුනේ දේව කැමැත්තටයී
අපිත් දේව අම්මාගේ අත්දැකීමෙන් පෝෂණය වෙලා ඇය වගේ

දෙව්දුනී මම ඔබේ දාසියක් දාසයෙක් ඔබ කී වචනය ලෙස මට ඉටු වේවා 

ලෙස ඉල්ලන්න ශක්තිය දෙන ලෙස දේව අම්මට යාච්ඤා කරන්න එහෙම නැතිව අපට ඕන දේ අපේ කැමැත්තට දේව අම්මට කියලා දෙව්යන් වහන්සේට පුද දෙන එක නෙවෙයි අපි කරන්න ඕනා...

එහෙනම් අදට ඇති වගේ නේද
අපි තව දවසක් මේ ගැන තව කතා කරමු..
මම ලොකු බයිබල් විශාරදයෙක් නම් නෙවෙයි
හදවතට දැනෙන්න දේ තෝරා බලා තමයී මමත් ඔබට කියන්නේ
ඔයාලගෙත් අදහස් තියනවානම්
පහලින් ලියන්න
👇👇👇👇👇

එහෙනම් ජේසු පිහිටයී !






4 comments:

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...