Sunday, October 11, 2020

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. දේව මාතාවන් ශු.ආනා මුනිතුමියගේ කුසෙහි පිලිසදගත් විටදී කිසිම පාපයක් නොමැතිව පිලිසිදගත් බව මේ තුල ප්‍රකාශ වේ. මෙය ශු.කතෝලික සභාවේ දේව මාතාවන් පිලිබදව ඉගැන්වෙන විශ්වාසයේ දේව ධාර්මික ප්‍රකාශ සතර (Dogmatic Proclamations) අතරින් එක් ප්‍රකාශයකි. වර්ෂ 1854 දී IX වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් Ineffabilis Deus නැමැති විශ්වාසයේ ප්‍රකාශනය තුල මරිය මාතාවෝ ජන්ම පාපයෙන් නිදොස්වී මව් කුසෙහි පිලිසිදගත් බව ප්‍රකාශ කරන ලදී. එවක් පටන් ඕතුමියගේ මෙම මංගල්‍යය දෙසැම්බර් 08 වන දින කතෝලික සභාවේ සමරන්නීය. වර්ෂ 1830 දී ප්‍රංශයේ ශු. කැතරින් ලැබොරේ( Catherine Laboure) මුනිවරිය විසින් දුටු, ලෝක ගෝලය මත දෑත විහිදාගෙන සිටින මරිය මාතාවන්ගේ දර්ශණය පුදුම පදක්කම නිර්මාණය වීමට හේතු පාදක විය.අප බොහෝ දෙනෙක් පැළදගෙන සිටින එම පුදුම පදක්කමේ ඇති බලය ගැන අපි දනිමු. එ ලෙසම මෙම නිර්දෝෂ පිලිසිදීමේ මාතාවන්ගේ ප්‍රතිමා වල අනෙක් විශේෂ කාරණය වන්නේ දේව මාතාවන්ගේ පයට පෑගුණු සර්පයාය. සර්පයා පාපයේ සංකේතයයි.පාපය නැසුවේ මරියාවන්ගේ කුසින් බිහිවූ ගැලවුම්කරුවාණෝ යි. (උත්පත්ති 3:15) හි මෙය සදහන් වේ.  එබැවින් නිර්දෝෂ පිලිසිදීමේ මාතාවන්ගේ ප්‍රතිමාව තුල ගැබ්ව ඇති පණිවුඩය නම් ලෝකය ගලවා ගැනීම සදහා මුලික වශයෙන්ම දේව මාතාවන්ද විශේෂ කාර්යයක් ඉටු කල බව සහ ඒ සදහා දෙවියන් වහන්සේ ඇයව මව් කුසයේ බිහිවන්නටත් ප්‍රථම තෝරා ගත් බවය. නිර්දෝෂ දේව මාතාවන් අද දිනදී අපව කැදවන්නේ තවමත් ලෝකය තුල ඇති අදුර,පාපය දුරුකරනු සදහා දෙවිදුන්ගේ සේවක සේවිකාවන් වන්නටය. 'නිර්දෝෂ දේව මාතවෙනි අප නිසා යාච්ඤා කළ මැනව. ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා.(01/05/2020)

1 comment:

  1. Bet 1xbet korean | Bestbet789 | Free Sportsbook & Casino
    Free sports betting and online betting at 1xbet korean. The best odds & tips. Sports betting, casino, 1xbet registration and live dealer games available for Bet 1xbet.

    ReplyDelete

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...