Tuesday, May 1, 2018
ජේසුගේ අම්මා මරිය තුමිය 02
අදත් ටිකක් ජේසු අම්මා ගැන කතා කරන්න හිතුවා හැබැයි අලුතින් මේ ලිපිය කියවන කෙනෙක් නම් කලින් මම ලියපු ලිපිය කියවලාම එන්න ඒක
ජේසුගේ අම්මා මරිය තුමිය
කියවලාම එන්නකෝ මොකද ඒ කරුණු කාරනා එක්ක මේ ලිපිය සම්බන්දයී
හරි අපි යමු කතාවට,
ඊයේ මම කිව්වා නේද අපි අපේ උවමනාවට ඒක ඉෂ්ට කරගන්න ජේසු අම්මගේ පිහිට පතන්න එපා කියලා.අපි කරන්න ඕන ජේසූ අම්මා දේව කැමැත්තට අවනත වුනා වගේ අපිත් ඒ පිහිට ඉල්ලන එකයී අන්න එවිට දෙව්යන්වහන්සේගේ කැමැත්ත අපේ ජීව්ත ඉටු වේවී..
අපේ ජීවිත වලට ජේසු අම්මාගේ මැඩිහත්කාරකම අත්‍යාවශ වෙනවා මොකද ජේසු සමිදු මග යන්න අපට පිහිට වන එකම කෙනා ජේසු අම්මා විතරමයී ...
මෙහෙම කියද්දී මට පුංචි කතාවක් මතක් වුනා මේක පුංචි කාලේ දහම්පාසල් යන දවස්වල අපිට කියලදා දීපු කතාවක් මේ කතාව මනක්කල්පිත වුනත් ඒ කතාවෙන් අපිට තේරුම් ගන්න පුලුවන් අපේ ජේසු අම්මා අපිට කොචර ආදරේද කියලා ඔන්න එහෙනම් කතාව අහගන්නකෝ
හොදටම අරක්කු බොන මනුස්සයෙක් උන්නලු එයා හොදටම බීලා ඇවිත් ගෙදර රණ්ඩු කරනවලාලූ හැබැයී මෙයා මොන දේ කලත් රෑට ජපමාලය උච්චාරනය කරලා තමයිලු නිදා ගන්නේ ඉතිං හදිස්සියේම මේ මනුස්සයාගේ බීමත් කම නිසා මේ මනුස්සයා මැරුනලු මැරිලා දැන් දෙව්යන් වහන්සේ ලග මෙයා විනිශ්චය කරනවලු..තාරාදියක මෙයා කරපු හොද දේවල් සහා නරක දේවල් දාලා මිකායෙල් අග්‍රදූත තුමා කිරනවලු බලද්දී මෙයාගේ පව් පැත්ත බර වැඩිලූ මාර වැඩේ දැන් මෙයා සදාකාලික නිරයට තීන්දු ලබන්න යන්නේ..ජේසු අම්මාට තේරුනා එයාට හැමදාම ජපමාලය උප්පු කරපු කෙනෙක් පව්කාර කම වැඩිනිසා නිරයට තීන්දු ලබන බව ජේසු අම්ම මොකද දන්නවද කලේ දුවගෙන ඇවිත් තාරාඩියේ අර බර අඩු හොද පැත්තට ජේසු අම්මගේ අතේ තිබුනු කොන්තේ දැම්මලු දැන් පව් පැත්ත ඉස්සිලා එයා කරපු හොද පැත්තේ බරවැඩි උනාලූ එක පව්කාර මනුස්සයෙක් නිරයට යන එකෙන් ජෙසු අම්මා ගලව ගත්තලු...
මේ කතාව මනක්කල්පිත වුනත් ජේසු අම්මගේ ආදර ගැන පුංචි කාලයේ අපේ හිත්වලට කාවැද්දුවේ එහෙමයී..එත් එකෙන් නම් වැරැද්දක් වුනේ නැහැ ජේසු අම්මාට තවත් ලං වෙලා ජේසු ලගට යන්න පාර ඇය තමයී පෙන්වන්නේ...
ඔබ මේ ලිපිය ආසවෙන් කියවන කෙනක් වෙන්න පුලුවන් ඔබ කුමන ආගමක් ඇදැහුවත් ඔබට මට ජේසු අම්මාගේ පිහිට අනිවාර්යයෙන් ලැබෙනවා..හිතේ විශ්වාසය එක්ක ජේසු ලගට යන්න පාර ජේසු අම්මගෙන් අහන්න..මොකක්ද ජේසුගේ උපතේ සිට කුරුසියේ උකුත්වෙලා ගල්ලෙනේ තැම්පත් කරන තුරු ජේසු අම්ම උන්වහන්සේ ලග උන්නා..ජේසුව තනි කලේ නැහැ ඉතිං ඒ ජේසු අම්මා ඔබව මාව තිනි කරලා යයිද..ඉල්ලන ජේසු අම්මාගෙන් පිහිට ඇය වගේ දේව කැමැත්ත ඉටුකරන්න ...
එහෙනම් අපි ඉලගට බලමු ජපමාලය උච්චාරනය කරන විදිය
මොක්ද ගොඩක් අන්‍යාගමික අය මට ලියලා තිබුනා ඒ අයටත් කියලා දෙන්න කියලා මම මීලග ලිපිය ඒ ගැන ලියන්නම්.
එහෙනම් හැමෝටම ජේසු පිහිටයී
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
👏👏👏👏👏
ReplyDelete👏👏👏👏👏
ReplyDeleteLove you mom ❤️😍😘
ReplyDelete