Tuesday, December 11, 2018
දෙසැම්බර් 12 ශු.සුවිශේෂය ශු.මතෙව් 11-28:30 මෙනෙහි කිරීම
දෙසැම්බර් 12 ශු.සුවිශේෂය
ශු.මතෙව් 11-28:30
28 ''වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.29 මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.30 මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.''
මෙනෙහි කිරීම
ජීවිතයේ අනවශ්‍ය තරගයක යෙදිල ආතතියෙන් හෙම්බත් වෙල "නත්තල් කන්න" ඇගිලි ගනින අපි හැමෝටම ජේසු කියනව අද උන්වහන්සේගෙ වියගහ කරට අරන් සැහැල්ලූ වෙන්න. ජේසු පංතියේ ශු. රොබට් බෙලාරමින් තුමාට ජේසු අනාවරණයක් දෙනව මේ ජේසුගෙ වියගහ කියන්නෙ වෙන මුකුත් නෙමේ, ප්‍රේමයේ පණතයි කියල. ඒ හින්ද නත්තල කන්න නෙමේ සමරන්න වරම් ඉල්ලල කන්නලව් කරන අතරෙම මිනිසෙක් වුණු දෙවියන්ටත්, දෙවියන්ගේ දරුවන් වූ මිනිසුන්ටත් ආදරය කරන්න, වචනයෙන් විතරක් නෙමේ ක්‍රියාවෙනුත් ඒක එහෙම්ම කරන්න අපි අධිෂ්ඨාන කරගමු. මේ වියගහේ අපිට මහා බරක් නැහැ, කරන්න මහා දේවල් නැහැ, හරිම සරලයි, ඒත් හරිම ප්‍රබලයි. ආමෙන්.
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
No comments:
Post a Comment