Thursday, December 13, 2018
දෙසැම්බර් 14 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම ශු.මතෙව් 11-16:19
දෙසැම්බර් 14 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම
ශු.මතෙව් 11-16:19
16 මේ පරම්පරාව කුමකට සමාන කරම් ද?
වෙළඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා,17 'අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත;අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත'18 ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින්, 'ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකි'යි ඔව්හු කියති.19 මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක. එබැවින්, 'බලන්න, ඔහු කෑදර මනුෂ්‍යයෙකි; මුද්‍රික පානය බොන්නෙකි; අයකැමියන්ගේ ද පව්කාරයන්ගේ ද යහළුවෙකි'යි ඔව්හු කියති. එහෙත්, දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වේ.''
මෙනෙහි කිරීම
එදිනෙදා ජීවත් වීමේදී ඔබේ සමාජයේ අවට වටපිටාවේ සිදුවන්නේ මොනාදා කවුද අප වටපිටාවේ ජීවත් වෙන්නෙ..අපි ගැන අපේ වටපිටාවේ ඉන්න අයට මොන වගේ ආකල්පයක්ද තියෙන්නේ කියලා අපි අත්‍යාවශ්‍යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ...හැබැයි අපි හැමෝටම එක පොඩි වෙලාවකට අමතක වෙලා යනවා මම කියන්නෙ කවුද,මට තියෙන දුර්වලතා සහ ශක්තීන් මොනවද,ඇත්තටම මේ තාක් මම ඇවිත් තියෙන ජීවිතයේ මම විදියට මම ජීවත් වෙලා තියෙනවද කියන වැදගත්කම ප්‍රශ්න ටික අපෙන්ම අහන්න...අපි ඒ වෙනුවට කරන්නෙ සමාජයේ ඉන්න අනිත් අය අපි ගැන දකින්නේ කොහොමද කියන එක ගැන වුවමනාවටත් වඩා හිතන එක..." අනෙ දෙයියනේ මේගොල්ල මං ගැන මොනවා හිතනවද දන්නෙ නෑ..මම අර කෙනා එක්ක කතා කලොත් කට්ටිය මට මොනා කියයිද දන්නෙ නෑ..මම කතෝලිකයකු කියලා දැන්ම කාටවත්ම කියන්න හොද නෑ..කට්ටිය මොන විදියට මාව පිළිගනීවිද දන්නෙ නෑ නේ.....අනේ මගේ මහත්තයගෙ අම්ම මං ගැන කොහොම හිතන් ඉන්නවද දන්නෙ නෑ.....මේ සා නොයෙකුත් ,වටිනාකමක් නැති මනස්ගාත රාශියකින් අපි අපේ මනස පුරවගෙන ඉවරයි..සමහරවෙලාවට අපි නිකරුණේ අසනීප වෙනවා සමාජය අපි ගැන හිතන දේවල් ගැන හිතන්න ගිහින්....අනිත් වැදගත්කම දේ එදා ජේසු ජීවත් වූ කාලයේ ජේසු මොනව කලත් මිනිස්සු බලන් හිටියේ කොහෙන්හරි වැරැද්දක් හොයලා කියන්න...නම කැත කරන්න..ඉතින් ජේසු ඒ අභියෝගයට එදා සාර්ථකත්ව මුහුණ දුන්නාන්ම් අද අපිට බැරිද මේ අපිට කියන මේ පුංචි වචනයක් ඉවසා දරගෙන ඒ තුලින් උපදින සන්තාපය තිළිණයක් විදියට ඔප්පු කරන්න...බැරි නෑ....අපි ඔක්කෝටම පුලුවන්
අනිත් අය අපි ගැන හිතන දේ ගැන සැලකිලිමත් වෙන්න කලින් අපේ හදවතට පොඩ්ඩක් සවන් දීලා බලන්න ..ඒ හදවත තුලින් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔයාට මට කතා කරනවා..." ලෝකයා ඔබට මොන දේ කිව්වත් ඔබේ හදවතට දැනෙන නිවැරැදි දේ කරන්න.. ඔයාට මට විතරක් නෙමේ ආදි පියවරුන්ගේ ඉදලා නානා විධි දේවල් ලෝකයා කිව්වා....නමුත් බය වෙන්න එපා ඔබ කරන නිවැරැදි දේ මම දකිනවා...ඔබ එය කරන්නේ හදවතට එකගව නම් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබව බලගතු ලෙස ආශිර්වාද කරනවා..ඔබේ මුළු ජීවිතයම සඵලවත් කරනවා....මගේ වචනයෙන් පිරෙන්න..." ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ උන්වහන්සේ එදා දෙවියන්වහන්සේගේ වචනයට අවනත වුනා වගේ ලෝකයාගේ වචනය වලට නොව උන්වහන්සේගේ අමිල වූ ආදරයට නතු වන ලෙසයි...එන්න අපේ හදවතින් උපදින ආදරය අපි එතුමන් වෙතට අරගෙන යමු...හොඳින් අවබෝධ කරගන්න ජේසුත් එක්ක ගමනක් යනවනම් අනිත් කෙනාට අවශ්‍ය විදියට නෙමේ අපි අදහන එකම සර්වබලධාරී දෙවියන්වහන්සේ වචනය අනුව ජීවිතය හැඩ ගස්වා ගන්න........අනිත් අයට කියන්න ඔනේ තරම් දේවල් තියේවී...දෙවියන්වහන්සේ ඒ හැමෝගෙම මැවුම්කරුවානන් බවත් උන්වහන්සේ සියල්ලටම වඩා උසස් බවත් උන්වහන්සේට මේ සියල්ල යටත් බවත් මතක තියගෙන ජීවත් වෙන්න .......ඔබ කරන දේට අදාල ඵල විපාක උන්වහන්සේ ලබා දෙන බවට තිර විශ්වාසයෙන් පමණක් සිටින්න...අවශ්‍ය වන්නේ එය පමණකි .....
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
No comments:
Post a Comment