Friday, January 18, 2019
ජනවාරි 19 වන දින සුබ අස්න – ශු. මාක් 8:14-21
ජනවාරි 19 වන දින සුබ අස්න – ශු. මාක් 8:14-21
14 රොටි ගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නො තිබිණි. 15 උන් වහන්සේ කතා කොට, ”සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. 16 ”එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇතැ”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. 17 ජේසුස් වහන්සේ එපවත් දැන, ”රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද? 18 ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද් ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද් ද? ඔබට මතක නැද් ද? 19 මා රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහු දැ”යි ඇසූ සේක. ”දොළොසකැ”යි ඔව්හු කී හ. 20 ”රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ”යි ඇසූ සේක. ”සතක්” යයි ඔව්හු කී හ. 21 ”තවමත් ඔබට තේරුම් ගියේ නැද්දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
මෙනෙහි කිරීම
ස්වාමීන් වහන්සේ අපට ලස්සන පනිවුඩයක් අද ලබා දීල තියෙනවා..ඒ පනිවුඩය ඇත්තටම අපේ ජීවිත වලට ගොඩාක් වැදගත් ...ජේසු එදා ගෝලයින් එක්ක බොහොම සමීපව තමයි ඇසුරු කලේ ....ගෝලයින් තමන්ගෙ ගුරුදේවයාණෙන් විදියට තමයි උන්වහන්සේ ට සැලකුවේ..නමුත් සමහර අවස්ථාව වලදි ඔවුන්ට ත් අමතක වුනා මේ ඉන්නෙ සර්වබලධාරී දෙවියන්වහන්සේ අපට දුන්න උන්වහන්සේගේ පුතා කියලා ...උන්වහන්සේගේ බලය ,මහිමය මේ ලෝකයට ප්‍රකාශ කරන්න ආපු උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයානන් කියල...උන්වහන්සේ තුල තිබුණු බලය ,මහිමය ,වරප්‍රසාදය ඔවුන්ට අමතක වුනා...එදා ඔවුන් ලග තිබුනේ එකම එක රොටියක් විතරයි ...නමුත් ඔවුන් ලග දෙවියන්වහන්සේගේ පුත්‍රයානන් හිටියා..නමුත් ඒ අවස්ථාවෙදී ඔවුන්ට ඒ බවක් සිහියට නැගුනෙ නෑ..ඔවුන් කල්පනා කලේ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉශ්ට කරගන්නෙ කොහොමද කියල....ඔවුන් තර්ක විතර්ක ගෙනෙමින් උත්සාහ කලේ ඔවුන්ගේ අවශ්‍යතා කෙසේ හෝ ඉටු කරගන්න..ජේසු අහනව..ඇයි මේ ඔබලා කලබල වෙන්නෙ කියල..ජේසු මතක් කරල දෙනව ඔවුන්ට එදා පන්දහසකට කෑම දීපු අවස්ථාව ...ඔවුන්ගේ න් අහනවා ස්වාමීන් වහන්සේගේ එදා ඒ තරම් අඩු ප්‍රමාණයක් තිබිලත්...අවසානයේ කූඩා දොලසක් පුරවා ගන්න ඔවුන් සමත් උනා....ඒසේ නම දැන් මොකද්ද තියෙන ප්රශ්නය කියල...ඇත්තටම අපේ ජීවිත වලට මේ සිද්දය බොහොම සමීපයි නේද ,පොඩ්ඩක් හිතල බලන්න ඇත්තටම අපිත් අපේ ජිවිතේ කොච්චර ප්රාතිහාර්යය සිදුවුනත් එක මොහොතයි යන්නේ ඒ හැමදේයක්ම අපේ සිතින් අහක් වෙලා යන්න ..සමහරවිට චූටි සිදුවීමක් ඇති උන්වහන්සේ තුල අපි තැබූ විශ්වාසය නැති වෙන්න...අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි උන්වහන්සේ තුලින් ඈත් වෙනවා..අපි සමහර වෙලාවට අපිට එන දේවල් නිසා බොහොම කලබල වෙනවා..නමුත් අපි අමතක කරන දේ තමා උන්වහන්සේ අප දිහා බලන් ඉන්නව කියන එක ,,උන්වහන්සේ අපේ ජීවිතේ අවශ්‍යතා දන්න බව...උන්වහන්සේ අපට සියල්ල සපයන බව..
අහසේ පියඹන කුරුලුන් කිසිදා
අටුකොටු වල නෑ උන් රැස් කරලා
එනමුත් මගේ පියා උන් නිති රකිනා
උන් සැමට වඩා මා නිති රකිනා
මා දිවි එතුමන් සුරතේ රැදෙනා.....
පොඩි මොහොතකට අප අමතක කරනව ස්වාමීන් වහන්සේ අපේ තාත්තා කියලා..තාත්තා තමයි අපේ හැම අවශ්‍යතාවයක්ම නොපිරිහෙළා ඉටු කරන්නෙ..ඒ හැම දෙයක්ම අපි ගිහින් කියන්නෙ තාත්තට..ඉතින් ජේසුස් වහන්සේ තමයි අපේ තාත්තා ,අපේ තාත්තා අපේ ලග ඉන්නකොට අපිට පුදුමාකාර සැනසීමක් පුදුමාකාර ආදරයක් ,පුදුමාකාර සෙනෙහසක් තමයි දැනෙන්නේ .ඒ තාත්තා ගෙන එහෙම ආදරයක් දැනෙනවා නම් ස්වර්ගයේ වසන අප්ගේ පියාණන් ගෙන් අපිට කොච්චර ලොකු ආදරයක් දැනෙන්න ඕනෙද.කොච්චර ලොකු සැනසුමක් දැනෙන්නේ ඕනෙද..ඉතින් ඇයි අපි ඒ ආදරය හොයන්නෙ නැත්තේ ..ඇයි උන්වහන්සේ තුලින් නික්මෙන ඒ සෙනෙහස අපි හොයන්නෙ නැත්තෙ...අපි හොයන්න ඕනෙ ඒ ආදරය ,අපි හොයන්න ඕනෙ ඒ සෙනෙහස සැනසුම...ඒකයි ජේසු එදා ගෝලයින්ගෙන් ඇහුවේ..උබල අන්ධ වෙලාද,උබල බීරි වෙලාද..උබලගෙ සිත් අදුරු වෙලාද කියල...මෙච්චර බලගතු තැනැත්තා මෙතන සිටියදීත් ඇයි උබල මේ ලෝකෙ පෙරලෙන්න එනව වගේ හැසිරෙන්නෙ කියල...ජෙසුස් වහන්සේ අද අපෙනුත් මේ ප්‍රශ්නයකම අහනවා..අනෙ මගෙ රත්තරන් දුවේ,අනේ මගෙ රත්තරන් පුතේ,මගෙ ආදරය තවමත් තේරුම් ගන්න ඔයාට බැරිඋනාද,,ඇයි මන් මෙතන ඔබ ඉදිරියේ සිටියදීත් මගේ ආදරය,මගේ සැනසුම ,මගේ සෙනෙහස ලබා ගන්නෙ නැත්තේ කියලා..මන් කෙරේ විශ්වාසයක් නැත්තේ කියලා..මොකද්ද අපි මේ ප්‍රශ්නයට දෙන පිලිතුර ....හොදට හිතල බලන්න..අපි සමහරවෙලාවට නිකන් කලබම වෙනවා පිලිතුර අපේ අතේම තියාගෙන..අපි එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ පිළිබඳ ඇත්තටම විශ්වාසයක් නොමැති කම කියල ඔබේ හෘද සාක්ෂිය මේ මොහොතේදී ඔබට මට කියයි....අපි අපිව මවා වදාළ ස්වාමීන් වහන්සේව හැර වෙන කා ව විශ්වාසය කරමුද කියලා වචනයෙන් කිව්වට වැඩක් නෑ..ඒක කරන්න බැරිනම්..අපි අපේ ප්‍රශ්න හමුවේ උන්වහන්සේට තවතවත් ලංවෙන්න ඕනේ..උන්වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් අපි ගොඩ නගා ගන්න ඕනේ...එතකොට තමයි උන්වහන්සේගේ සැබෑ පීතෘක ප්‍රේමයෙ පහස අපිට ඇත්තටම අත්දකින්න අවස්ථාව ලැබෙන්නේ .....අපි කරදර උනා කියලා අපිට කරන්න පුලුවන් දෙයක් නෑ..මොකද උන්වහන්සේගේ බලපරාක්‍රමය අපේ මේ දුර්වල මිනිස් ශක්තිය ට කිසිසේත්ම සමාන කරන්න බෑ...ඉතින් මිනිස් ශක්තියෙන් දේවල් විසදන්නෙ නැතුව උන්වහන්සේගේ බලපරාක්‍රමය ,උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත තුල ඉටු වීමට අපි ඉඩ දීල බලගෙන ඉමු...ඉතුරු හරිය ස්වාමීන් වහන්සේ බලාගන්නවා..ඒ විශ්වාසය අපේ සිත් තුල අපි ඇති කරගමු.....
කරදර වන විට කිව යුතු දේ ගැන
කිසිවිට කරදර විය යුතු ඔබ නොව
දේව ජීවය කතා කරනු ඇත
දේව ජීවය කතා කරනු ඇත.........
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
No comments:
Post a Comment