Saturday, May 12, 2018
අපි යාච්ඤා කරමූ
යාච්ඤාව
දෙවිදුන් සමග කරන සුහද කතාබහකී
ගොඩක් අන්‍යාගමික අය මගෙන් අහනවා කොහොමද ඔයාලා යාච්ඤා කරන්නේ කියලා ඒ අයටත් ආසයිලු යාච්ඤා කරන්න හිතේ තියන දුක කියන්න කෙනෙක් නැති වුනාම ප්‍රශ්න ගැටලු වලට විසදුම් බලාපොරොත්තු වෙන අයගෙන් නොලැබුනාම ජේසුගෙන්වත් පිලිතුරක් ඒ අය බලාපොරොත්තු වෙනවා ඉතිං මම මේ ලිපිය ලියන්න හිතුවේ ඒ අය වෙනුවෙන්
මුලින්ම මම කියන්න ඕන දෙයක් තියනවා ජේසුට ආදරේ කරන ඔබට මට ආගම් බේදයකින් තොරව ජාති බේදයකින් තොරව උන්වහන්සේ සමග කතාබහා කල හැකි බව
ජේසුගේ ආදරය හරිම පුදුමාකරයී මොකද මං එහෙම කියන්නෙ උන්වහන්සේගේ ආදර මං මගේ ජීවතේ මං ලද අත්දැකීම් හමුවේ හොදටම විදපු කෙනෙක් නිසා...
ගොඩක් අය ජිවිතේ දුක් විදිනවා තමන්ගේ පෙර වැරදි අඩුපාඩු නිසා ඒ සියල්ල නිසා තමන්ගේ අනාගතය පවා අදුරුකරගනවා එත් ඔබ ඔබේ හදවතට අවංකව ජේසු වෙතට හැරුණු දවසට ඔබටම පුදුම හිතේවී ඔබ ඔබේ ජිවිතේ වෙනස දැකලා....
ඉතිං අපි කොහොමද ජිවිත වෙනසක් අත්දකින්නේ කොහොමද මම මගේ ජීවතේ වෙනස් කරගන්නේ
ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා නේද
ඒකටනම් අනිවාර්යයෙන් ඔබ මම ජේසු එක කතාකරන්නම වෙනවා...
ඒකට තමයි අපිට යාච්ඤාව වැදගත්...හදවතින් අවංකව තම වැරදි අඩුපාඩු ජේසුට භාරදීලා ඉදිරී ජීවතේ සාර්ථකත්වය කරා ගෙනියන්න ජේසු ඔබට මට කියලා දෙන්නේ මේ යාච්ඤාව හරහායී...
යාච්ඤා කිරීමේ ක්‍රම ගොඩක් තියනවා මම මේ කියන්නේ ඔබගේ පෞද්ගලික යාච්ඤා ක්‍රමය පිලිබදවයී
යාච්ඤාව කිරීමට මුලින්ම සුදුසු නිෂ්ඵල පරිසරයක් අවශ්‍ය වෙනවා එයට සුදුසුම කාලය මං ඔබට යෝජනා කරනවා ඔබ නින්දට පෙර ඔබගේ නිදන කාමරය මොකද අවට පරිසරයේ නිෂ්ඵල බාවය ඉතා වැදගත් ඔබේ යාච්ඤාව සදහා තනි වෙන්න ඔබ පෞද්ගලිකව ජේසු සමග හිතේ නිෂ්ඵල කර ගනිමින් පලමුව ශුදාත්මයාණන් වහසේට ආරාධනා කරන්න ඔබව මෙහෙයවන ලෙස මොකද මම එහෙම කියන්නේ ජේසු හැම වෙලාවෙම දෙවියන් වහන්සේ සමග යාච්ඤාවෙන් සම්බන්ද වෙන්න උන්වහන්සේ තෝරා ගත්තේ ඉතා නිස්කලංක පරිසරික පසුබිමකි
අපි බලමුකෝ යාච්ඤාව පිලිබදව ජේසු කොහොමද ජේසුගේ ගෝලයන්ට ඉගැන්නුවේ කියලා
5 ''ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත.6 එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.
7 ''තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති.8ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක.9එහෙයින් මෙසේ යාච්ඤා කරන්න:
'ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
10 ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.
11 අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
12 අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
13 අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.
14 ''ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක.15 එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.''
මතෙව් 06-05:15
මේ ඉහත සදහන් ස්වර්ගයෙහි වැඩසිටින යාච්ඤාව තමයී දෙවිදුන් වහන්සේ නමදින්න උන්වහන්සේට යාච්ඤා කිරීම සදහා වඩාත් ප්‍රයොජනවන් ලෙස ජේසු තුමන් වදාලේ .මොකද අපි ආවට ගියාට කඩෙන් බඩුවක් ගන්නවා වගේ දෙවිදුන්ට කන්නලව් කිරීම නිෂ්ඵල දෙයක් ලෙසයි ජේසු තුමන් වදාලේ ...අන්න ඒ නිසා අපි දෙවියන් වහසේට ඔප්පු කරන යාච්ඤාව ප්‍රතිඵල සහිත එකක් ලෙස ඉදිරිපත් කරන්නට ඉහත සදහන් යාච්ඤාවේ අඩංගු ප්‍රධාන කරුනු අපි ඔප්පු කරන යාච්ඤාවටත් අඩංගු කරගත යුතුයී..හරී අපි බලමුකො ඒ කොහොමද කියලා
ඉතිං අපි අපිටම කියලා ජේසුට කතාකරන්න පෞද්ගලික යාච්ඤා ක්‍රමයක් හදාගන්න ඕන ඔබ ඔබේ සිතට එන ගැටළු ප්රශංසාවන් සියල්ල මේ විදියට ගලපගන්න
01 ප්‍රශංසාව
ඔබ ඔබේ යාච්ඤාවේ අරම්භය දෙවියන් වහසේට ප්‍රශංසාවකින් ආරම්භ කරන්න
මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම
" ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණනී ඔබවහන්සේගේ ශ්‍රි නාමයට ප්‍රශංසා වේව''
ඔබත් මේ ලෙස පුංචි ප්‍රශංසාවකින් ඔබේ යාච්ඤාව ආරම්භ කරන්න
උදා- ස්තූතියී ආදර දේව තත්තේ ඔබවහන්සේට ප්‍රශංසා වේව ඔබවහන්සේගේ ඒ ආදරයට ස්තුතියි ඔබවහන්සේ වෙතට එන්නට මට මේ දුන් කාලය නිසා ස්තූතියී මගේ පියාණනී...
මේ ආකරයට ඔබේ ප්‍රශංසාවක් සමග ඔබට සිතෙන අයුරින් ඔබේ යැදුම ආරම්භ කරන්න
02 පැතුම
ඔබගේ පැතුම භාර කරන්න දෙවිදුන් වෙත මතක තියාගන්න මේ පැතුම කියන්නෙ ඉල්ලීමට නම් නෙවෙයි හරිද ඔබගේ ඉල්ලීම ඉල්ලනට පෙර ඔබගේ ප්‍රාර්ථනා දෙවියන් වහන්සේගේ කැමත ඔබගේ ජීවතේ ඉටුවෙන්නට ප්‍රාර්ථනා කර යාච්ඤා කරන්න
මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම
"ඔබවහන්සේගේ රාජ්‍ය පැම්නේවායී ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොලොවෙහිද ඉටුවේවා''
උදා- ආදර සමිදුනී ඔබවහන්සේට භාරකරන මගේ පැතුම් ප්‍රාර්ථනා මගේ කැමැත්ත ලෙස නොව ඔබවහන්සේගේ කැමත ලෙස ඉටුකල මැනව ..ඒ වගේම දෙවි සමිදු මහිමය උන්වහන්සේගේ සැලසුම් මේ පොලෝතලය පුරාවටම පතල වෙමින් සියලු ජනීජනයාට ඔබවහන්සේගේ මහිමය දැකීමට සැලැස්සුව මැනව
මේ ආකාරයට ඔබගේ ස්තූතිය ප්‍රශංසාව සමග පැතුම් ප්‍රාර්ථනා එකතු කරගනිමින් ඔබගේ යාච්ඤාව ඉදිරියට ගෙන යන්න
03 ඉල්ලීම්
"අපගේ එදිනෙදා හෝජනය අද අපට දානය කල මැනව ''
මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම
ඔන්න දැන් තමයී ඔබගේ ඉල්ලීම් ඉල්ලන අවස්ථාව ඔබගේ ප්‍රශ්න ගැටළු කරදර භාදක සෑම දෙයක්ම කියන්න දෙවිදුන් හට...
04 පව් කමාව
" අපට වැරදි කරන අයගේ වැරදී අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කාමා කල මැනව"
මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම
මේ අවස්ථාවේ දී ඔබ ජේසුගෙන් ඉලන්න ඔබට අනෙක් අය කරන වැරදි වලට ඔවුන්ට සමාව දෙන්න හිතේ ශක්තිය ඒ ආදරය දෙන්න කියලා
ඒ වගේම ඔබ කරන වැරදි වලට සමාව ඉල්ලන නැවත ඒ වැරදි නොකරන්න වරම් ඉල්ලන්න.
05 දේව අරක්ෂාවට භාර වීම්
"පාපී අවස්ථාවන් වලට හසු නොවී සියලු අයහපතින් අප මුදාගත මැනව "
මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම
මේ යාච්ඤාවේ අවසානයයී
ඔබ දෙවියන් වහසේට ඔබගේ ජීවතේ භරකරමින් ඔබව ආරක්ෂා කරමින් සියලුම පාපී අයහපත් අවස්ථාවන් වලින් ඔබව ගලවා ඔබව ආරක්ෂා කර දෙන ලෙස යාච්ඤා කරන්න
එහෙනම් ඔබත් මේ සියලුම කරුණු කාරනා එකතු කරගනිමින් යාච්ඤා කරන්න.අනිවාර්යයෙන් ඔබගේ යාච්ඤාව ප්‍රතිඵල සහිත යාච්ඤාවක් වෙනවා.
මුලින්ම ඔබට හිතින් මේ සියල්ල ගලපාගන්න අපහසු නම් කොලයක් අරගෙන මේ කරුණු ආකාරයට ඔබගේ යාච්ඤාව ඔබම නිර්මාණය කරගන්න..ඊට පසුව ඒ කොලය බලාගෙන උච්චාරණය කරන්න හැබැයී ඕක පුරුද්දක් කරගන්න එපා මොකද එතකොට අපි හැමදාම අර ගිරව් වගේ එකම එක කියව කියවා යාච්ඤා කරයී එතකොට නම් ඒ යාච්ඤාව ප්‍රතිඵල රහිත යාච්ඤාවක් වේවී..මොකද මම එහෙම කියන්නේ අපි එකම සිංදුව හත් අට පාරක් ඇහුවාම ඒක එපාම වෙලා යනවා නේද
ඒ වගේ තමයී ඔබ හැමදාම දෙවියන් වහන්සේට අලුත් යාච්ඤාවක් ඔප්පු කරන්න උත්සාහ කරන්න මම කියලා දුන්නූ විදියට..
එහෙනම් ගැටළු තියනවානම් කමෙන්ට් එකක් දානකො පහලින්
එහෙනම් නොදන්න දෙයක් කියලා දෙන්න අයෙත් එනම්කො ජේසු එක්ක...
එහෙනම් හැමෝටම
ජේසු පිහිටයී !
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
No comments:
Post a Comment