Monday, May 14, 2018

ශු.ජුවාම් පාවුළු පාප්තුමන්ට වෙඩි තැබූ අලී ඇග්කාගෙ සිත් හැරීම

වර්ෂ 1981 මැයි 13...එනම් අදට හරියටම අවුරුදු 17ක්.එදා දිනය මුලු ලෝකයම මහත් සේ කම්පාවට පත් වූ දිනයක්.මුලුලෝකයම හැඩූ දිනයක්.එදින තමයි ශු ජුවාම් පාවුළු පාප් තුමාට තුර්කියෙ ප්‍රසිද්ධ ත්‍රස්තවාදියෙකු විසින් වෙඩි තැබූ දිනය.නමුත් එදා ජුවාම් පාවුළු පාප් තුමා තුවාල පමනක් ලබා නැවත සුව උනා.එතුමගෙ උරහිසට හා උදරයට වෙඩි පාරවල් කීපයක් වැදුනත් උනවහන්සේ එදා ජීවිතය බේර ගත්තා.
උනවහන්සේ ට වෙඩි තැබීම කලේ තුර්කි ජාතික අලී ඇග්කා නම් ත්‍රස්වාදි , අන්තවාදි සාමාජිකයෙක්.
වෙඩි තිබ්බා.වෙඩික්කාරයා නීතියට කොටු උනා.අප පාප්තුමා සුව උනා.
එලෙස කතාව නිම වූයෙ නෑ ...
අවුරුදු දෙකකට පසුව, එනම් 1983 දෙසැම්බර් මාසයෙ දිනයක ශු.පාප් තුමන් විසින් යනවා උන්වහන්සේට වෙඩි තැබූ පුද්ගලයා..අලී ඇග්කා හමුවන්න.ඒ කියන්නෙ පාප් තුමා විසිට් එකක් දානවා අලී ඇග්කට.
ඔහුගෙ සිර කුටිය තුලටම යන්න අප ශුදතුම් පියානන්ට අවසර ලැබෙනවා.උනවහන්සේ ඔහු සමග කතාකරනවා.උනවහන්සේගේ සමාව ඔහුට ලබා දෙනවා.
ඔහුට ලැබිලා තියෙන්නෙ ජීවිතාන්තය දක්වා සිරදඩුවමක්.එමනිසා ජුවාම් පාවුළු පාප් තුමන් කීප වතාවක් ඔහුව මුන ගැහෙන්න යනවා.
යාච්ඤාවේ බලමහිමයට, සමාව ලබා දීමෙ බලයට කල නොහැක්කක් නැත.ඔහු වෙනස් පුද්ගලයකු වෙනවා.පාවුළුපාප්තුමාගෙ දේශනා ඔහුගෙ හිතට දාරණය වෙනවා.
තුර්කියෙ මුස්ලිම් වරයෙකු ලෙස උපත ලද ඔහු ඉතාලියෙ බන්දනාගාරයක් තුල කතෝලිකයෙකු ලෙස බෞතීස්මය ලබනවා.
සිතහරවා ගන්නවා.ජේසුව සොයන්න පටන්ගන්නවා.ජේසු ගැන ඉගන ගන්න පටන් ගන්නවා.
මේ අතරෙ ශුදතුම් පියානන්ගෙ ස්වර්ගස්ත වීම ඔහුට ආරංචි වෙනවා.ඔහු කියනවා එදින වැඩියෙන්ම දුක්වන්නෙ ඔහු කියලා.අඩනවා ගොඩක්..සිරගෙදර නියාමක වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා ශුදතුම් පියානන්ට අවසාන් ගෞරවය දක්වන්න යන්න දෙන්න කියා.ඔහුට අවසර ලැබෙනවා.
පසුව ඔහුගේ යහපත් කල්කිරියාව මත සිර දඩුවම ලිහිල් වෙනවා.තුර්කි ජාතික මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදියෙකු ලෙස හිරගත වන ඔහු කතෝලිකයෙකු වී එලියට එනවා.
ජේසු සමග ජීවිතය ගෙවන්න පටන් ගන්නවා.ශුදතුම් පියානන් ශුද්දවරයට ඔසවන අවස්ථාවට පවා ඔහු පැමිනෙනවා.
ජේසුගෙ දර්සනය ගැන පොතක් පවා ලියනවා.ජේසු ගැන දේසනා කරනවා.ප්‍රසිද්ධියේ යෝජනාවක් කරනවා ඉතාලි ජාතික කාන්තාවකට ඔහු හා විවාහ වීමට.අදවන විට ඉතා දැහැමි පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වෙනවා.ඔහුට ඕනෑම අවස්ථාවක වතිකානය වෙත පැමිනෙන්න පූර්ණ නිදහස අදටත් තිබෙනව.
ජේසු සෙව්වෙත් නැතිවූ බැටලුවො.ඉතින් එදා ශු.ජුවාම් පාවුළු පාප් තුමන් නැති වු බැටලුවෙක් සොයාගන්න ජේසුට උදව් කලා සේ ඔබටත් මටත් කැදවීමක් තියෙනවා ..
යමු ..සොයා යමු...ක්‍රිස්තුස් වහන්සේගේ නැති වූ බැටලුවන් සොයා යමු.
ජේසු පිහිටයි

ජායාරූප පෙල පහතින් නරඹන්න 














No comments:

Post a Comment

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...