Saturday, May 5, 2018

අන්‍යාගමිකයින්ගෙන්ද මුළු මහනුවරම ජනගංගාවක් මෙන් පිරී ගිය පෙරහැරක්


ඔන්න අද කතාව ජුසේවාස් මුනිතුමා අපේ ලංකාවේ කල බලගතු ප්‍රාතිහාර්ය පිලිබදවයී එහෙනම් කියවන්නකෝ හැමෝම

එකතරා අශ්චර්‍යමත් සිදුවීමක්

ගරු ජුසේ වාස් මුනිතුමන් විසින් මාන්තොට ප්‍රදේශයේ අති මහත් කතෝලික බැතිමතුන් පිරිසක් මැද ප්‍රසිද්ධියේ සිදු කළ ආගමික මෙහෙයක් වැනි උත්සවයක් උත්සවයක් මහනුවර දී පැවැත්විය යුතු යැයි අදහස් කළ පියතුමා මහනුවර කතෝලික සංඝ වෙත කැඳවා එතුමන්ගේ මෙම අදහස එම ආයාචනය ඉදිරිපත් කළේය

ලන්දේසින් විසින් සිදුකරන ලද කතෝලික පූජක දඩයම තඹ දොයිතුවකටවත් මායිම් නොකර එසේම ඔවුන්ගේ කෲර වදහිංසා ගැන ඔවුන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරමට වත් දූවිල්ලක් තරමට වත් නොසිතා වාස් පියතුමන් විසින් අති සාර්ථක ලෙස සිදුකරන ලද එම ආගමික උත්සවය ගැන මීට ඉහතදී දැනගෙන සිටි දී දැනගෙන සිටි දහමින් පෝෂණය වී සිටි මහනුවර නායකයන් ද ඒ එල්ලේම පියතුමාගේ අදහසට එකඟ වූයේ ඔවුන්ගේ එඩිතරකම ද මුල් කරගෙනය

තවමත් සංඝ වෙත කැඳවා ගනු  වූ රැලට නොපැමිණි බැටළුවන් පිරිසක් ද ගෙන්වාගෙන දහම් පෝෂණය ලබා දීම මෙම උළෙලේ එක් අරමුණක් බව වාස් පියතුමන් නායකයන් හට පැවසූ ඉක්බි එසේම වේවාඔවුන් ද එක හඩින්ම පැතුවේ එය එසේම වේවා යන්නය

සියල්ලන්ගෙන් ලැබූ ධනාත්මක ප්‍රතිචාරයක් මත අවසන් තීරණය වූයේ ජුනි මස 28 වන දින මහනුවර දෙව්මැදුරේ දී දෙව්මැදුරේ දී ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ මංගල්‍යය ඉතාමත් ගාම්භීරව පැවැත්වීමටයි කෙසේවෙතත් එම කාල සීමාව අධික වර්ෂාවෙන් යුතු සමයක් හෙයින් සැම දෙනාම සිතන්නටත් කියන්න වූයේ තම අභ්‍යාසයට වර්ෂාවෙන් බාධා ඇතිවේද යැයි කියයි එම මානසික දුර්වල දුරුවල සිතුවිලි යටපත් කර ගනිමින් වැහි පිට වැහි දාහක් කඩා හැරුණත් අපේ පල්ලියේ මංගල්‍යය අති උත්කර්ෂවත් ව පවත්වනවා යැයි දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව මුළු මහනුවරම කිතුනු ප්‍රජාවම උළෙලට ලහි ලහියේ සූදානම් වූයේ අසල් වැසි ගම් දනව් වල කිතුනුවන්ටද ආරාධනා කරමිනී.
මංගල්‍යය දාට දින තු ට දින තුනකට පෙර දෙව්මැදුර පමණක් නොව මංමාවත් කීපයක්ද කිතුනු නො කිතුනු සැමදෙනා විසින් අලංකාරව සරසන ලද්දේ  සැලසුම්කරණ ලද පෙරහැර වෙනුවෙනි එහෙත් මංගල්‍යය දිනට පෙර දින පැවති දැඩි ධාරාණිපාත එම සැරසිලි සියල්ලම කැඩී බිදී විසීරී ගියේ සැමගේ දෙනෙතට කදුලක් එක් කරමින්ය. එහෙත් දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කරයුතු කල මෙම පිරිස ශුද්ධව් අන්තෝනි මුනිදුන්ගේ පිහිට පතමින් ඉල්ලා සිටියේ මෙම මංගල්‍යය කටයුතු සාර්තක කර ගැනීමට උන්වහන්සේගේ පිහිට නිර්තුරුවම ලබාදෙන පිණිසය.

සැමගේ එම ප්‍රාර්ථනාව ඉටුවුනී එය ප්‍රාතිහාර්යකී එක වැසි ජල බිදුවක්වත් නැතිවන තරමට ඉතා පැහැබරව උදාවූ ජුනී 28 වන දා එනම් මංගල්‍යය දින කද මලු බැද ගනිමින් සැදැහැවතුන් කෙමින් කෙමින් දෙව්මැදුර වෙත ඇදුනහ.
පෙර දින වර්ෂාව නිසා විනාශ වී ගිය සැරසිලි කර තිබු මග දෙපස් සැරසිලි දෙස බලා කදුලු සැලුව මුත් මංගල්‍යය දින දිව්‍ය පුජාවට සුලු මොහොතකට පෙර එම සැරසිලි තිබුනාටත් වඩා ඉතා අලංකාරවත්ව මග දෙපස සැරසා තිබිම දුටු සැදැහැවතුන් ඒ පෙර දින කදුලු සතුටු කදුලු බවට හැරුනේ එ අලංකාරවත් බව සැදැහැවතුන්ට අදහා ගැනීමට නොහැකිවය.
එම  පෙරහැර මාර්ගයේ ස්ථාන තුනක අලංකාරවත් මංඩප තුනකී අප ස්වාමී දූවගේ ,සා අන්තෝනි මුනිදුන්ගේ,ශුද්ධව් පේදුරු පාවුළු මුනිදුන්ගේ පිලිරූ එහි තැම්පත් කොට තිබුනී.පෙරහැරට සහභාගී වීමට වගෙම එය නැරබීමටද අන්‍යාගමික ජනතාවද ඉතා ඕනෑකමින් යුතුව ජන ගගක් මෙන් ගලාගෙන එන්නට විය . වාස් පියතුමා පැමිණි සැදැවතුන්ට පාපොච්චාරණය හා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කරමින් ආගමික වත්පිළිවෙත් අවසන් කිරීමට ඉක්බිති දෙව් මැදුරට ඉදිරියෙන් පෙරහැර ආරම්භ විය පලමුව ලීයෙන් සාදන ලද කුරුසියක් ඔසවාගත් අයෙකු දෙවනුව එම කුරුසියේ පසුපසින් ඉටිපන්දම් දල්වා ගනිමින් බැතිසිත්න් යාච්ඤා කරමින් ගමන් කරන පිරිසක් එසේම ජුසේවාස් පියතුමා හා ජකෝමේ ගොන්සාල්වෙස් පියතුමන්ලා විසින් නිර්මාණය කරන ලද දේශීය ගීතිකා හා වැයුම් වලින් සැමදෙනා ප්‍රීතීමත් කරන තරුණ පිරිසක් හා අහෝ මාගේ ජේසුනී කන්‍ය මරියනී දේව මෑනියනී හා ශු අන්තෝනි මුනිදුනී ආදී නාම බැති සිතින් උච්චාරණය කිරීම නිසාද පෙරහැර ආගමික හා අධ්‍යාත්මික පසුබිමකින් පිරී ගියේය.
 ඒ වගේම තම්මැට්ටම දවුල් බෙර වාදන වලින්ද කස කරුවන්ගෙන් හා ගිණිබෝල කරුවන්ගෙන් පෙරහැර ඇලංකාරවත් කර ගැනීමට වාස් පියතුමා අමතක නොකලහ. මේ ආකාරයට ඉතා අලංකාරවත්ව සාම කාමීව ගමන් ගත් පෙරහැර අලංකාරවත්ව සදා තිබු මංඩප ලග නැවතී යාච්ඤා කරමින් ඉදිරියට ගමන් කලහ.

අන්තෝනි ඩ් ඔර්ටා  නීතී අංශයේ සේවය කල අයෙකු පෙරහැර අවසාන වූ සැනින් ආහාර පාන පරිත්‍යාගය කරමින් ඒ සියල්ලන්ගේ ගත සිත පිනවීම තවත් එක් සතුට දනවන කරුනක් විය..

මෙම වාර්තාගත එසේම දේශීය කලාවටද ඉතාම විශිෂ්ට ස්ථානයක් ලබා දෙමින් වාර්තා ගත ජනගංගාවකින් යුතුව පැවති ආගමික මංගල්‍යය පිලිබදව රට පුරා පැතිරී ගියේ එක් නිමේශයකිනී.
මුළු කිතුනු සංගයම දෙව්යන් වහන්සේට තුති ප්‍රශංසා කලේය

1 comment:

  1. I wont to help to poor peoples life time.any country.

    ReplyDelete

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...