Saturday, May 5, 2018

හෙල කුල ක්‍රමයට විරුද්ධ වූ පෘතුගීසි මිෂනාරි පියතුමන්ලා

   
 

පෘතුගීසින් යනු දෙවියන්ට ඉතාම ලැදි භය පක්ෂපාතී  ජාතියකි.ඔවුන් සැමවිටම දෙවියන්ට මුල් තැන දුන්නෝය.පෘතුගීසින්ගේ එකල ප්‍රධාන ව්‍යාපාරය වූයේ මුහුදු යාත්‍රා  මගින් රට රටවල සංචාරය කර විවිධ  භාණ්ඩ ඔවුන්ගේ රටට ගෙනගොස් වෙළඳාම් කිරීමයි.එම මුහුදු ගමන් සමහර විට මාස දෙක තුන මුහුදේ ගත කිරීමට සිදුවිය.  
එ් හේතුවෙන් ඔවුන්ට ඉරිදා දිව්‍ය පූජාව අතපසු විය.දිව්‍ය පූජාව අතපසු කිරීම මහා බරපතළ පාපයක් ලෙස ඔවුහු සිතුවෝය.ඒ දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන් තුළ තිබූ දැඩි භක්තිය නිසාවෙනි.
   එම නිසා එයට පිළිියමක් ලෙස ඔවුන් තම පූජා ප්‍රසාදීන් සමඟ සාකච්ඡා කොට ගරු පියතුමෙක් ඔවුන්ගෙ මුහුදු ගමනට සහභාගි කර ගත්තේය.
              කතෝලික පියතුමෙක් යනු ආරාධනා ලද කුමන ස්ථානයකට හෝ ගොස් තම සේවය කරන තැනැත්තෙක් මිස තම වාසි ප්‍රයෝජන පසුපස දිව යන්නෙකු නොවේ. එතුමන්ට වාසය කිරීමට නියම කළ එක් පල්ලියක් හෝ කුමක් හෝ ස්ථානයක් නොමැත.ලොව  කොහේ ,තැනක හෝ ගොස් ඔවුන්ගේ අධ්‍යාත්මීක සේවය ලබා දීමට ඔවුන් දෙවියන් ඉදිරියේ පොරොන්දු දී කැපවී සිටියි.එම නිසා එම මුහුදු පූජාවට පවා නොපැකිලිව එදා එම පෘතුගීසි පියතුමන්ලා ඉදිරිපත් විය.පෘතුගීසින් විසින් මුහුදේ දී ඉරුදින එලෙස එම පියතුමන්ලා සමඟ දිව්‍ය පූජාවට සහභාගි වෙමින් ඉරුදින නිවාඩු දිනයක් ලෙස ශුද්ධවන්ත ලෙස ගතකරමින් මුහුදේ නැංගුරම් ලා ගත කලහ.
එලෙස අතීතයේ ලොරෙන්සෝ ද අල්මේදා නම් නාවිකයෙකු යටතේ නැව් නැගි කන්ඩාමකට නොසිතූලෙස තම නැවේ සිදු වූ දෝෂයක් නිසා නැව නැංගුරම් ලෑමට සිදුවිය.පෙරදිගට යන ගමනේදී ඔවුන්ට හමුවූ සුන්දර වෙරල තීරයක ඔවුන් නැව නැංගුරම් ලෑමට තීරණය කලේය.ඒ අපගේ සුන්දර ලක්දිව වෙරළ තීරයම වීම මහත් වාසනාවකි.එය හැබෑවටම ලක්දිව අහිංසක ජනතාව වෙත දෙවියන් වහන්සේගේ දූතයෙකු පැමිණීමක්ම විය.
             ඔවුන් නැව නවතා වෙරළට වී ආහාර පාන ගන්නා අතරතුර ලාංකීය වැසියන් මුණ ගැසිණි .ඔවුන් සමග සුහදව කතාබහ කළ ඔවුන් එම පිරිස ලංකාවේ එදා රාජ්‍ය නායක රජතුමාට සම්බන්ධ  කලෝය.පසුව විවිධ  වෙළඳ ගිවිසුම් මගින් ඔවුන් ව්‍යාපාර කිරීමට පටන් ගත්තේය.පෘතුගීසි ජාතිකයන්ට අප රටේ ජිවත් වීමටද අවස්ථාව හිමිවිය.
         කැලේ මාරු වුවද කොටියාගේ පුල්ලි මාරු නොවෙන කතාවක් අප අසා ඇත.
එය සත්‍යකි.එලෙසම පෘතුගීසින් ගේද පුල්ලි මාරු වූයේ නැත.ඔවුන් ඔවුන් ගේ සිරිත් විරිත් එලෙසම කරගෙන ගියෝය.
        ඉරුදින නිවාඩු දවසක් ලෙස ගත කල ඔවුන්,ඔවුන්  සමඟ පැමිණි පියතුමන්ලා සමඟ එක්ව සුපුරුදු  දිව්‍ය පූජාව පැවැත්වීය.සත්ප්‍රසාද වහන්සේ බෙදා ගත්තෝය.ගීතිකා කිව්වෝය.
           මෙම සිද්ධීන් දෙස එදා ලාංකික පිරිස අමුතු ඇසකින් බලන්නට විය.මේ දේවල් ගැන යම්කිසි ඇල්මක් දක්වන්නට විය.
              ඊට ප්‍රධානම හේතුව වූයේ එදා රට පුරා පැවති කුළ වාදයයි.විවිධ  කුළයන් ලෙස එදා ලාංකික ජනයා වෙන් කර තිබුනද , පෘතුගීසින්ට සියල්ලන් එක හා සමාන විය.සියල්ලන් හෙළයන් ලෙස පමණක් දැකීය.
ඔවුන්ගෙ ඒ නොබෙදූ ක්‍රියා කලාපය අගය කල පිරිසක් ඔවුන් සමඟ අත් වැල් බැඳ ගැනීමට ඉදිරිපත් විය.ඔවුන්ගෙ දහම ඉගෙනගැනීමට ඉදිරිපත් විය.කලින් සඳහන් කලා සේ කිතුණු පූජකයා සරණාගතයෙකි.ඔහුට නිශ්චිත තැනක් නැත.ඔහු ලෝකේ ඕනෑම තැනක තම අධ්‍යාත්මීක සේවය ලබා දීමට කැපවී ඇත.
          එලෙස සිත් හැරීමෙන් හා ක්‍රිස්තු පිපාසයෙන් පැමිණි  සියල්ලන්ට එදා ඒ පියවරුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභ ආරංචිය දේශනා කලෝය.උන්වන්සේගේ වචනයේ පංගුකාරයන් වීමට කැමති සියල්ලන්ට බෞතීස්ම ස්නාපනය ලබා දුන්නෝය.
           මෙලෙස කිතු දහමේ පංගු කාරයන් වූ බොහෝ දෙනා වෙරළබඩ අහිංසක ජනයා විය.ඊට ප්‍රධාන හේතුව වූයේ ද  එදා ජනයා අතර තිබූ කුළ භේදයයි.වෙරළබඩ ජීවත් වූ ධීවර ජනතාව පව් කාරයන් සේ සලකා වෙන්කර තිබුණු  සමයක ඔවුන්ටද නොදැනෙන සේ ඔවුන්ගේ වටිනාකම පෘතුගීසින් හා පැමිණි  පියවරුන් පෙන්වා දුන්නෝය.සකල ජනයාම සමාන බව ජේසුගේ සුභ ආරංචිය මගින් ඔවුන්ට කියා දුන්නෝය.
  මෙලෙස කිතුණුවන් වු ජනතාව හෙලදිවෙහි පළමු කිතුණු කන්ඩායම විය.ඔවුන් ගේ පරම්පරාව අද දක්වා වර්ධනය වෙමින් පවති.
    " යන්න , ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න .පියාණන් ගේ ද පුත්‍රයාණන් ගේද නාමයෙන් ඔවුන් බෞතීස්ම ස්නාපනය කරන්න " යන ජේසු වදන් අකුරටම පිළිපදිමින් ඔවුන් ලක්දිව කිතු සසුන බැබලවීමේ පුරෝගාමීන් විය.    

No comments:

Post a Comment

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...