දේව මාතාවන්ගෙ පිංතූරයක් මුහුණු පොතට කවුරුන් හෝ මුදාහැර තිබෙනවා දුටු සැනින්, ඔබ දැක ඇත.කොපමන නම් දේව මාතාවන්ට ඔවුන් වයිර කරනවාද කිවහොත් සමාජයෙ කුනු හර්ප ලෙස ගනන් ගැනෙන ඉතා පහත් වචන වලින් පවා ආමන්ත්රණය කල අවස්ථා අප ඇස් දෙකෙන් ඕනෑම තරන් දැක ඇත.( අපගේ පිටු සහ සමූහ තුල ) ඒවා ප්රසිද්ධ කිරීමෙන් අනතුරුව එවැනි දේවල් වලින් ඔවුන් යම් ඈත් වීමක් දක්නට ඇත.නමුත් ඔවුන්ගෙ හිත් තුල ඇත්තේ එම පරණ අදහස්ම පමනක් බව , ඔවුන් සමග නිතර ගැටෙන්නෙකු වසයෙන් මා විස්වාසයෙන් ප්රකාස කරමි.
වීසා අහිමි වී පිටරට වල අසරන වී සිටින විට ගොඩාක් අය හැංගෙන්න යන තැනක් තමයි මූලදර්මවාදින්ගෙ දේශනා කාමර.එයාලා ඒවට පල්ලි කියලත් කියනවා.අන්න එහෙම අසරන වෙලා එන අන්යාගමික මිනිසුන් ඉතා ආදරයෙන් පිලිගන්න ඔවුන් හිමිහිට ඔවුන්ට උදව් කොට , වීසා අරන් දී රැකියා වලට පවා යොදවනවා...හොදයි ..ඇත්තටම හොද දෙයක්.යහපත් දෙයක්.අන්යන්ට උදව් කිරීම ඉතා හොද දෙයක්.
මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේ කියලා පරන කතාවක් ඔයාලා අහලා ඇතිනෙ.ඔන්න ඉතිම් හිමීට අර කොල්ලො කෙල්ලො පඩියක් ඒම ගත්තට පස්සෙ ස්මාර්ට් පෝන් එකක් ඒම අරන් අර අහවල් දේසන සාලාවෙ මහ තැන කියපුවා කොටනවා දිගට හරහට හෙලකුරු ගලපලා.තව ඒ අතරෙ ප්ලේස්ටෝර් එකෙන් බා ගත්ත අර මහ තැන කිව්ව බයිබලේ කෑලි කොපි කර කර පේස්ට් කරනවා.ටිකක් දිගට කොටනවා , බලන් ඉන්න අයට පොඩ්ඩක් දැනුවත් ඩෑල් එකක් කියන එක ඒත්තු යන්නත් එක්ක.පොඩ්ඩක් නැවතිලා කියෙව්වොත් එකම තමයි ඉතින් විවිද වචන වලින් දිගට කොටල තියෙන්නෙ.
කියන්න ගියේ එයාලා ගැන නෙමෙ, ඒත් දැනුවත් වීම වටින නිසා ලියන්න සිතුනා.
දේව අම්මා..දේව අම්මා කියන්නෙ ලෝකෙ කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි කෙනෙක්.දේව දූතයෝ ඈට ආමන්ත්රණය කරන්නෙ #විපුල_වරප්රසාද ස්ත්රිය කියලා.දේව මාතාවන්ගෙ වැදගත් කම කතෝලික අපට නම් අලුතෙන් කිව යුත්තක් නොවෙයි.
ජොහාන් තුමාගෙ පලමු ලිපියේ ඈ ගැන මෙසේ පලවෙනවා
12 ඔබ වෙත ලියා එවන්නට මට බොහෝ කාරණා ඇත. ඒවා කඩදාසියක තීන්තෙන් ලිවීමට වඩා, අපේ ප්රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ මුණගැසී කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.
13 ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති.
ඔබ තෝරාගත් සොයුරියගෙ දරුවො.කා ගැනද මේ කියන්නෙ, කව්ද මේ දරුවෝ...
ශුද්ධ වූ සභාවෙ සමාරම්භක අවස්ථාවෙ සිටම ඈ අප සමග සිටිනවා.එදා සේනාකුලු සාලාවෙ ශුද්ධ වූ සභාව ආරම්භ වෙද්දි , ශුද්ධාත්මයානො වැඩම කරන්න පෙර , බයෙන් ඉන්න අපේ පලමු පූජකවරුන් වන අපෝස්තුලුවරුන් බියෙන් වෙව්ලද්දි ඔවුන්ගෙ සක්තිය වෙන්නෙ දේව අම්මා...මොකද ඔවුන් දැන සිටියා ඒ කුසෙන් තමයි දේව පුත්රයා මෙලොව එලිය දුටුවෙ..ඇගෙ කුස තමයි පලමු සත්ප්රසාද මන්ඩපය කියා.ඔවුන් බය උනා..නමුත් එදින ඔවුන්ට සිටිය එකම හයිය උනේ දේව අම්ම...
දේව පුත්රයා මෙලොවට ගෙනාපු අම්මට බලයක් නෑ කියලා ඔබ හිතනවාද ....මෝක්ෂයෙ සිට සාතන්ගෙ බලය පිටු දැකීමට අපිට හයියක් වීමට ඈට බැරිද..මෝක්ෂයෙ සිට අසරන අපිට පනිවිඩයක් රැගෙන මෙලොවට ඒමට ඈට බැරිද ......එසේත් නැත්තන් අර යෙහෝවා විටන්ස්ලා කියනවා වගේ , එලිදරව්වෙ කියන අවසානයේ එන ඔලු හතේ මකර ගෑනි ඈද....
තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා දෙවියන්ගෙ කැමැත්ට ඉඩ දීලා ඔබ කී ලෙස මට සිදුවේවා යැයි කීයා මෝසෙස් ගෙ නීතිය ගැනද හොදින් දැන එදා ඒ වගකීම බාර ගත්ත ඈ ස්වර්ගයට වී පාඩුවෙ සිටීද ????
නෑ ...එහෙම නෑ...ඈ මෙලොවට පැමිනි වාර අනන්තයි.විවිද තෝරාගත් පුද්ගලයන් සොයා ඔවුන්ට දර්ෂනය වී ලොවට පනිවිඩයක් දී ගිය වාර අනන්තයි.
ජොහාන් තුමාට වගේ මටත් ලියන්න තියෙන දේ නම් අනන්තයි දේව අම්මා ගැන , දේව අම්මට කියලා මම ජේසුගෙන් ඉල්ලගත්ත දේවල් ගැන.වෝල් එක පවා මදිවේවි.
අවසාන වසයෙනුත් කියන්නෙ, දේව අම්මට ගරු බිය පාන්න.එතුමිය නිතර අප වෙනුවෙන් මැදිහත් වේවි.එතුමියගෙ දර්සන තුලින් අපට ලැබුන ලොකුම තෑග්ගක් තමයි ජපමාලය.සාතන්ට ගහන්න තියෙන තුවක්කුව.හැකි තරන් ජපමාලය බක්තියෙන් උච්චාරනය කරන්න.
බයිබලයේ ලියලා නැති උනටා ජපමාලය කියන්න කියලා, ජපමාලය තුලින් අපට පුලුවන් සාතන් පරාජය කරන්න, ආපි අපේ සිත නපුරාගෙන් රැක ගන්න.ඒම කලා කියලා ජේසු තරහා වෙන්නෙ නෑ....ජේසුට පිස්සු නෑ තමන්ගෙම මිනිසත් මව තුලින් උන්වහන්සේ වෙත එන දරුවන්ට දඩුවන් කරන්න.තව දෙයක් තමයි උන්වහන්සේ වෙත එනවා කියන්නෙ පාරක් දිගේ ඇවිදගෙන ස්වර්ගයට යනවා නොවෙයි.සරලවම කියනවනම් සාතන්ව පරාජය කිරීමයි උන්වහන්සේ වෙත යන්වා යන්නෙහි නියම අරුත.අපිට තිබ්බ පරීක්සා තමයි...
යක්ෂයා , මාංශයා , ලෝකයා( බයිබල් කාරයා)
සටහන = උමේෂ් දනුශ්ක
කතෘ අයිතීන් සුරකින්න
No comments:
Post a Comment