Sunday, May 20, 2018

මූලදර්මවාදීන්ට ලියමී


මරිය තුමියට ගෞරවය කිරිම වරදක් වේද?

*මුලදර්මවාදින්ගේ දුර්මතය :
දෙවියන් වහන්සේට හිමි වන්දනාව මහිමය හා ගෞරවය අන් කිසිවෙකුට නොදිය යුතුය යැයි ප්‍රකාශ කල සේක (නික්.20,05 යෙසා.42,8)
මරියා පවුකාරයෙක් ය ඇ සාමාන්‍ය මිනිස් ලදකි එබැවින් ඈට විශේෂ ගෞරවයක් වන්දනාවක් නොකල යුතුය රෝ.කතොලික සභාව ශු.බයිබලයට පටහැනිව ක්‍රියා කරමින් ඇය දේවත්වයෙන් සැලකිමටත් කන්‍යාති කන්‍යාව ලෙස ඇමතිමත් කිසි සේත් යුක්ති සහගත නොවේ

*මුලදර්මවාදින් ගෙ දුර්මතයට පිළිතුරු :

සියවස් ගනනාවක ඈත අතිතයක දිව යන කතොලික සභාව එහි මුල බිජය පටන් අද වන තුරැ කිසිදු ආකාරයකින් මරිය මවුන් දේවත්වයෙන් සැලකු බවත් දැක්විය  නොහැක එසේ කරන යමෙක් ඇත්නම් එය කිසි සේත් අප අනුමත නොකරන බව කිව යුතුමය අපගෙ පලමු වන්දනාව හිමි විය යුත්තෙ එකම දෙවියන් වහන්සේටය මැවුම් කරැවානන්ට හිමි වන්දනාව මැවිමක් වු මරිය වහන්සේට දිමෙන් අප පළමු පනත කැඩිමක් ද සිදු වේ
එනමුදු මරිය වහන්සේ යන උත්තරිතර කන්‍යාවකට ගරැ බුහුමන් දැක්විමටද අපි මැලි නොවෙමු දේව පුත්‍රයානන් මෙලොවට බිහි කිරිමට තරම් අති උත්කෘෂ්ට දේව වරමක් ලැබු එකම තැනැත්තියට කිතුනු අපේ ගෞරවය අහිමි වන්නේ නම් ඊට හිමි කම් කියන වෙන කිසිවෙකු මෙලොව සිටිය හැකිද
ගැලවිමේ කාර්යට සහභාගි කිරිමට දෙවියන් වහන්සේ අනාදියේ සිට මෝසේස් ,ස්නාවක ජුවාම් යන අය තෝරා ගත්තා නම් උන්වහන්සේ කුස දැරිමට තෝරා ගත් මවු මරියා අනාදියේ සිට තෝරා ගත් අයෙක් නොවේද?
ලොව පහලවු සියලු දූ වරැන් අතරින් තම මැණියන් විය යුත්තේ කවුරැන්දැයි තෝරා ගැනිමේ වරය ලැබු එකම තැනැත්තා ක්‍රිස්තුන් වහන්සේ ය
එතුමානෝ තම මව විමේ භාග්‍ය ලැබිම සදහා තෝරා ගත්තේ යස ඉසුරින් අග තැම්පත් සිටු කුමරියකු නොව චාම් බව නිසල බව ,නිමල බව ,බැගැ බව වැනි සුවහසක් මිනිස් සදහම් ගුණ සුවදින් පිරි සාමාන්‍ය ලදක් වු නාසරෙත් හි මරියාවන් ය
සියලු කාන්තාවන් අතරින් මරියා නැමති උත්තරිතර කාන්තාවට ශු.ලියවිල්ලේහි අග්‍ර ස්තානයක් හිමි වි ඇතැයි යන කතොලික ස්ථාවරය ශු.ලුක් තුමාගෙ සුවිශේෂයේ පලමු පරිච්ඡේදයේ එක් එක් පදයක් ගෙන විග්‍රහ කිරිමෙන් මැනවින් සනාථ වේ
"සවැනි මස ග්‍රාබ්බ්‍රියෙල් නම් දේවදුතයා දෙවියන් වහන්සේ විසින් කන්‍යාවක වෙත යවන ලදි ඒ කන්‍යාවගේ නම මරියාය "
මෙසේ දෙවිදුන් විසින් විශේෂ පනිවිඩකාරයෙකු මගින් පනිවිඩයක් යැවිමට තරම් ඇ දෙවිදුන් ගෙන් පනිවිඩයක් ලැබිමට තරම් ඈ භාග්‍යවන්තද
"ග්‍රාබ්බ්‍රියෙල් නම් දේවදුතයා දාවිත් රජ පරපුරෙන් පැවත එන මනුශ්‍යකුට විවාහ ගිවිසුම් දි සිටි කන්‍යාව වෙත යවන ලදි " ඉශ්‍රායෙල් වරැන් මෙසියස් තුමා පතා සිටියේ දාවිත් රජ පරපුරෙන් ය එසේ ශ්‍රේෂ්ඨ පරපුරෙන් එන ජෝසප් හට විවහා බස් දීම තුලිනුත් එතුමියට හිමි වුයේ ඉමහත් ගෞරවය ප්‍රසාදයකි
දේවදුතයා ඇ සිටි තැනට පැමින "විපුල ප්‍රසාද ලත් උත්තමිය" ලෙස අමතයි දෙවියන් වහන්සේ විසින්ම ප්‍රසාදයෙන් පුර්නවන්තනිය යනුවෙන් අමතනු ලැබිමට ත් ගෞරවයට පත් වු එතුමිය අපගේද ගෞරවයට පත් විම සර්ව සාධාරන නොවන්නේද ?
"ඔබට මංගලම් වේ " මෙහි අර්ථය අති ප්‍රශංසනිය ඇමතුමකි උතුම් තැනැත්තෙකුට පිදෙන උත්තමාචාරයකි මෙසේ උන්වහන්සේ ගේ දුතයෙකුම ආචාර කිරිමට තරම් මරිය තුමිය ශ්‍රේෂ්ඨ වුවාය
"ස්වාමින් වහන්සේ ඔබ සමඟය "
ගැලවිමේ කාර්යට සම්භන්ද වු දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබු එතුමන්ට සමිපව සිටි පුජකවරැන්, දිවැසිවරැ ,හා රජ වරැන් ට දේව සංරක්ශනය බලය වරප්ප්‍රසාද  පැවති බව ප්‍රකාශ කරන යෙදුමකි
උදා:- ස්වාමින් වහන්සේ ජාකෝබ් අමතා මේසේ කිය "මෙන්න මමද නුබ සමග සිටිමි"
දෙවියන් වහන්සේ මෝසෙස්ට උත්තර දෙමින් "මෙන්න මම නුබ සමග සිටිමි "මා නුබ එවු බව දැන ගැනිම පිනිස නුබට දෙන ලකුන මෙයවේ
ජාකෝබ් මෝසෙස් මෙන්ම මරියාද ගැලවිමේ කාර්යට මහගු සේවයක් කිරිමට දෙවිදුන් තෝරා ගත් අය වේ
මරිය තුමිය සාමාන්‍ය ලදක් පමනි එතුමියට විශේෂ ගෞරවයක් හිමි විය යුතු නැතැයි තර්ක කරන සියලු දෙනා දැන ගත යුත්තේ "දෙවියන් වහන්සේට නොකල හැකි කිසිවක් නැතැයි " "ඔබ වනිතාවන් අතර ආශිර්වාදය ලද්දිය ඔබ කුස ඔත් දරැ පලයද ආශිර්වාදය ලද්දිය මාගේ ස්වාමින් වහන්සේගේ මැණියන් මා වෙත පැමිනිමට තරම් මා කවරෙක් ද" මෙසේ මවු මරියාවන්ට ගෞරවය දැක්වුයේ එලිසබෙත් තුමියය ඉතින් ඇ ගැන දෝශ මතු කරන යමෙක්ට මෙය පැහැදිලි නිදසුනකි

ජෙසු පිහිටයි!

4 comments:

  1. මෙන්න ඔබේ අම්මා..
    ජේසු කිව්වෙ කුරුස ගසේදි

    ReplyDelete
  2. මෙන්න ඔබේ අම්මා..
    ජේසු කිව්වෙ කුරුස ගසේදි

    ReplyDelete

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...