Saturday, June 16, 2018

ක්‍රිස්තු අභිරහස තුල මරියෝත්තමාවෝ 01


ශුද්ධ  ලියවිල්ලෙන්ද සභාවේ මුඛපරම්පරාගත සම්ප්‍රදායන්ගෙන්ද මරියතුමියගේ  කාර්යභාර්ය ක්‍රමයෙන් පැහැදිලි  වෙයි. මෙසියස් වහන්සේගේ පැමිණිම සදහා ලෝකය සූදානම් කරන අයුරු ශුද්ධවූ බයිබලයේ පැරණි  ගිවිසුමේ දැක්වේ . ඒ තුළින් මරියතුමී දැරූ ස්වරූපය ද පැහැදිලි කරයි. ඒදන් උයන පිලිබඳ උපමාවේ සර්පයාගේ හිස පොඩිකරන ස්ත්‍රීයගේ වංශය තුල මරියතුමියගේ පුර්ව ස්වරූපය සභාව දකියි. "ස්වාමින් වහන්සේ නුඹලාට ලකුණක් දෙන සේක .බලන්න  කන්‍යාවක් පිළිසිඳගෙන පුතෙකු  බිහි කරන්නීය.එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.,, (යෙසායා 7:14)
  මෙසේ කියන ලද්දේ  මරියතුමියටය....
        පාපය හා මරණය ලොවට ඇතුළු වුයේ ස්ත්‍රීය හේතුකොටගෙනය.එම නිසා ස්ත්‍රීයක් මගින් ජීවනය දීම සදහාද ,එම ස්ත්‍රීයගේ කැමැත්ත දෙවි පියාණන්ට අවශ්‍ය විය. මෙම සැලස්ම තුල මරියතුමිය විශිෂ්ට වේ. ජීවනයේ උල්පත වන ධර්මයාණෝ ඕතුමිය තුල මාංශගත වුහ. එම උතුම් තත්වයට අවශ්‍ය වු වරප්‍රසාද දෙවියන් වහන්සේ එතුමියට දානය කල සේක.
මරියතුමිය දෙවියන් වහන්සේගේ උතුම්ම මැවිල්ල වූ බව සභාවේ පිළිගැනීම යි.ඇය මවුකුස පිළිසිඳ ගත් මො⁣හොතේ පටන්ම ශුද්ධවන්තව සිටියාය . මේ අනුව දේව දූතයා විසින්  "විපුල ප්‍රසාද ලද්දී " වශයෙන් ඇය අමතන ලදී. දේව පුත්‍රයාණන්ගේ් මාතාව වීම සදහා දෙවියන් වහන්සේ ඇයව සියලුම වරප්‍රසාදයෙන් පූර්ණ කල සේක. කිර්ස්තු වර්ෂ 1854 දෙසැ.08 වන දින "ඉන් එෆා බිලිෂ් දේවුස් "  නැමැති ලේඛනය මගින් 11වන පියුස් ශුද්ධෝත්තම පියතුමා "මරියතුමීගේ නිර්මල පිළිසිඳීම" සභාවේ සත්‍යයක් ලෙස ප්‍රකාශ කලේය .
මිනිස් වර්ගයාගේ ගැළවුම් කරුවාණන් වු ක්රිස්තුන් වහන්සේ දිනා දුන් ගැළවීම අරභයා, පූර්ව ප්‍රතිඵලයක් ලෙස දූතයා පල කරන ලද සුවිශේෂ දීමනා හා වරප්‍රසාද හේතු කොට ගෙන   එතුමිය පිළිසිඳගත් මො⁣හොතේ සිටම ජන්ම පාපය හා බැදි සියලු පාප කිළුටෙන් ආරක්ෂා කරන ලද බව, දෙවියන් වහන්සේ විසින් එළිදරව් කරන ලද සත්‍යතාවක් බව ප්‍රකාශ කෙරුණි . මෙම ප්‍රකාශනයට අනුව එතුමියව පරිශුද්ධ කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේ විසින්  මතු දිනකදී ඉටු කරනු ලබන ගැලවීමේ කාර්යයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඉදිරියට 👉............ .......... ...........

No comments:

Post a Comment

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...