Monday, December 3, 2018
දෙසැම්බර් 4 වන දින සුබ අස්න – ශු. ලූක් 10:21-24 මෙනෙහි කිරීම
දෙසැම්බර් 4 වන දින සුබ අස්න – ශු. ලූක් 10:21-24
21 ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, ”ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය. 22 මාගේ පියාණන් වහන්සේ සියල්ල ම මට පවරා දී තිබේ. පුත්‍රයාණෝ කවරෙක් දැ යි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදනිති. එසේ ම පුත්‍රයාණනුත්, පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරාගනු ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැ යි නොදනිති”යි වදාළ සේක. 23 එවිට උන් වහන්සේ ශ්‍රාවකයන් සමඟ තනියම සිටිය දී ඔවුන්ට කතා කොට, ”ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්ත ය. 24 මෙය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ”යි වදාළ සේක.
මෙනෙහි කිරීම 👇
මේ බලාපොරොත්තුවේ කාළයයි මොනවාද අපි බලාපොරොත්තු වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන විරාජමාන ආගමනය අද සුපුවත අපිට කියන්නේ මොකක්ද එය මෙනෙහි කරමු
අද සුවිශේෂය ට අනුව දේව පුත්‍ර භාවය එළිදරව් වෙනවා ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධාත්මයානන් ගෙන් පූර්ණ වී පියාණන් වහන්සේ අමතනවා " ස්වර්ගයටත් පොලොවටත් අදිපති වූ පියාණනි ඔබ මේ දේ පැණවතුන් හා නැණවතුන් ගෙන් ආවරනය කොට බාලයන්ට අනාවරණය කල බැවින් ඔබට තුති පුදමි " බලන්න එදා ස්වාමින්වහන්සේ කුඩා දරැවෙකු පෙන්වා කිවෙත් මේ දරැවා වගේ වෙන්න ස්වර්ගිය සැප සම්පත් හිමි වෙනවා ඒවගෙම උන්වහන්සේ මෙතනත් කියන්නේ කුඩා දරැවන් මෙන් වෙන අයට දේව අනාවරණය ලැබෙන බවයි
අප ස්වාමින් වහන්සේ ජිවිතයේ ලගින් තියාගත්තේ කාවද දිවරයන් බදු අය කරන්නන් වැනි අධර්මයේ ගිය අයවයි
අතිතයේ ආදි මව් පියන්ගේ පාපය නිසා දෙවිඳුන් පොරොන්දුවක් වෙනවා ගැලවුම් කරැවෙක් එවන බවට ඉතින් එදා ඉදන් මිනිස්සු බලාගෙන හිටියා උන්වහන්සේ වඩින තෙක් රජවරැ දිවැසිවරැන් බොහෝ දෙනෙක් ගැලවුම් කරැ බලාපොරොත්තුවෙන් සිටියා නමුත් උන්වහන්සේ දකින්නටත් උන්වහන්සේගේ දේශනා අහන්නටත් භාග්‍යය ලද්දේ මේ සාමාන්‍ය දුප්පත් මනුස්සයායි
බලන්න තමන්ගේ ජිවිතය වෙනස් කරගන්නකොට ආකල්ප වෙනස් කරගන්නකොට අන් අයට උදව් කරමින් සහයොගයෙන් ජිවත් වෙනකොට සිතින් බාලයෙක් වෙනකොට ජේසු අපි වෙතට එනවා දේව අනාවරණය අප තුල සිදු වෙනවා මම පුංචි උදාහරණයක් කියන්නම්
එක මනුස්සයෙක් හිටියා ඔහු හොද පවුල් ජිවිතයක් ගත කලා ඉතින් අග හිග කම් බොහොමයි රට යන්න උත්සහ කලා නමුත් අවස්තාවක් ලැබුනේ නැ මේ මනුස්සයා ජිවිතය තුල ජෙසුට පලමු තැන දීලා තිබ්බා කොච්චර පල්ලි ආවත් වැඩක් උනේ නෑ තමන්ගේ බලාපොරොත්තුව ඉශ්ට උනේ නැ දවසක් මෙයාගේ යාලුවෙක් මෙයාට කියනවා තැනක් තියෙනවා එතනට යමු ඉක්මන් ප්‍රතිපල ලැබෙනවා ඉතින් මේ මනුස්සයා තමන්ගේ යාලුවා මත විශ්වාස කොට ඒ තැනට යනවා ඔන්න එතනට ගියා විතරයි රට යන්න අවස්තාව ලැබෙනවා මොහු රට යනවා කාළය ගෙවිලා යනවා ඔන්න ආයි ලංකාවට එනවා එන්නේ කෙලින්ම පල්ලියට ඇවිත් පියතුමාට කියනවා ෆාද මම හැමදාම පල්ලි ආවා මට රට යන්න අවස්තාවක් ලැබුනේ නැ නමුත් මගේ යාලුවෙක් තැනක් කිවා මම එතනට ගියා ගියා විතරයි මට අවස්තාව ලැබුනා රට යන්න ඒත් මම රට ගියාම මගේ බිරිඳ මාව දාලා ගිහිල්ලා මට හැමදේම නැති උනා
ඉතින් බලන්න දෙවිඳුන් හොද පවුල් ජිවිතයක් ලබා දුන්නා ඔහු අනවශ්‍යය දේ සොයා ගියා දේව අනාවරනයට පිටුපැවා ජිවිතයේ අපට ලැබෙන දේ ගැන ප්‍රසන්න වෙනවා මිස නොලැබෙන දේ ගැන බලාපොරොත්තු තියාගන්න හොද නැ .
මෙම අසිරිමත් නත්තල් කාළය තුළ අපි සිතට ගමු
මානය පසෙක ලා සත්‍යය ජිවත් කරන්නටත් ,
දෙවිඳුන්ගේ අනාවරණය බැගැ සිතින් පිලිගන්නටත් ,
පලිගැනිම නොව සාමය හා සතුට බෙදා දිමටත් ,
කුඩා දරැවෙකු සේ ජිවත් විමටත් ,
විශ්වාසය තුළ ජිවත් විමටත් අධිෂ්ඨාන කරගමු
" මෙලොව ඔබට වස්තු රැස් නොකරගන්න මලකඩ ද කාවෝ ද ඒවා කාදමති සොරු ද උමං කැණ ඒවා සොරාගනිති එහෙත් ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කර ගන්න එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති ඔබේ වස්තුව කොතනද ඔබේ සිතත් එතනය"
ඔබ සැමට අර්ථවත් නත්තල් සමයක් වේවා
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
No comments:
Post a Comment