Sunday, December 9, 2018
අද දෙසැම්බර් 10 ශු.සුවිශේෂය ශු. ලූක් 05-17:26 මෙනෙහි කිරීම
අද දෙසැම්බර් 10 ශු.සුවිශේෂය
ශු. ලූක් 05-17:26
17 එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ.18 එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. ඔව්හු ඔහු ඇතුළට ගෙනවුත් උන් වහන්සේ ඉදිරියෙහි තබන්න සෙවූ හ.19 එහෙත්, සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට මඟක් නොදැක පියස්සට නැඟී සෙවිල්ල ඇර, ජේසුස් වහන්සේ ඉදිරියෙහි පිරිස මැදට මෙට්ටයත් සමඟ රෝගියා බැස්වූ හ.20 උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ''මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි වදාළ සේක.21 එවිට විනයධරයෝ ද පරිසිවරු ද, ''දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ''යි විවාද කරන්න පටන්ගත්හ.22 ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, ''ඔබේ සිත් තුළ මෙසේ විවාද කරන්නේ මන් ද?23 වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද?24 එහෙත්, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණිස මම මෙය කරමි''යි කියා, උන් වහන්සේ, ''මෙට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි''යි අංසබාග රෝගියාට වදාළ සේක.25 එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය.26 සියල්ලෝ විස්මිත ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් බියෙන් ඇලළී, ''අද අපි හරි පුදුම දේ දුටුවෙමු''යි කී හ.
මෙනෙහි කිරීම
අද අපේ සමාජය ගොඩාක් දුරට ආත්මාර්ථකාමී වෙලා නේද.. ජීවිතයෙ ප්‍රශ්න ගැටළුත් එක්ක.. ඔට්ටු වෙන.. හැප්පෙන පෙරලෙන අපිට.. කොහෙන්ද තවත් කෙනෙක් ගැන හොයන්න වෙලාවක් නේ.. අපි අපේ ගමන යනවා.. තම තමගේ ගැලවීම.. තම තමන් සතුයි.. අර කතාවකුත් තියෙනවනෙ.. තම හිසට තම අතමය සෙවනැල්ල කියල නේ..
ඒත් ජේසු ඔයාව මාව කැදෙව්වෙ..ඒ විදියට ඉන්නද.. තමන්ගෙ ගැලවීම ගැන විතරක් බලල.. තමන්ගෙම සහෝදරයගෙ ජීවිතය විනාස වෙනකන් බලාගෙන ඉන්නද.. මේ ආගමන සමය.. ජේසු ආවෙ.. ජේසුගෙ ජීවිතය ගලවගෙන.. මෙහෙන් එතෙර වෙලා සුවර්ගයට යන්නම විතරයිද.. නෑ නේද.. ජේසු ආවෙ හැමෝගෙම ගැලවීමේ මාර්ගය තනන්න.. ජේසු අපිට හදල දුන්න.. ඒ ගැලවීමේ මාරගයෙ.. ඔයාට මට කවමදාකවත් තනියම යන්න.. අයිතියක් නෑ.. ඉතින්.. අද සුවිශේෂයෙන් වගේම.. පලමුවන කියවීමෙනුත් අපිට කියන්නෙ.. අන්න ඒ ගැලවීම සොයා යන ගමනෙ.. අපි යන්න ඕන විදියයි..
" බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න;බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; ''බිය නොවී දිරි ගන්න;" (යෙසායා 35 : 3 - 4)
බෙලහීන.. වෙවුලන.. දුර්වල වූ.. අය.. අපේ ජීවිතය තුල ඕනෑ තරම් හමුවෙනව.. ප්‍රශ්න කරදර තුල.. අසරණ වෙලා.. සරනක් නැති අය ඉන්නව.. දේවාල.. හදිහූනියන්.. තොයිල් පස්සෙ දුවන..කතෝලික මෙන්ම.. අන්‍යාගමික අයත් අපේ සමාජයෙ ඕනෑ තරම් ඉන්නව.. ජීවිතයෙ දුර්වල කම් නිසා.. කරකියා ගන්න දෙයක් නැතුව හැම තැනම රස්තියාදු වෙන අය.. ඒ වගේ කෙනෙක් දැක්කොත් අපි මොනාද කියන්නෙ.. රටේ නැති කතා කියල..පුලුවන් තරම් දොස් පවරයි නේද.. ඒත් එක පාරක් හරි ඔයාට පුලුවන් උනාද ඔයා අද ගැලවීම ලබන මේ ජේසුගෙ ආදරය ගැන ඒ කෙනාට කියල.. ඒ මාර්ගයෙන් ගලවල ගන්න.. සැබෑ කිතුනුවෙකු විදියට ඔයාගෙන් වෙන්න ඕන අන්න ඒ දේයි.. එයාගෙ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න.. ජේසු ඔයාට ආදරෙයි.. බය නැතුව.. ජේසු ගාවට යන්න කියල.. ඉතුරු ටික ජේසු බලා ගනී..
"එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ''මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි වදාළ සේක." ( ශු. ලුක් 5 : 18 , 20)
අංසබාග රෝගියෙක්ව ඉතින් උස්සගෙනම යන්න වෙනවනෙ.. මොකද එයාට තනියම යන්න බෑ.. ඇග පන නෑ.. ඒ වගෙම.. අය ඉන්නව කොච්චර කිව්වත්.. යන්න හිත කැමතී.. ඒත් විවිද පරික්ෂාවන් නිසාම ජේසු ලගට යන්න බැරුව ඉන්න.. නැතිනම් ජේසු ලගට යන්න බය. යන්න විශ්වාසය නැති අය.. මානසික අංසබාගය තියෙන.. පුද්ගලයනුත් ඕනෑ තරම් ඉන්නව අපේ සමාජයෙ.. සමහර විට.. ඔහුව අරන් යන්න ඕන පාර වැහිල ඇති.. එහෙනම් ඔයාට සිද්ද වෙනව පාරක් හදාගෙන හරි ඒ කෙනාව ජේසු ලගට අරගෙන එන්න.. හරියට අංසබාග රෝගියාව ඒ අය අරගෙන ආව වගේම.. එදාට ජේසු ඔයාට කියයි.. ඔබේ ඇදහිල්ල නිසාම.. ඔහු සුවය ලැබුව කියල.. ජේසුව පුදුම කරන ඇදහිල්ලකට ඔයත් ඇතුළු වෙන්න..
මෙච්චර කාලයක්.. ජීවිත ගලවන ගමනක යන්න නැතුව ඇති.. ඒත් අද ඉදන්වත්.. ජේසු එක්ක.. එකතු වෙලා.. අළුතින් මේ ගැලවීමේ ගමන පටන් ගන්න.. අසරන වෙලා.. අංසබාගය වැලදිලා.. ප්‍රශ්න වලින් පොඩි වෙලා ඉන්න ජීවිත වලට සුබාරංචියක් වෙන්න.. ඕන කරන මාරගය.. උදව්ව... ජේසුගෙන් ඉල්ල ගන්න.. ඔයත් ජීවත ගලවන්නෙක් වෙන්න..
ජේසු පිහිටයි.!!
ප්‍රශංසා වේවා...
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
No comments:
Post a Comment