Saturday, December 8, 2018
දෙසැම්බර් 9 වන දින සුබ අස්න – ශු. ලූක් 3:1-6
දෙසැම්බර් 9 වන දින සුබ අස්න – ශු. ලූක් 3:1-6
1 තිබේරියස් අධිරාජයා රජ පැමිණි පසළොස් වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් ජුදයට ආණ්ඩුකාරයා ව ද හෙරොද් ගලීලයට යුවරජ ව ද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරයටත්, ත්‍රිකොනියටත් යුවරජ ව ද ලුසානියස් අබිලේනියට යුවරජ ව ද අන්නස් හා කායාපස් උත්තම පූජකවරයන් ව ද සිටි සමයෙහි, 2 දෙවියන් වහන්සේගේ පණිවුඩය පාළුකරයෙහි සෙකරියස්ගේ පුත් ජොහන් වෙත පැමිණියේ ය. 3 තවද, ඔහු ජොර්දාන් ගඟ අවට පෙදෙස මුළුල්ලෙහි සැරිසරමින්, පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනයa ලබන්නැ යි ප්‍රකාශ කෙළේ ය. 4 එපවත් දිවැසිවර යෙසායාගේ ලියවිලිවල මෙසේ ලියා ඇත:
”සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න.
5 සියලු කඳුරැළි පුරවනු ලැබේ;
6 සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ;
සියලු වංගු ඇද හරිනු ලැබේ;
රළු මාවත් මට්ටම් කරනු ලැබේ.
දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි
පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.
මෙනෙහි කිරීම
දවසින් දවස ගෙවිලා ගිහින් ආගමන කාලයේ දෙවෙනි සතියත් උදා වෙලා..ආගමන සමයේ දෙවෙනි සතියෙත් අපිට බලාපොරොත්තුවේ පණිවිඩය මතක් කරල දෙනවාද??එදා ඉශ්‍රායල් ජනතාව මෙසියස් වහන්සේ එනකල් කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්න ඇතිද???බලාපොරොත්තුව කියල කියද්දි මට මාවම මතක් වෙනවා...කුඩා කාලේ ඉඳලාම මං කතා කරන්න බැරි කෙනෙක්..ඒත් කතා කරන්න ඕනෑ තැන් වල කතා කරන්න ඕන කම තිබ්බත් මං නිශ්ශබ්දව සිටියේ මගේ තියෙන නොහැකියාව නිසා..හැබැයි හදවතේ බලාපොරොත්තුවක් තිබුණා..කවදාහරි ජේසු හොද කරයි...අවුරුදු 14 ක් වාගේ කාලයකින් පස්සේ ජේසු මාව හොඳ කරා..ඒ මංවත් හිතපු නැති වේලාවකදී...ඒ ගෙවුණු අවුරුදු ටික ගැන හිතල බලනකොට මං ජේසුට කොචච්ර ළං වුණාද...මේ ආගමන සමයනේ..මේ නත්තලේ ඔබේ මගේ බලාපොරොත්තුව මොකක්ද?ගොඩක් බලාපොරොත්තු ඇති මේ වෙන කොට..අලුත් ඇඳුමක් ගන්නේ කොහොමද..ඒකේ ඩිසයින් එක...ගැන මේ වෙන කොට බලාපොරොත්තු තියගෙන ඇති..ඔබේ මගේ හිතේ ජේසුට ඉපදෙන්න ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?ජේසු හොයන්නේ රජ මාලිගා නොවේ..ජේසූ හොයාගෙන ඔබේ මගේ කුණු දුවිලි වලින් වාගේ පාපයෙන් වැහිල ගිය හදවත්..කවුරුත් පය නොගහපු ඔබේ මගේ ඇතුළාන්තය...මොහොතකට අවදි වෙන්න...ජේසූ ආවේ අදුරේ ඉන්න ජනතාව ආලෝකයටගෙනෙන්න..බලාපොරොත්තුවෙන් ඉන්න...විශ්වාසයේ පහන් දල්වාගෙන
...ජේසු පිහිටයි...
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
No comments:
Post a Comment