දෙසැම්බර් 07 වන දින සුබ අස්න –
ශු. මතෙව් 09 - 27:31
27 ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, ''දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව'' කියමින් උන් වහන්සේ පසුපස ගියහ.28 උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. ''මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ''යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ''එසේය, ස්වාමීනි''යි ඔව්හු කී හ.29 එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, ''ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා''යි වදාළ සේක.30 ඔවුන්ගේ ඇස් පෑදිණි. ''කිසිවෙකුට මෙපවත් නොකියන්නැ''යි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.31 එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ.
ශු. මතෙව් 09 - 27:31
27 ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, ''දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව'' කියමින් උන් වහන්සේ පසුපස ගියහ.28 උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. ''මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ''යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ''එසේය, ස්වාමීනි''යි ඔව්හු කී හ.29 එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, ''ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා''යි වදාළ සේක.30 ඔවුන්ගේ ඇස් පෑදිණි. ''කිසිවෙකුට මෙපවත් නොකියන්නැ''යි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.31 එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ.
මෙනෙහි කිරීම
දාවිත් රජු පුතුනේ යැයි මොර දුන් අඳ මිනිසාගේ
අඳ බව නැති කළ සේ ගොඩලනු මා දැන්
මගේ අඳුරු ලෝකෙන්....
අඳ බව නැති කළ සේ ගොඩලනු මා දැන්
මගේ අඳුරු ලෝකෙන්....
සුව කරන්න මා.....ජේසු සමිඳුනේ
ස්පර්ශ කරන්න මා
සුරත ඔසවලා
නැගිටුවන්න මා දිව්‍ය වෙදැදුරාණනේ
ස්පර්ශ කරන්න මා
සුරත ඔසවලා
නැගිටුවන්න මා දිව්‍ය වෙදැදුරාණනේ
අපේ ජීවිතයේ නොයෙකුත් ආකාරයේ අන්ධහාවයන් තියෙනවා..බොහෝ විට අපි ශාරීරික වශයෙන් අන්ධ පුද්ගලයන් නොවුනත් අපි ජීවත් වෙන්නෙ ඇත්තටම අන්ධ පුද්ගලයන්ටත් වඩා අන්ධ ආකාරයෙන්.ජීවිතයේ විවිධාකාර සිදුවීම් වලට මුහුණ දෙන අපි සමහර අවස්තාවලදී කටයුතු කරන්නේ අන්ධයො වගේ ..ඇත්තටම ජීවිතය ඉදිරියට අරගෙන යද්දි නොයෙකුත් බාධා ,කරදර ,ප්‍රශ්න වලට මුහුන පාන්න සිද්දවෙනකොට අපිට අමතක වෙනවා අපිට තියෙන ප්‍රශ්න ,කරදර වලට වඩා අපිව මවා වදාළ අපේ ස්වාමීන් වහන්සේගේ බලපරාක්‍රමය ඉහළින් තියෙනවා කියලා..ජීවිත ගැටලු ලිහා ගන්න බැරි තැන්වලදී අපි දෙවියන්වහන්සේව හොයනවා විනා වෙන වෙන දේවල් පස්සේ ගිහින් අපේ අන්ධකමට පිලියම් හොයන වා..හරියට ඒක ඔලුවෙ අමාරුවට කොට්ටෙ මාරු කලා වගේ වැඩක්....දෙයක් නැතිවෙනකොට ,කරන හැම දෙයක්ම වරදිනකොට අපිට අපිවම අමතක වෙනවා ..අපේ ස්වාමීන් වහන්සේව අමතක කරනවා...ගැටලු හමුවේ අපි ස්වාමීන් වහන්සේ අපිට ගැලවීමක් ,සැනසීමක් දෙයි කියලා විශ්වාස කලත් ඇදහිල්ලෙන් යාච්ඤා කලත්,හිත කියනවා " අන්න අතන මෙහෙම තැනක් තියෙනවා,, ගිහින් බලන්න ඕනේ,ජේසු හිටියට කමක් නෑ ...කොහෙන්හරි සහනයක් ලැබෙනවානම් මට ඒ ඇති ..දෙයියෝ දෙනකන් බලන් හිටියොත් පෙරහැර ගිහින් තියෙයි..මොනාකරල හරි කමන්නෑ අපිට සහනයක් ලැබෙනවන්ම්" කියලා ..බලන්න අපේ මනසේ අන්ධහාවයන් කෙතරම් දරුණුයිද කියලා..සමහරවිට මේ දේවල් අපිට තේරුම් යනකොට අපි දෙවියන්වහන්සේගෙන් ඈත් වෙලා ගොඩාක් දුර ගිහිල්ලා..ජේසු අපෙන් අද ලස්සන ප්‍රශ්නයක් අහනවා....ඒ තමයී" මගෙ පුතේ ,මගෙ දුවේ ,ඔයා ඇත්තටම විශ්වාස කරනවද මට මේ දේ කරන්න පුළුවන් කියලා ,ඔබ ඇත්තටම විශ්වාස කරනවද ඔයා විදින මේ දුක් කන්දරාවෙන් ඔයාව ගොඩගන්න පුළුවන් එකම එක පුද්ගලයා මම කියලා..ඔයා අදහනවද සදාතනික ආදරය ඔයාට පුදදෙන ඔයා වෙනුවෙන්ම වැය වෙන්න සූදානම් එකම කෙනා මම කියලා...." ඇත්තටම අපි ඒ දේ විශ්වාසය කරනවද ,එහෙනම් අපේ ඒ විශ්වාසය හැම දෙයක්ම අපිට අනාවරණය කරනවා..ඒ විශ්වාසය අපව සුවපත් කරන බව පවසනවා...
ස්වාමීනි කියලා වචනයෙන් මොර ගැහුවට ඇත්තටම උන්වහන්සේ ඔබේ එකම ගැලවුම්කරුවා කියන විශ්වාසය ඔබ තුල නැත්නම් ඔබේ වචන හිස් වචන පමණක් බව අපි අවබෝධ කරගන්න ඔනේ...සදාතනික ජීවනය දෙන මහා නිධානය අපි ලගම තියාගෙනත් ඇයි අන්ධකාරයට අත වනන්නේ..ඉවසීම නැති කම තමා හැමදේටම මුල කියලා පැරැන්නෝ කිව්වේ බොරුවට නෙමේ ,.....ඉවසීම ඇති කරගන්න ..උන්වහන්සේ දෙනකන් ඉවසිල්ලෙන් බලගෙන ඉන්න....විශ්වාසයෙන් සිටින්න.... ,උන්වහන්සේ තුල අප තබන උතුම් වූ විශ්වාසය...අව්‍යාජ විශ්වාසය...අනේ දෙයියනේ මට වෙන කවුරුවත් නෑ මට ඉන්නෙ ඔබවහන්සේ විතරයි කියලා හිතට අවංකව අපි කියන මේ පුංචි වචනය උන්වහන්සේට ගොඩක් වැදගත්.....හිතට හොර කලාට ,හිතට බොරු කලට...උන්වහන්සේව රවට්ටන්න අපිට බෑ ...අන්න ඒ නිසා දෙවිඳුන් පිළිබඳව තරයේ විශ්වාසය කරන්න ...උන්වහන්සේ පොරොන්දු ඉටු කරන ස්වාමීන් වහන්සේ බව අදහාගන්න ......
ජේසුනි ...ඔබ මට විශ්වාසයි
ඔබ මගෙ ජීවිතයයි
හැමදාමත් එහෙමයී
No comments:
Post a Comment