Wednesday, December 5, 2018

දෙසැම්බර් 6 වන දින සුබ අස්න – ශු. මතෙව් 07 - 21:24 -27 මෙනෙහි කිරීම




දෙසැම්බර් 6 වන දින සුබ අස්න – ශු. මතෙව් 
07 - 21:24 -27 මෙනෙහි කිරීම

21 ''ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, 'ස්වාමීනි, ස්වාමීනි'යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය
24 ''එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.25 වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි.26 තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය.27වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.''

මෙනෙහි කිරීම

කැමැත්ත ....පුංචි කාලේ නම් ඉතිං අම්මට තාත්තට කැමත්තට තමයි වැඩ කලේ..මොකද ස්වර්ග රාජ්‍යයට කෙසේ වෙතත් ගෙදරට ඇතුළු වෙන්න නම් ඒ අයගේ කැමැත්තට ඉන්නම වෙනවා නේ මතකද ඒ පුංචි කාලේ ..කාලයක් යනකොට ලොකු වෙලා ටිකක් බහ තෝරන වයසට ආවාම ඉතිං 50% 50% අම්මා තාත්තාගේ කැමැත්ත තමන්ගේ ආදර වන්තිය ආදර වන්තයාගේ බිරිදගේ ස්වාමිපුරුෂයාගේ කැමැත්ත තමයි නේද ?
ඇයි අපි ඒ අයගේ කැමැත්තට වැඩ කරන්නේ ඇයි අපි එයාලගේ කැමැත්ත ගැන අපි සලකා බලන්නේ ඒ ඉතිං අපි අපේ සභදතා අපේ පවුලේ ආදරය රැක ගන්න එකමුතු ව ජීවත් වෙන්න එහෙම නේද? ඉතිං ජේසු අද දේව වචනය තුල කියනවා උන්වහන්සේ එක්ක අපි තියන බැදීම රැක ගන්න නම් අපි බලාපොරොත්තු වෙන ස්වර්ගීක ජීව්තේ උරුමකර ගන්න නම් අපිට අනිවාර්යයෙන් උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ වචනයට අවනත වන්නම වෙනවා කියලා..
හැබැයි මතක තියා ගන්න අපේ කැමැත්ත නොවේ උන්වහන්සේගේ කැමැත්ත අපිට ඕන කියලා හිතන දේ සමහර විට අපිට නොසුදුසු යැයි උන්වහන්සේ තීරණය කරන්න පුලුවන් ඒ අපිට වඩා උන්වහන්සේ අපේ ජිවිතේ ගැන ගොඩක් දුර හිතන නිසා....ඒ නිසා ජිවිතේ වැටීම් දුක් කරදර සතුටින් බාර ගන්නත් ඔබට පුරුදු වෙන්න වෙනවා ජේසුගේ කැමැත්ත ඉටු කරනවා නම්

ඉතිං අපි කොහොමද උන්වහන්සේගේ කැමැත්තට අවනත වන්නේ කොහොමද අපි උන්වහන්සේ කැමත්ත ඉටු කරන්නේ හරිම සරලයි ජේසුගේ වචනය ඔබේ ජීව්තේ ජීවත් කරවමින් ජේසු වගේ උන්වහන්සේ ඒ වචනය ක්‍රියාවට නන්වන්න..හැබැයි ඒක මේ කියන තරම් නම් ලේසී නැහැ සමහර විට ඔයා ලගම ඉන්න අය ජේසු තුල නොමැති නම් ලෞකිකත්වය තුල ලෝකයක් එක්ක ඒ අයගේ ගමන යනවා නම් ජේසුගේ කැමැත්ත ඉටු කරන්න වෙනකොට ඔයා ලගම ඉන්න ඔයාගේ හොදම යාලුවාගේ කැමැත්තට පිටුපාන්න වේවී..ඔයාගෙ අම්මා තාත්තා කියන දේවල් වලට පිටුපාන්න වේවී හැබැයි ඔබ ඒ සියල්ල දරා ගනිමින් උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙමින් පර්වතය පිට ඔබ තනන නිවසට දිනක ඒ අයවත් කැදවා ගන්න ඔබට පුලුවන් වේවී..එසේ නම් ඔබ පලමුව උන්වහන්සේගේ වචන තුල ජීවත් වෙමින් ඒ වචනය ක්‍රියාවට නන්වන්න ඒ තුලින් ජේසු නම් පර්වතය පිට ඔබගේ ජීවිත නිවස තනා ඒ පර්වතය පාමුල වැල්ලේ තියන වැස්සට කැඩි බිදි යන සුලි සුලගට සුනු විසුනු වෙන ජේසුගේ  වචනය තුල නොමැති අයගේ ජීවිත නිවෙස් වල වෙසෙන අයයටත් ජේසු නම් වු පර්වතය මත ජිවිත නිවෙස් තනන්නට ඔබේ ඇදහිල්ල ක්‍රියාවේ යොදවන්න ජේසු ඔබට ආරාධනා කරයී..

No comments:

Post a Comment

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...