Friday, December 7, 2018

දෙසැම්බර් 8 වන දින සුබ අස්න – ශු. ලූක් 1:26-38 මෙනෙහි කිරීම


දෙසැම්බර් 8 වන දින සුබ අස්න – ශු. ලූක් 1:26-38

26 සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, 27 දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. 28 දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය. 29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. 30 දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. 31 මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.
32 ”උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33 උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.
34 එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ”මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය. 35 දේව දූතයා ඈට උත්තර දෙමින්, ”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. 36 බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. 37 මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය. 38 මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.

මෙනෙහි කිරීම

මේ ගෙවිගෙන යන්නේ ආගමන කාලයයි...කිතුනු කිතුනු නොවන ලෝක වාසි සියල්ලෝම නත්තල සමරන්න සුදානම් වන මේ කාල වාකවානුවේ අද දවසේ මරියාණන්ගේ නිර්මල පිළිසිද ගැනිමේ මංගල්යය සමරනු ලබනවා..අපෝ අද ණය මංගල්ලයක් නිවාඩු දවසේ ගෙදර ඉන්න බෑනේ..ණය යුක්තිය ඉෂ්ට කරන්නත් එපැයි.....ශත වර්ෂ ගණනාවක් ඒව කරපු පාපය නව ඒව විසින් ඒවා පාගා දමනු දැමුවා..අරවා මේවා ඔක්කොම හිතේ තියාගෙන ඇති ..ඔව් මොහොතකච අපි අවදි වෙමු...දෙවිපියාණන් වහන්සේ අපි ගැන කොච්චර හිතනවාද???මරියාණන්ට මංගලම් කියන සිදුවිමේදි දෙවි පියාණන් වහන්සේ අපිට කොච්චර ආදරේද කියල අපිට වැටහෙනවා...අද අපි සමරන්නේ මරියාණන්ගේ නිර්මල පිළිසිදගැනිමේ මංගල්යය....මේ නත්තලේ අද අපි මරියාණන්ගේ ජිවිතය ගැන මොහොතකට අවදි වෙමු...එදා දෙවි පියාණන් වහන්සේගේ කෑමැත්තට එහෙයි කි මොහොතේ සිට ජේසු කුරුසේ උකුත් වෙලා ඇගේ උකුලේ තබා ගත් මොහොතෙත් ඇගේ ජිවිතය ගැන මෙනෙහි කරමු....ශු.ලියැවිල්ල තුළ ඇය ගැන සදහන් වෙනවා අඩු වෙන්න ඇති...ඒත් ඇගේ මුළු ජිවිතයම ප්රාතිහාර්ය ජිවිතයක්...එයට හේතුව මොකක්ද කියල අපි අවදි වෙමු...මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි..ඔබ කි ලෙසම ලෙසම මට සිදුවේවා...යැයි පවසමින් ඇගේ මුළු හදවතින් දේව පොරොන්දුව අදහා ගත්තා...ඇගේ හදවත කඩුවලින් සිදුරු වෙන්න ඇති ඒත් ඇය මුළු හදවතින්ම එය අදහා ගත්තා...ඔව් අද අපිට ආරාධනා කරනවා..ඔබේ ජිවිතේ දෙවියන් වහන්සේ පොරොන්දු දෙන්න ඇති..ඔබේ මුළු හදවතින් ම එය අදහාගන්න...දේව වචනයේ බීජ ඔබේ හදවතේ පැළ කරවන්න...අමාරුයි...සමාජ බලවේග කියන කුරුල්ලෝ එවි..ඒවා කාල දාන්න...කටුක අත්දැකීම් කියන කටු පදුරු වලින් වැහෙන්න පුළුවන්..ඒවාට ඉඩ දෙන්න එපා...දේව පොරොන්දුව නිතරම අදහා ගනිමින් ස්ථිරව ඉන්න...හරියටම දේව අම්මා වාගේ...මේ නත්තල් සමයේ ඔබේ මගේ හදවත දේව වචනය අදහා ගන්න හදවතක් බවට පත් කරගනිමු...ජේසු පිහිටයි...

No comments:

Post a Comment

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...