Thursday, December 6, 2018

සාන්තුවරයෙකුට නිග‍්‍රහ කරද්දී බලා සිටීම


සාන්තුවරයෙකුට නිග‍්‍රහ කරද්දී බලා සිටීම 

නත්තල යනු ‘කිතු උපතය’ තවත් ලෙසකින් සාමයේ
කුමරුන්ගේ උපන් දිනය වේ. නැතහොත් ‘මෙසියස්’
හෙවත් ‘ගැලවුම්කරුවාණන්’ දෙව් බවින් මිනිස් බව ගෙන මහ පොළොව තුළ ජනිත වීම නැතහොත් ඉපදවීම සමරණ මංගල්‍යය වේ.
___________________________________
රෝමාණුකරණය වූ නත්තල
___________________________________

එදා නාසරතයේ ඉපදුණත් පසුව රෝම අධිරාජ්‍යයා කිතු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව ‘රෝමානුකරණය’ වී රෝමානු කතෝලික බවට පත්වූ පසු අති උත්කර්ෂවත් ලෙස සමරන්නට යෙදුණු මංගල්‍යයකි. එවක රෝමයෙහි පැවැති අපරාජිත සූර්යයා මංගල්‍යය කාමයෙන් හා පවින් පිරුණු එකක් වූ බැවින් ‘අපරාජිත සූර්යයා’ මංගල්‍යය වෙනුවට දෙවියන් මිනිසත් බවගත් බැතිය උපදවන සුළු කිතු උපත නම් මංගල්‍යය උත්කර්ෂවත් ලෙස සැමරීම ආදේශ කළ බව ජනප‍්‍රවාදයෙහි වෙයි. නමුත් අද වන විට රෝමයේත්, සමස්ත ලෝකයේත් ශ‍්‍රී ලංකාවේත් නත්තල යනු කිතු උපත නම් වූ ආත්මික උත්සවයෙන් එහාට ගිය ‘භෞතික’ වටිනාකමින් පිරි වාණිජත්වයට බර වූ උත්සවයක් බවට පත්වී ඇත. කිතුනුවන් තුළ තිබූ යථාර්ථවාදී ‘රියැලිටිය’ යටපත් වී අවශේෂ අඩුම කුඩුම ටිකක් මතු වී පෙනෙන ‘ෆැන්ටසියක්‘ පමණක් මතුව පෙනෙන මංගල්‍යයක්, උත්සවයක් බවට අද නත්තල පත්වී ඇත. ඒ හරහා නත්තල යනු වෙළෙන්දන්ගේ බඩු මුට්ටු විකුණා ගැනීමට, සේල් දැමීමට වසරකට වරක් එන වෙළෙඳ සමයක් බවට පත්ව ඇත. දිළිදුන්ට සුබාරංචිය’ ගෙනා කිතු උපතේ සැමරුම අද ‘වෙළෙඳුන්ට සුබාරංචිය’ ගෙන එන සැණකෙළි සමයක් වී ඇත. එම වෙළෙඳ ප‍්‍රජාවගේ ප‍්‍රධානම වෙළෙඳ නාමය, වෙළෙඳ භාණ්ඩය, වෙළෙඳ අලෙවි නියෝජිතයා ලෙස මේ වන විට පත්ව ඇත්තේ නත්තල් සීයා’ හෙවත් Santa Clouse ය.

නත්තල් සීයාSanta Clouse හෙවත් SANTA යනු කවුරුන්දැයි කෙටි හෝ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය. නත්තල් සීයා, නත්තල් පප්පා, සැන්ටා’ යන බොහෝ නම්වලින් හඳුන්වනු ලැබුවත් ඉංග‍්‍රීසියෙන් එන Santa Clouse යන වචනය නිර්මාණය වී ඇත්තේ සාන්ත නිකුලස් යන පදයේ සෙන්ට් නිකුලස් යන්න කාලයට සාපේක්‍ෂාව වෙනස් වීමෙනි. Sent+Nicolus යන පදය ක‍්‍රමයෙන් උච්චාරණයේදී Santa Clouse ලෙස පරිවර්තනය වී ඇත. නත්තල් සීයා ලෙස හඳුන්වන මේ සාන්ත නිකලස් කවුද?

___________________________________
නිකුලස් කියන්නේ කවුද?
___________________________________

ඔහු උපත ලැබුවේ තුර්කියේ, ලිසියා නම් නගරයේදීය. නමින් නිකුලස් වූ ඔහුගේ දෙමව්පියන් ඉතාමත් ධනවත් මෙන්ම බැතිමත් කතෝලිකයෝ වූහ. ඔවුන් පාරම්පරික කතෝලික සිරිත් විරිත් හා ආගමික වතාවත් පිළිපදින ලද පවුලක උදවිය වූ අතර ඔවුන් ඇසුරේ ඇති දැඩි වූ කුඩා නිකුලස් නම් දරුවාට ද ඔවුන්ගේ කිතුනු ගති පැවතුම් ක‍්‍රමයෙන් උරුම විය. එනිසාම කුඩා කළ සිටම නිකලස් නම් දරුවා බැතිමත් කිතුනු දරුවෙකු මෙන් වැඩෙන්නට විය. දෙමව්පියන්ගේ හුරුපුරුදුවෙන් ඔහුට ඉතා අපූරු පුරුද්දක් ලැබුණි. ඒ දිළිඳුන්ට උදව් උපකාර කිරීමේ හා දන්දීමේ පුරුද්දයි. ඔහු ළදරු අවදියේම තමන්ට අයත් බොහෝ දේ දිළිඳු, අසරණ දරුවන් වෙත බෙදා දෙන්නට විය. එනිසා කුඩා කලදීම දන්දෙන්නට, උදව් කරන්නට කැමති ත්‍යාගීවන්ත දරුවකු ලෙස කුඩා නිකුලස් ජනතාව අතර ප‍්‍රසිද්ධියට පත් විය. හේ වැඩිවියට පැමිණෙත්ම වඩ වඩා දහමට නැඹුරු විය. වයසින් වැඩෙත්ම වඩ වඩා දන්දීමේ කටයුතු වැඩිවන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස යොවුන් වියේ වූ නිකුලස් පූජක දිවියට ඇතුළුවීම සඳහා නිවසින් පිටවිය. පසුව පැවිදි දිවියට ඇතුළු වන නිකුලස් කෙටි කලකින් ත්‍යාගිවන්ත වූ නිකලස් පියතුමා ලෙස ප‍්‍රචලිත විය. පැවිදි දිවියට ඇතුළත් වූ පසු ඔහු වඩ වඩා වැඩියෙන් දන්දීමේ කටයුතුවල යෙදෙන්නට විය. මේ දන්දීමේ අසරණයින්ට උදව් උපකාර කිරීමේ ක‍්‍රියාව නිසාම ඔහු ජනතාව අතර වඩා ප‍්‍රචලිත වන්නට විය. වයසින් හා අත්දැකීමෙන් පොහොසත් වූ නිකුලස් පියතුමාව පසුව රදගුරුවරයෙකු ලෙස අභිෂේක කරනු ලැබූහ. බිෂොප්වරයෙකු වූ පසු ඔහු දිළින්ඳන් හා අසරණයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපවෙන්නටත් කටයුතු කරන්නටත් විය. ඔහු අසරණයින් සොයාගොස් ඔවුන්ට මුදලින් ද කෑම,බීම, ඇඳුම් පැළැඳුමින්ද උදව් උපකාර කරන්නට වූහ. විශේෂයෙන් නත්තල් කාලය ලංවන විට නත්තල් සැමරීමට වත්කමක් නොවූ අසරණ දිළිඳු ජනයාටත්, කුඩා දරුවන්ට නිකුලස් රදගුරුවරයා උදව් උපකාර කරන්නට විය. ඔහුගේ රතු පැහැති රදගුරු ලෝගුවත්, උසැති රත් පැහැති රදගුරු හිස් වැස්මත්, සීතලයට පළදින අත් වැස්මත් ඔහුටම ආවේණික පෙනුමක් එක් කළ අතර එය වඩාත් තීව‍්‍ර වූයේ ඔහුට හිමිව තිබූ දිගැති සුදු පුළුන්වන් රැුවුල සහ කෙස් වැටියත් රදගුරු සැරයටියත් නිසාය. අදද ‘නත්තල් සීයා ගේ බාහිර රූපයට එක්වී ඇත්තේ මේ ත්‍යාගවත් නිකුලස් රදගරුවරයාගේ ගති ලක්‍ෂණවේ. නිකුලස් රදගුරුවරයාගේ මරණින් පසු ද ඔහුව අනුකරණය කරමින් නත්තල් සමයේ දිළිඳු දරුවන්ට තෑගි බෝග බෙදා දීම, සම්ප‍්‍රදායක් ලෙස සිදු විය.

___________________________________
නත්තල් සීයා සාන්තුවරයෙකු වීම
___________________________________

මුලින්ම මෙය තුර්කිය පුරාත්, පසුව යුරෝපයේ, ඇමෙරිකාවේ ආසියාවේ වැනි මහද්වීප ගණනාවකත් ප‍්‍රබල ලෙස පැතිරගිය අතර පසුව නත්තල් සීයා යන සංකල්පය ලොව පුරා නත්තලේ අනන්‍ය වූ ලක්‍ෂණයක් විය. නිකුලස් රදගුරුවරයා පසුව සාන්තුවරයෙකු ලෙස නම්කර සාන්තුවර භාවයට ඔසවා ගරු බුහුමන් දැක්වීම සිදු විය. ඔහු දිළින්දන්ගේ, වෙළෙන්දන්ගේ අසරණ දරුවන්ගේ, නැවියන්ගේ, බැංකුකරුවන්ගේ, බලාපොරොත්තු සුන්ව ගිය අයගේ හා විවාහ නොවී සිටින තරුණ තරුණියන්ගේ සාන්තුවරයා ලෙසින්ද හඳුන්වනු ඔහුගේ මරණින් පසු ඔහුගේ දේහය නොදිරා නත්තල් සීයා වීම ගැන කාටත් අරුමයක් වීමට දෙයක් නැත. නමුත් අරුමය නම් අදවන විට ඒ නත්තල් සීයා නත්තලට තෑගි බෙදන්නට එන රදගුරු නිකුලා නම් ‘නත්තල් සීයා’ නොවීමයි. අද වන විට රදගුරු නිකුලා මුනිතුමා පැමිණෙන්නේ නත්තල් කාලයට දිළිඳු අසරණ කුඩා දරුවන්ට තෑගි බෝග දීමට නොව දහස් ගණන් වූ වෙළෙඳ ප‍්‍රජාවට ලාභ උපයා දීමේ අතරමැදියකු ලෙසය. නත්තල ළං වන විට සෑම අලෙවි හළක් ඉදිරිපිටම නත්තල් සීයා ලෙස සරසා කවුරුන් හෝ තැබීමත්, නත්තල් සීයාගේ අනුරුවක් තනා සේල් බෝඞ් කැබැල්ලක් අතටදීමත්ය. අද වන විට අලූත්ම ප‍්‍රවණතාව වී තිබෙන්නේ නත්තල් කාලයේ කුමක් හෝ රතු ඇඳුමක් ඇඳගත්, සුදු රැුවුලක් දමා බැලූම් ටිකක් අතට ගත් නත්තල් සීයා කෙනෙකු සමඟ ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කර ගැනීමයි.

මෙය කතෝලික ජනයා වැඩිපුර වෙසෙන ප‍්‍රදේශවල අතිශය බහුල ලෙස දැකිය හැකි දර්ශනයකි. එසේම ඇතැම් කතෝලික මීසම් තුළ නත්තල් උත්සව, නත්තල් හමුවන්, නත්තල් සාද තුළද පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන්, කිතුනු දහම් ගුරුවරුන්ගේ මැදහත් වීමෙන්ම අද නත්තල් සීයාව ‘ජෝකර්’ කෙනෙකු කර බයිලා නැටවීම් ජයටම සිදු කිරීම ද දැකිය හැකිය.

___________________________________
නත්තලේ අලෙවි නියෝජිතයා
___________________________________

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලත්, යුරෝපයේ රටවලත් නන්තල් සමයේ වෙළෙඳාමට නත්තල් සීයාව ඍජුවම දායක කර ගනී. නත්තල් සමයේ හැම වෙළෙඳ සැලකම නත්තල් සීයා කෙනෙකු දැන් එවැනි රටවල සුලබ දසුනකි. වෙනෙකක් තබා නත්තල් සමයේ ඇතැම් වීදි ගණිකාවන් පවා නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී තමන්ගේ ගැනුම්කරුවන් පැමිණෙන තුරු බලා සිටීම අදවන විට විලාසිතාවකි. එසේම ගණිකාවන්ගේ තැරැුව් කරුවන්ද නත්තල් සීයා ලෙස සැරසී ගනුදෙනුකරුවන් හමුවීම සුලභ දසුනකි. එසේම විවිධ සොරුන් ද නත්තල් සීයා ලෙස සැරසී වීදිවල සැරිසරමින් විවිධ සොරකම් සිදුකරන බව දැනගන්නට ඇති අලූත්ම ප‍්‍රවණතාවකි. අද නත්තල ළංවන විට විලාසිතා ප‍්‍රදර්ශනවල පවා ප‍්‍රමුඛතාව හිමි වී තිබෙන්නේ නත්තල් සීයාගේ ඇඳුම අනුකරණය කරමින් නිම වූ විලාසිතාවන්වලටය.

___________________________________
නත්තල් සීයා බ‍්‍රෑන්ඞ්
___________________________________

බටහිර රටවලත් යුරෝපයේ රටවලත් නත්තල් සමයේ හොඳම අලෙවි භාණ්ඩය නත්තල් සීයාය. නත්තල් සීයා සම්බන්ධකර විකුණන  ඕනෑම භාණ්ඩයකට නත්තල් සමයේ දැඩි ඉල්ලූමක් ඇතිවීම ස්වාභාවිකය. අන්තර්ජාලය හරහා කරන ලද ගවේෂණයකදී ලැබුණු තොරතුරු අනුව අද වන විට නත්තල් සීයා’ පත්වී ඇති ශෝචනීය තත්ත්වය කෙතරම්දැයි දැකගත හැකි විය. 'Sexy Christmas ' හෙවත් ‘කාමුක නත්තල’ යනුවෙන් යට ඇඳුම් අලෙවි කිරීම සඳහා අද නත්තල් සීයා අඩ නිරුවත්කොට යොදා ගෙන තිබීම ඇහැ කණ වසාගෙන බලා සිටිය යුතු කරුණක් බවට පත්වී ඇත. එමෙන්ම 'Sexy Santa Candle' හෙවත් ‘නත්තල් සීයාගේ කාමුක ඉටිපන්දම්’ ලෙස අඩනිරුවත් නත්තල් සීයාගේ හැඩයෙන් යුතු ඉටිපන්දම් අද වන විට වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත.

එලෙසම Sexy Santa Mug  නමින් බීම බඳුන් ද හඳුන්වා දී තිබේ. එහි ඇත්තේ නත්තල් සීයා පුරුෂ නිමිත්ත එළියේ දමා සිටින අන්දමින් තැනූ කෝප්පයකි. 'Killing Santa' එවැනි තවත් එක පරිගණක ක‍්‍රීඩාවකි. මේ ක‍්‍රීඩාවේ දී තිරය මත දිස්වන නත්තල් සීයා ඉලක්ක කොට, වෙඩිතබා මරා දැමිය යුතුය. ඇතැම් සමලිංගිකයින් සඳහා වූ වෙබ් අඩවියක නත්තල් සීයා සමලිංගිකයින් සමඟ සෘංගාරාත්මකව සිටින අන්දම ඡුායාරූප තුළින් දක්වා ඇත. එය නම් කර ඇත්තේ 'Gay Santa'හෙවත් ‘සමලිංගික නත්තල් සීයා’ යන නමිනි. අන්තර් ජාලය හරහා ගණිකාවන් ඇණවුම් කළ හැකි වෙබ් අඩවි බොහෝමයක් තුළ ගණිකාවන්ගේ තැරැුව්කරුවා ලෙස කටයුතු කරන්නට යොදවා ඇත්තේ නත්තල් සීයා ලෙස සැරසුණු පුද්ගලයන්ය. ඔවුන්ගේ ඡුායාරූප රාශියක් ගණිකාවන්ගේ ඡුායාරූප රැුසක් සම`ග අන්තර්ජාලයේ වෙයි.පුරා වෙයි. ඔහු ගණිකාවන් හඳුන්වා දෙන්නේSpecial Gift Of Christmas යනුවෙනි. තවත් එක් වෙබ් අඩවියකින් සොයා ගත හැකි ඡුායාරූපයක ඇත්තේ ගංජා සුරැුට්ටුවක් උරමින් සිටින නත්තල් සීයා කෙනෙකි. එසේම සුපිරි වර්ගයේ සිගරැුට් ගණනාවක් අලෙවි කිරීම සඳහා සිගරැුට් උරමින් දැන්වීම් තුළ සිටින නත්තල් සීයලා දැකගත හැකිය. එසේම මත්පැන් පානය කරන, සිසිල් බීම දැන්වීම් තුළ අති දැවැන්ත ලෙස අලෙවි වන නත්තල් සීයලා  ඕනෑ තරම් ඇත. නිරුවතින් නටන නත්තල් සීයලා, දුරකතන, ඇඟ අඩුකර ගැනීමේ ඖෂධ, සමාජ ශාලා හා මත්පැන් ශාලා, සංගීත උපකරණ, කාන්තා ලිංගික උපකරණ, යට ඇඳුම්, පරිගණක, තැබෑරුම් වැනි මෙකී නොකී බොහෝ දේ අලෙවි කර ගැනීමට අදවන විට ලෝකයේ විවිධ රටවල නත්තල් සීයාව අලෙවිභාණ්ඩයක් ලෙස භාවිතා කරමින් සිටී.

තවද Funny Cartoon හා Funny Pictures යන නාමයන් යටතේ නත්තල් සීයාව හාස්‍යයට ලක් කර ඇති අන්දම ශෝචනීයය. නත්තල් සීයා වේගයෙන් යන ගුවන් යානයක ඉදිරිපස හැපී යානයට ඇලී සිටින අන්දමේ පිංතාරු සමහර ගුවන්යාන හී බඳෙහි ඇත. එසේම මුවන් රැුළ හා නත්තල් සීයාව දඩයම් කර තුවක්කුවක් අතැතිව මිය ගිය නත්තල් සීයාගේ ඇඟ මතට කකුලක් තබාගෙන සිටින දඩයක්කරුවෙකුගේ ඡුායාරූපයක් ද අන්තර්ජාලයේ වෙයි. නන්තල් දින ලාබාල යුවතියන් තුරුළු කරගෙන නත්තල් රැුය ගත කරන නත්තල් සීයා, බීමතින් හිසට වෙඩි තබාගන්නට උත්සාහ දරණ නත්තල් සීයා වැනි බොහෝ විහිලූවලට ලක්කළ නත්තල් සීයලා අන්තර්ජාලය තුළ වෙයි. අන්තර්ජාලයේ ඇති ඇතැම් සිද්ධීන් පුවත්පතක සඳහන් කළ නොහැකි අන්දමේ අතිශය අසභ්‍ය කරුණු වේ.

___________________________________
අළුත්ම නත්තල් ආච්චි
__________________________________

නත්තල් සීයා සංකල්පයේ අලූත්ම හඳුන්වා දීම වන්නේ Miss Santa හෙවත් නත්තල් ආච්චිය නමුත් වයසට ගිය නත්තල්  ආච්චිලා මේ අය අතර නැත. ඇත්තේ අඩනිරුවතින් සිටින යෞවන යුවතියන් හා ගැහැනුන්ය. අන්තර්ජාලය පුරා Miss
Santa සංකල්පය වපුරා ඇත්තේ විවිධ ඇඳුම් මෝස්තර, කාමුක ලිංගික උපකරණ හා ගණිකාවන් අලෙවිය සඳහාය. මෝස්තර නිරූපණය වෙබ් අඩවි ගණනාවක නිරුවත් නත්තල් ආච්චිලා
දැක ගත හැකිය. එසේම කාමුක වෙබ් අඩවිවල නත්තල් සමයේ වැඩි වශයෙන් නත්තල් ආච්චිලා ලෙස සැරසුණු අඩනිරුවත් සුරූපිනියන් දැක ගත හැකිය. Sexy Miss Santa හෙවත් කාමුක
නත්තල් ආච්චි යන සංකල්පය සමඟ විවිධ වාණිජ අරමුණු පෙරදැරි කරගත ් වෙබ් අඩවි  ඕනෑතරම් අද වන විට අනත් ර්ජාලය හරහා සොයා ගත හැකිය.

ශ‍්‍රී ලංකාවේද අද වන විට කඩසාප්පු, සුපිරි වෙළෙඳසැල්, හෝටල් සමාජ ශාලා වැනි බොහෝ ස්ථාන තුළත් පුවත්පත්, රූපවාහිනී, පෝස්ටර්, කටවුට්, දැන්වීම් තුළත් නත්තල් සීයා ලාබෙට
විකිණෙමින් සිටී. මේ වන විට වාර්ෂිකවSantastic Fair නමින් නත්තල්සීයාගේ රූපය සහිතව අති දැවැන්ත වෙළඳ අලෙවි පොළක්ද කිසිදු හිරිකිතයකින් තොරව පවත්වනු ලබයි.

___________________________________
කතෝලික සභාවේ මුණිවත
___________________________________

කතෝලිකසභාවත්, සමස්ත කතෝලික ජනතාවත් නත්තල් සීයා හෙවත් සාන්තුවර නිකුලා මුනිතුමාව විකිණීමට එරෙහිව මුණිවත රකිමින් සිටීමෙන් වඩා ප‍්‍රබල ලෙස එතුමාව විකිණීමට වෙළෙඳ ප‍්‍රජාව පෙළැඹී සිටී. නිහැඬියාව එම වැරැුද්දට අනුබලයකි.කතෝලික සභාවේ ප‍්‍රධානීන් ප‍්‍රමුඛ ජනතාව මෙම බැතිමත් සාන්තුවරයාව විකිණීමට, අපහාස වන අන්දමින් භාවිතා කිරීමට එරෙහිව යම් නීතිමය පියවරකට යා යුතු කාලය පැමිණ ඇත. නමුත් සභාව තවදුරටත් මුණිවත රකිමින් මේ වැරැුද්දට තව තවත් අනුබලය සපයයි.

ඉතින් මෙවන් වටපිටාවක් තුළ සාන්තුවර නිකුලස් මුනිඳුන්ගේ හෙට දවස තීරණය කිරිම පැවරී ඇත්තේ වෙළෙඳ ප‍්‍රජාවගේ අතේය. තම ආදරණීය සාන්තුවරයා පෙනී පෙනී විකිණෙද්දී කතෝලිකයින් නිහඬව සිටීම පුදුමයට හා දුකට කරුණකි. කිතුනු ජනතාවගේ මේ නිහඬ නිද්‍රාශීලී පිළිවෙත තුළ ක‍්‍රිස්තුස් වහන්සේ ද මේ වන විට විකිණෙන බව සමහර විට කතෝලික ජනතාව නොදන්නවා විය හැකිය. එයම ඛේදවාචකයකි.
___________________________________

ගවේශනාත්මක සටහන : තිළිණ අලහකෝන් විසිනි 2009 දෙසැම්බර් වැනි ඉරිදා ‘සියත’ පුවත්පතිනි

No comments:

Post a Comment

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...