Sunday, May 27, 2018

දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි.



ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 

1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් පියතුමා බුඑනොස් අයිරෙස්හි වෙළද මධ්‍යස්ථානයක වූ දේවස්ථානයක සවස හතට පමණ දිව්‍ය පූජාව පවත්වමින් සිටියේය. දිව්‍ය සත්ප්‍රසාද දානය කිරී‍ම අවසන් වනවාත් සමග එක් කාන්තාවක් පැමිණ දේවස්ථානයේ පසුපස තිබෙන ඉටිපන්දම් රදවනක පූපයක් තිබෙන බව පියතුමාට පැවසූවාය.පියතුමා ඇය පෙන්වූ තැනට ගොස් කවුරුන් හෝ විසින් අගෞරවාන්විත ලෙස ඉටිපන්දම් රදවනය තුල දමාගිය පූපය දුටුවේය. එය අනුභව කිරීමට නොහැකි තත්ත්වයේ තිබූ නිසා එය ජලබදුනක බහා දිව්‍ය සත්ප්‍රසාද කූඩුව තුල තැන්පත් කරන ලදී.



අගෝස්තු මස 26වන දින අලෙජාන්දෝ පියතුමා දිව්‍ය සත්ප්‍රසාද කූඩුව විවෘත කරද්දී ඔහු දුටුවේ පුදුම දෙයකි. මීට දින කීපයකට පෙර ඉටිපන්දම් රදවනය මතින් ගෙන ජල බදුනක බහා තැන්පත් කළ පූපය ලේ වලින් පිරුණු මස් කැබැල්ලක් බවට පත් වී ඇත් බව දැකීමෙන් ඔහු මවිතයට පත්විය. මේ සිද්ධිය එසැනින් ඔහු සැලකලේ එවකට සහයක රදගුරුතුමන්ව සිටි වත්මන් ශුද්ධෝත්තම පියතුමා වන අති උතුම් ජෝර්ජ් බෙර්ගොල්යෝ රදගුරුතුමාටය. එතුමන්ගේ උපදෙස් වලට අනුව එම ප්‍රාතිහාරාත්මක පූපය ඡායාරූපගත කොට දිව්‍ය සත්ප්‍රසාද කූඩුව තුල තැන්පත් කල අතර එය ඔවුන් අතර රහසක්ව තබාගන්නා ලදී. වසර තුනක් ගෙවී ගියද, මාංශය බවට පත්වූ පූපයේ පෙනුමේ කිසිදු වෙනසක් නොවූ හෙයින් ඒ ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට එවකට බොඑනොස් අයිරෙසිහි අගරදගුරුධූරයට පත්වූ ජෝර්ජ් බෙර්ගොල්යෝ අගරදගුරුතුමා තීරණය කලේය. ඒ අනුව 1999 ඔක්තෝම්බර් 5වන දින වෛද්‍ය කස්තනන් මෙම ප්‍රාතිහාරාත්මක පූපයේ විශේෂ ශෛල සාම්පලයක් විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිව්යෝර්ක් නුවරට යවන ලදී. නමුත් මෙම සාම්පලය ලාබාගත් මූලාශ්‍රය නිව්යෝර්ක් නුවර සිටි වෛද්‍යවරුන්ට හෙලි නොකරන ලදී. ඔවුන්ගේ විශේෂ වෛද්‍ය පරික්ෂණයේ නිගමනයන් මෙසේය.  

මෙය සැබවින්ම මිනිස් ඩී. එන්. ඒ. සහිත මිනිස් රුධිරය හා මාංශය තිබෙන මූලදුව්‍යයකි.

මෙය මිනිස් හදවතේ සිට මුළු සිරුරටම රුධිරය බෙදා හරින ප්‍රධාන ධමනියකින් ගත් කොටසකි.

මෙම හදවත් ශෛල තුල ඇති සුදු රුධිර ශෛල ප්‍රමාණය ‍මෙම ශෛල අයිති පුද්ගලයා මෙම ශෛල ලබාගත් අවස්ථාවේ බලවත් වේදනාවක හා කම්පනයක සිටිබව හෙලිකරයි.

මෙම හදවත් ශෛල ලබාගෙන ඇත්තේ මෙම මිනිසා ජීවත්ව සිටියදීමය, ඒ මන්දයත් සුදු රුධිර ශෛල ජීවත්වනුයේ සජීවී ජීවියෙක් තුල පමණි. එබැවින් මෙම ශෛල සාම්පල ලබාගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයා ජීවත්ව සිටිය යුතුමය.

මෙම හදවත අයිති තැනැත්තා මෙම ශෛල ලබාගන්නා අවස්ථාවේ තදබල පීඩනයක සිට ඇති අතර ඔහුගේ පපුවට තදබල ලෙස පහරදී ඇත.

මෙම ශෛල සාම්පලයේ මූලාශ්‍රය දැනගත් ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් ‍දෙදෙනෙකු වන මයික් විල්ලේසේ සහ රොන් තෙයොරියොරෝ වෛද්‍ය සූගීබා ඇතුළු නිව්යෝර්ක් වෛද්‍ය මණ්ඩලයේ නිගමන අසා මවිතයෙන් මවිතයට පත්වූහ. මාධයවේදීන්ගෙන් එක් කෙනෙකු වන මයික් විල්ලේසේ, සුදු රුධිර ශෛලයක් ජලය මත කොපමණ කාලයක් ජීවත් වන්නේදැයි වෛද්‍ය සුගිබාගෙන් ඇසීය. ඊට සුගිබාගේ ක්ෂණික පිළිතුර වූයේ ජලය මත සුදු රුධිර ශෛලයක ආයුකාලය මිනිත්තු කිපයක් බවය. ඉන්පසුව මාධ්‍යවේදීන් දෙදෙනා මෙම හදවත් ‍ශෛල සාම්පලයේ ඉතිහාසය වෛද්‍ය සුගිබාට හෙළිකරන ලදී. මෙම ප්‍රාතිහාරාත්මක මාංශය බවට පත්වූ පූපය සාමාන්‍ය ජලය මත මාසයක කාලයකුත්, සුපිරිසුදු ජලය මත වසර තුනක කාලයකුත් තැබුවයින් පසු වෛද්‍ය පරීක්ෂණයට යොමුකල බව ඔවුහු වෛද්‍ය සුගිබාට පැවසූහ.

ඔවුන් එළිදරව් කල ඉතිහාසයෙන් මවිතයට පත්වූ වෛද්‍ය සුගිබා ඔවුන්ගෙන් තවත් ප්‍රශ්ණ දෙකක් ඇසීය.

මෙම ශෛල සාම්පලය මියගිය පුද්ගලයෙකුගෙන් ශෛළ සාම්පලයක් නම් මෙම ශෛල පරීක්ෂණය කරද්දී ජීවමාන ශෛල මෙන් සෙලවෙමින් තිබුනේ මන්ද

1996 වසරේ මියගිය කෙනෙකු 1999 වස‍රේ ජීවත්වන්නේ කෙසේද

ඊට පිළිතුරක් වශයෙන්, මෙම ශෛල ලබාගත්තේ දිව්‍ය පූජාව තුලදී දිව්‍ය රහස් කල පූපයකින් බව මයික් විල්ලේජ් හෙළිකලේ එවිටය.

ඉන්පසු ඔවුන් තවත් පරීක්ෂණයක් කලෝය. එනම් බූඑනොස් අයිරෙස් සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයේ වාත්තාවන් සහ ලන්චියානු නුවර දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයේ වෛද්‍ය වාර්තාවක් ඒවායේ මූලාශ්‍ර හෙළිදරව් නොකොට ඒවා සංසන්දනය කිරීමට සැලැස්වීමයි. වෛද්‍ය වාර්තා දෙක සංසන්දනය කල වෛද්‍යවරුන් හෙලිකලේ ‍මෙම ශෛල සාම්පල දෙකම ලබාගෙන ඇත්තේ එකම පුද්ලගලයකුගෙන් බවයි. ඔවුන් තවදුරටත් හෙලිකලේ මෙම සාම්පල දෙකේම රුධිරය AB+ (AB Positive) ඝණයට අයිති බවත් මෙම ශෛල මැද පෙරදිග විසූ පුද්ගලයෙකුගේ ශෛල බවත්ය.

මෙම ශෛල සාම්පල දෙක ලබාගෙන ඇත්තේ රටවල් දෙකකිනි එකක් ආජන්ටිනාවේ බොඑනාස් අයිරෙස් නුවරිනි. අනෙක දකුණු ඉතාලියේ ලන්චියානේ නුවරිනි. නමුත් ඒ සාම්පල දෙකේම ශෛල මැදපෙරදිග මනුෂ්‍යයෙකුගේය. මැද පෙරදිග ජීවත් වන මනුෂ්‍යයකුගේ ජීවමාන ශෛල වෙනස රටවල් දෙකකින් ලබාගන්නේ කෙසේද. සාමාන්‍ය කෙනෙකුට මෙය පෙහෙළිකාවක් වුවත් කිතුණු භක්තිකයන් වන අපට එය විශ්වාසයේ පරම අභිරහසය.    

Thursday, May 24, 2018

දෝමිණී කෝවාදෙස් (ස්වාමින් ඔබ කොහෙද මේ යන්නේ )


පේදුරු තුමා ඔන්න නැව් නැගලා මධ්‍යධරණීය මුහුදෙන් එහාපැත්තට ඇවිත් රෝමයට ගොඩ බහිනවා රෝමයේ තිබෙන පැරණිම වරායක් (ඔස්තියන්සී වරාය)


මේ වරායෙන් බැහැල හරියටම රෝමයේ මැද තියනවා කොලෝසියම් කියන ඇන්ෆිතියේටර්


එක තියෙන්නේ ඔබ දන්නවා ඇතී නීරෝ අධ්රාජියා මේ කොලෝසියම් එකේ තමයී කිතුනුවන්ට පීඩාවට ලක් කරලා මරණු ලැබුවේ ඉතිං මේ වටේ තමයී පැරණි රෝමානු නගරය පිහිටා තිබෙන්නේ මේ ඔස්තියන්සී වරායේ ඉදලා කෙලින්ම රෝමයේ මැදට තියන පාර තමයී ලෝකයේ පැරණිම පාර මේ පාරේ නම තමයී



(වීයා අපියා ආන්තිකා) මේ පාර තවමත් තියනවා ඉතිං පේදුරු තුමා මේ පාර දිගේ තමයි රෝමය එහෙමත් නැත්නම් රෝමානු අධ්රාජ්‍යායට ඇතුළු වුනේ..ඉතිං පේදුරු තුමා එතුමාට පක්ෂපාති දෙතුන් දෙනෙක් එකතුකරගෙන මේ ධර්මය ප්‍රචාරය ආරම්භ කරන්න පටන් ගත්තා..
හැබැයි මේ දේ හිතන තරම් ලේසි වුනේ නම් නැහැ මොකද රෝමය ( ඉතාලිය ) කිව්වහම මිත්‍යදුෂ්ට්ක ආගම් දෙව්වරු බොහෝ දෙව්වරු ඇති ව්ජාතිකයින් සිටින රටක් ඔවුන් යාවේ දෙව්යන් වහන්සේ ගැනවත් ජේසු ක්‍රිස්තුස් වහන්සේ ගැනවත් දැනගෙන හිටපු අය නම් නෙවෙයි
අදට උනත් ඔයාලා දන්නවා ඇති ඉතාලියේ තියනවා පැන්තියන්,පියස්ස වැනිසියා වගේ තව තව බොහෝ කලාවන් තියනවා ඉතිං ඒ කලාවන් වලින් බිහිවුන බොරු දෙව් වරු බොහෝ ආගම් මේ ඉතාලියේ තිබුනා

මේ ඒ වගේ මිත්‍යදුෂ්ට්ක ඇදහිල්ලක් මේක තියෙන්නෙ කොලෝසියම් එකට ටිකක් දුරින් තමයි තියෙන්නෙ

(බොක්කා දෙල්ලා වෙරිතා)




ඔවුන් විශ්වාස කරනවා බොරු කියපු කෙනෙක් නම් මේ කට ඇතුලට ඇතදාපුවාම ඒ අත මේ කටින් අල්ල ගන්නා බවට...
ඉතිං ඔය එකක් ඔය වගේ මහ විකාර ආගම් හා දෙව් වරු තමයි එදා ඉතාලියේ රෝමානු අය  ඇදහුවේ ඉතිං මේ වගේ මිනිසුන්ට ඒක දේව වාදය කියන දේ තේරුම් කරලා ජේසු තුමන් ගැන තේරුම් කරලා කිතුනුවන් කරන එක නම් පේදුරු තුමාට පොඩ්ඩක්වත් ලේසි වුනේ නැහැ හැබැයි පේදුරු තුමා තනිව සාමාන්‍ය  මිනිසෙක් හැටියට නම් නෙවෙයි මේ කාර්‍ය්යට එලබුනේ මොකද මේ දේව කාර්‍ය්ය මැද පේදුරු තුමා සමග උත්තාන ජේසු සමිදු හිටියා ඒක අමතක කරන්න එපා.මොකද පේදුරු තුමා ක්‍රිස්තුස් වහන්සේගේ නියෝජිතයෙක් ඉතිං ජේසු සමිදුන්ගේ මරණයෙන් පසුව මේ අය රෝමයට පැනලා ඇවිත් මේ සුභආරංචිය රෝමයට බෙදා දෙන්න හැදුවත් ඒක හොද දෙයක් නම් වුනේ නැහැ ඉතිං මුලදි මේ පේදුරු තුමා සමග බොහෝම සුළු පිරිසක් එකතු වුනා හැබැයි මේ නීරෝ කියන අධ්රාජ්‍යා ඒ සුළු පිරිසට බොහෝ පීඩා කරන්න ගත්තා

(නීරෝ අධ්රාජ්‍යා )


ක්‍රිස්තු වර්ෂ 60 ක කාලය ඉදන් මේ නීරෝ කියනේ බොහෝම මේනියා කාරයෙක් මොකද මෙයාගේ සහෝදරයන් පවා මරපු කෙනෙක් මේ නීරෝ කියන්නේ ඉතිං මේ නීරෝ මොකද කරන්නේ මේ කිතුනුවන්ට එන්න එන්න වැඩි වෙන එක නවත්වන්න හා රෝමානුවන් හා කිතුනුවන් අතර භේදයක් ඇති කරන්න මේ නීරෝ රෝමයට ගිණි තියනවා






අහලා ඇති නේ මේ කතාව

රෝමය ගිණි ගනිද්දී නීරෝ වීනා වාදනය කලා කියන කතාව අන්න ඒක තමයී ඒ සිද්දියේ කතාව ඉතිං මේ රෝමයට ගිණි තියලා මෙයා ප්‍රචාරයක් යවනවා සුළුතරයක් වුන කිතුනුවන් හා පේදුරු තුමා තමයි මේ දේ කලේ කියලා.රෝමානු වැසියන් ඇව්ස්සෙනවා ලොකු කලබලයක් ඇතිවෙනවා.

මේ නීරෝගේ කුළුණ උඩ ඉදන්




වීනා වාදනය කරමින් මෙතන ඉදන් රෝමය දෙස බලාගෙන ඉන්නවා.මොකද මෙතනට හොදට මුළු රෝමයම පේනවා අදට උනත් ඔබට ගියොත් පැරණි රෝම නගරය බලාගන්න පුලුවන්
ඉතිං මේ පේදුරු තුමා බොහොම අමාරුවෙන් කිතුනුවන් රැස්‍කරනවා ඒ වගේම බොහෝ පිරිසක් මේ පේදුරු තුමා වටා එකතු වෙනවා


විශේෂයෙන් කිව්වොත් රෝමානු හමුදාවේ සොල්දාදුවන් රෝමානු සෙනේටයේ,රෝමන් ෆෝරම් එකේ විශේෂ අය මේ පේදුරු තුමා හා සමග එකතු වෙනවා.ඉතිං මේක නීරෝට ලොකු අභියෝගයක් නීරෝ මොකද කරන්නේ මේ කිතුනුවන් වැඩිවැඩියෙන් මරණනව හැබැයී මේක දකින රෝමානු වැසියන් තවතවත් කිතුනුවන් ලෙස පේදුරු තුමා වටා එකතු වෙනවා.

මේ කොලෝසියම් එක




ඔබ දන්නවා ඇති පාප්වහන්සේ මහ සිකුරාදා දින මෙහෙය සිදුකරන්නේ මෙතන




මොකද ඒකට හේතුව මං කියන්නම්

ඔය කොලෝසියම් එක වටේ හරියට පඩිපෙල් වගේ තියෙන්නේ ඒ මැද පිට්ටනියක් වගේ තියන තැන් වෙන සියළුම දේ හොදට ඔය වටේ වාඩි වෙලා ඉන්න අයට බලාගන්න පුලුවන් ඉතිං මේ කිතුනුවන්ව මේ කොලෝසියම් එක මැද්දට දාලා දවස් ගනනින් බඩගින්නේ ඉන්න සිංහයො,කොටි වගේ දරුණු සතුන් ඒ මැද්දට මුදා හරිනව.ඉතිං ඒ සතුන් අර කිතුනුවන්ව කෑලි කෑලි වලට ඉරා කා දමනවා මේ සියල්ල නීරෝ අධිරාජ්‍යවාදීයාගේ පක්ෂපාති අය නරඹමින් සතුටු වෙනවා.
හැබැයි මේ අතරේ මේ සාක්ෂිය දැකලා අධ්රාජ්‍යවාදීන්ගේ බිසෝවරු පවා මේ කිතුනු ආගම වැලද ගන්නවා ඉතිං නීරෝට ලොකු අභියෝගයක් කිතුනුවන් මරන්න මරන්න මේ කිතුනු සංහාරය වැඩිවෙනවා.
මේ නීරෝ අවසානයේ තීරන කරනවා පේදුරු තුමාව මරණ්න..හැබැයි මිනිහා ටිකක් බයයි මොකද දැන් මිනිහා ජේසු ගැන අහලා තියනවා ඊටත්වඩා නීරෝ බයවුනා මේක නිසා මිනිහට රටේ ලොකු කැරැල්ලක් බවට පත්වේදෝ කියා.ඉතිං මේ නීරෝ මොකද කරන්නේ මේ පේදුරු තුමාව මරණ්න නැතිව මේ පියොත්‍රෝ එන් කතේනා කියන මේ තැනට ගෙනත් එකේ තේරුම තමයි පේදුරු තුමාව දංවැල් දාලා බැදලා වද දුන් තැන


කියන එක ඉතිං මෙතන තියාගෙන පේදුරු තුමාට ගොඩක් වද දෙනවා ඒත් නීරෝට ඒකෙන් සැනසීමක් ලබන්න බැරි වෙනවා ඒත් එන්න එන්නම කිතුනු ජනතාව රෝමයේ වැඩිවෙනවා නීරෝ කල්පනා කරලා පේදුරු තුමාට අවස්ථාවක් දෙනවා මේ රෝමයෙන් පිට වෙලා නැවත ගලීලයට යන්න නැතිනම් මරණය වැලද ගන්න වෙන බව ඉතිං මේ පේදුරු තුමා කල්පනා කරනවා ඇත්තටම මම මේ මොහොතක් මැරුනොත් මේ සියල්ල නවතීවී මම මේ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරං රෝමයෙන් පිට වෙලා ගිහින් වෙන ක්‍රමයකින් ආපහු එනවා කියලා හිතාගෙන පේදුරු තුමා  නැව් නගින්න පාන්දරජාමේ ආපහු අර වියාඅපියාන්තිකා කියන පාර දිගේ එනවා මේ එන අතරමගදී ඉතා ලස්සනම සිදුවීමක් වෙනවා

පේදුරු තුමාට හොදට දැකලා පුරුදු පුද්ගලයෙක් පේදුරු තුමා ඉදිරියට එනව එක පාරටම පේදුරු තුමා අදුරගන්නවා මේ උත්ථාන ජෙසු කියලා ඉතිං පේදුරු තුමාට එක පාරටම කියවෙනවා

දෝමිණී කෝවාදිස්
( ස්වාමින් ඔබ කොහෙද මේ යන්නේ )


මේ පාර මැද හදලා තියෙන්නෙ මේ පල්ලිය ඒ ඒ පල්ලියේ නමත් දෝමිණී කෝවාදි යන නම තමයි තියෙන්නේ ඒ ස්ථානය තමයී හරියටම ඒ පාර මැදි කරලා හදලා තියෙන්නෙ
ඒ පේදුරු තුමන්ට උත්ථාන ජේසු හමුවුනු තැන
මේ පල්ලියේ මැද ජේසු තුමන්ගේ අඩිපාරවල් සටහන් වෙලා තියනවා ඒක ගොඩක් සුවිශේෂී දෙයක්....


ඉතිං මෙතන පේදුරු තුමාව හමුවුන මොහොතේ පේදුරු තුමා අහපු ප්‍රශ්නයට ජේසු පොඩ් හින්ට් එකක් හිතට වදින්න දෙයක් කියනවා මොකද දැං මේ පේදුරු තුමා නීරෝට බයේ මරණයට බයේ රෝමය අතහැරලා ජේසුගේ ඒ කාර්‍ය්ය අතහැරලා ආපහු ගලීලයට යන ගමන් නේ මේ ජේසුව හම්බවෙන්නෙ ඉතිං ජේසු කියනවා පේදුරු තුමාට

පියෙත්ත්‍රෝ යෝවාදෝ අංකෝරා වොල්තා මොරීරෙයා රෝමා අකුරුචීප්‍රීසෝ

(පේදුරු මං ආයේ රෝමයට යනවා ආපහු කුරුසියේ ඇණ ගැහිලා මැරෙන්න)

මේ වචන ටික පේදුරු තුමාගේ හදවත පසාරූ කරගෙන යනවා පේදුරු තුමා හිතනවා මේ මට තමයී ජේසු මේක කිව්වෙ මම නීරෝට බයේ ආපහු හැරිලා ගලීලයටව්‍යන නිසා ඉතිං පේදුරු තුමා ආපහු හැරෙනව රෝමයට යන්න ඒ එක්කම නීරෝගේ සොල්දාදුවන් පේදුරු තුමාව අල්ලගෙන මරන්න ගෙනියනවා

පේදුරු තුමාගේ මේ මරණය සිදුවන්නේ මෙහෙමයි



පේදුරු තුමාට වද දීලා කුරුසියේ ඇන ගසන්න යද්දී පේදුරු තුමා කියනවා මගේ ස්වාමින් වහන්සේ ඇණ ගහපු විදියට ඇන ගසන්න මම සුදුස්සෙක් නෙවෙයි ඒ නිසා මාව කුරුසියේ අනිත්පැත්ට ඇන ගසන ලෙස ඉල්ලා සිටිනවා
ඒ ඉල්ලිම අනුව එය එසේ සිදුකරනවා..
පේදුරු තුමාව මරණුවට පත්කරනු ලබනවා.
ගොඩක් ලස්සන දේවල් තව ඉදිරියට සිදුවෙනවා ඒ සියල්ල මම ඊලග ලිපියෙන් ලියන්නම්

එහෙනම් අපි මෙතනින් නවතිමු
ඉතිරි කොටස මං ඊලග ලිපියෙන් ලියන්නම්

මම සදීප නිරෝෂන්
ජේසු පිහිටයී




දුම්මල වරම අතට ගත් කපුවන් සේ හැසිරෙන ISIS ඝනයට අයත් බයිබල් අන්තවාදීන්



දේව මාතාවන්ගෙ පිංතූරයක් මුහුණු පොතට කවුරුන් හෝ මුදාහැර තිබෙනවා දුටු සැනින්, ඔබ දැක ඇත.කොපමන නම් දේව මාතාවන්ට ඔවුන් වයිර කරනවාද කිවහොත් සමාජයෙ කුනු හර්ප ලෙස ගනන් ගැනෙන ඉතා පහත් වචන වලින් පවා ආමන්ත්‍රණය කල අවස්ථා අප ඇස් දෙකෙන් ඕනෑම තරන් දැක ඇත.( අපගේ පිටු සහ සමූහ තුල ) ඒවා ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව එවැනි දේවල් වලින් ඔවුන් යම් ඈත් වීමක් දක්නට ඇත.නමුත් ඔවුන්ගෙ හිත් තුල ඇත්තේ එම පරණ අදහස්ම පමනක් බව , ඔවුන් සමග නිතර ගැටෙන්නෙකු වසයෙන් මා විස්වාසයෙන් ප්‍රකාස කරමි.

වීසා අහිමි වී පිටරට වල අසරන වී සිටින විට ගොඩාක් අය හැංගෙන්න යන තැනක් තමයි මූලදර්මවාදින්ගෙ දේශනා කාමර.එයාලා ඒවට පල්ලි කියලත් කියනවා.අන්න එහෙම අසරන වෙලා එන අන්‍යාගමික මිනිසුන් ඉතා ආදරයෙන් පිලිගන්න ඔවුන් හිමිහිට ඔවුන්ට උදව් කොට , වීසා අරන් දී රැකියා වලට පවා යොදවනවා...හොදයි ..ඇත්තටම හොද දෙයක්.යහපත් දෙයක්.අන්‍යන්ට උදව් කිරීම ඉතා හොද දෙයක්.

මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේ කියලා පරන කතාවක් ඔයාලා අහලා ඇතිනෙ.ඔන්න ඉතිම් හිමීට අර කොල්ලො කෙල්ලො පඩියක් ඒම ගත්තට පස්සෙ ස්මාර්ට් පෝන් එකක් ඒම අරන් අර අහවල් දේසන සාලාවෙ මහ තැන කියපුවා කොටනවා දිගට හරහට හෙලකුරු ගලපලා.තව ඒ අතරෙ ප්ලේස්ටෝර් එකෙන් බා ගත්ත අර මහ තැන කිව්ව බයිබලේ කෑලි කොපි කර කර පේස්ට් කරනවා.ටිකක් දිගට කොටනවා , බලන් ඉන්න අයට පොඩ්ඩක් දැනුවත් ඩෑල් එකක් කියන එක ඒත්තු යන්නත් එක්ක.පොඩ්ඩක් නැවතිලා කියෙව්වොත් එකම තමයි ඉතින් විවිද වචන වලින් දිගට කොටල තියෙන්නෙ.

කියන්න ගියේ එයාලා ගැන නෙමෙ, ඒත් දැනුවත් වීම වටින නිසා ලියන්න සිතුනා.

දේව අම්මා..දේව අම්මා කියන්නෙ ලෝකෙ කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි කෙනෙක්.දේව දූතයෝ ඈට ආමන්ත්‍රණය කරන්නෙ #විපුල_වරප්‍රසාද ස්ත්‍රිය කියලා.දේව මාතාවන්ගෙ වැදගත් කම කතෝලික අපට නම් අලුතෙන් කිව යුත්තක් නොවෙයි.

ජොහාන් තුමාගෙ පලමු ලිපියේ ඈ ගැන මෙසේ පලවෙනවා

12 ඔබ වෙත ලියා එවන්නට මට බොහෝ කාරණා ඇත. ඒවා කඩදාසියක තීන්තෙන් ලිවීමට වඩා, අපේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ මුණගැසී කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.
13 ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති.

ඔබ තෝරාගත් සොයුරියගෙ දරුවො.කා ගැනද මේ කියන්නෙ, කව්ද මේ දරුවෝ...

ශුද්ධ වූ සභාවෙ සමාරම්භක අවස්ථාවෙ සිටම ඈ අප සමග සිටිනවා.එදා සේනාකුලු සාලාවෙ ශුද්ධ වූ සභාව ආරම්භ වෙද්දි , ශුද්ධාත්මයානො වැඩම කරන්න පෙර , බයෙන් ඉන්න අපේ පලමු පූජකවරුන් වන අපෝස්තුලුවරුන් බියෙන් වෙව්ලද්දි ඔවුන්ගෙ සක්තිය වෙන්නෙ දේව අම්මා...මොකද ඔවුන් දැන සිටියා ඒ කුසෙන් තමයි දේව පුත්‍රයා මෙලොව එලිය දුටුවෙ..ඇගෙ කුස තමයි පලමු සත්ප්‍රසාද මන්ඩපය කියා.ඔවුන් බය උනා..නමුත් එදින ඔවුන්ට සිටිය එකම හයිය උනේ දේව අම්ම...

දේව පුත්‍රයා මෙලොවට ගෙනාපු අම්මට බලයක් නෑ කියලා ඔබ හිතනවාද ....මෝක්ෂයෙ සිට සාතන්ගෙ බලය පිටු දැකීමට අපිට හයියක් වීමට ඈට බැරිද..මෝක්ෂයෙ සිට අසරන අපිට පනිවිඩයක් රැගෙන මෙලොවට ඒමට ඈට බැරිද ......එසේත් නැත්තන් අර යෙහෝවා විටන්ස්ලා කියනවා වගේ , එලිදරව්වෙ කියන අවසානයේ එන ඔලු හතේ මකර ගෑනි ඈද....

තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා දෙවියන්ගෙ කැමැත්ට ඉඩ දීලා ඔබ කී ලෙස මට සිදුවේවා යැයි කීයා මෝසෙස් ගෙ නීතිය ගැනද හොදින් දැන එදා ඒ වගකීම බාර ගත්ත ඈ ස්වර්ගයට වී පාඩුවෙ සිටීද ????

නෑ ...එහෙම නෑ...ඈ මෙලොවට පැමිනි වාර අනන්තයි.විවිද තෝරාගත් පුද්ගලයන් සොයා ඔවුන්ට දර්ෂනය වී ලොවට පනිවිඩයක් දී ගිය වාර අනන්තයි.

ජොහාන් තුමාට වගේ මටත් ලියන්න තියෙන දේ නම් අනන්තයි දේව අම්මා ගැන , දේව අම්මට කියලා මම ජේසුගෙන් ඉල්ලගත්ත දේවල් ගැන.වෝල් එක පවා මදිවේවි.

අවසාන වසයෙනුත් කියන්නෙ, දේව අම්මට ගරු බිය පාන්න.එතුමිය නිතර අප වෙනුවෙන් මැදිහත් වේවි.එතුමියගෙ දර්සන තුලින් අපට ලැබුන ලොකුම තෑග්ගක් තමයි ජපමාලය.සාතන්ට ගහන්න තියෙන තුවක්කුව.හැකි තරන් ජපමාලය බක්තියෙන් උච්චාරනය කරන්න.

බයිබලයේ ලියලා නැති උනටා ජපමාලය කියන්න කියලා, ජපමාලය තුලින් අපට පුලුවන් සාතන් පරාජය කරන්න, ආපි අපේ සිත නපුරාගෙන් රැක ගන්න.ඒම කලා කියලා ජේසු තරහා වෙන්නෙ නෑ....ජේසුට පිස්සු නෑ තමන්ගෙම මිනිසත් මව තුලින් උන්වහන්සේ වෙත එන දරුවන්ට දඩුවන් කරන්න.තව දෙයක් තමයි උන්වහන්සේ වෙත එනවා කියන්නෙ පාරක් දිගේ ඇවිදගෙන ස්වර්ගයට යනවා නොවෙයි.සරලවම කියනවනම් සාතන්ව පරාජය කිරීමයි උන්වහන්සේ වෙත යන්වා යන්නෙහි නියම අරුත.අපිට තිබ්බ පරීක්සා තමයි...

යක්ෂයා , මාංශයා , ලෝකයා( බයිබල් කාරයා)

සටහන = උමේෂ් දනුශ්ක
කතෘ අයිතීන් සුරකින්න

Sunday, May 20, 2018

මූලදර්මවාදීන්ට ලියමී


මරිය තුමියට ගෞරවය කිරිම වරදක් වේද?

*මුලදර්මවාදින්ගේ දුර්මතය :
දෙවියන් වහන්සේට හිමි වන්දනාව මහිමය හා ගෞරවය අන් කිසිවෙකුට නොදිය යුතුය යැයි ප්‍රකාශ කල සේක (නික්.20,05 යෙසා.42,8)
මරියා පවුකාරයෙක් ය ඇ සාමාන්‍ය මිනිස් ලදකි එබැවින් ඈට විශේෂ ගෞරවයක් වන්දනාවක් නොකල යුතුය රෝ.කතොලික සභාව ශු.බයිබලයට පටහැනිව ක්‍රියා කරමින් ඇය දේවත්වයෙන් සැලකිමටත් කන්‍යාති කන්‍යාව ලෙස ඇමතිමත් කිසි සේත් යුක්ති සහගත නොවේ

*මුලදර්මවාදින් ගෙ දුර්මතයට පිළිතුරු :

සියවස් ගනනාවක ඈත අතිතයක දිව යන කතොලික සභාව එහි මුල බිජය පටන් අද වන තුරැ කිසිදු ආකාරයකින් මරිය මවුන් දේවත්වයෙන් සැලකු බවත් දැක්විය  නොහැක එසේ කරන යමෙක් ඇත්නම් එය කිසි සේත් අප අනුමත නොකරන බව කිව යුතුමය අපගෙ පලමු වන්දනාව හිමි විය යුත්තෙ එකම දෙවියන් වහන්සේටය මැවුම් කරැවානන්ට හිමි වන්දනාව මැවිමක් වු මරිය වහන්සේට දිමෙන් අප පළමු පනත කැඩිමක් ද සිදු වේ
එනමුදු මරිය වහන්සේ යන උත්තරිතර කන්‍යාවකට ගරැ බුහුමන් දැක්විමටද අපි මැලි නොවෙමු දේව පුත්‍රයානන් මෙලොවට බිහි කිරිමට තරම් අති උත්කෘෂ්ට දේව වරමක් ලැබු එකම තැනැත්තියට කිතුනු අපේ ගෞරවය අහිමි වන්නේ නම් ඊට හිමි කම් කියන වෙන කිසිවෙකු මෙලොව සිටිය හැකිද
ගැලවිමේ කාර්යට සහභාගි කිරිමට දෙවියන් වහන්සේ අනාදියේ සිට මෝසේස් ,ස්නාවක ජුවාම් යන අය තෝරා ගත්තා නම් උන්වහන්සේ කුස දැරිමට තෝරා ගත් මවු මරියා අනාදියේ සිට තෝරා ගත් අයෙක් නොවේද?
ලොව පහලවු සියලු දූ වරැන් අතරින් තම මැණියන් විය යුත්තේ කවුරැන්දැයි තෝරා ගැනිමේ වරය ලැබු එකම තැනැත්තා ක්‍රිස්තුන් වහන්සේ ය
එතුමානෝ තම මව විමේ භාග්‍ය ලැබිම සදහා තෝරා ගත්තේ යස ඉසුරින් අග තැම්පත් සිටු කුමරියකු නොව චාම් බව නිසල බව ,නිමල බව ,බැගැ බව වැනි සුවහසක් මිනිස් සදහම් ගුණ සුවදින් පිරි සාමාන්‍ය ලදක් වු නාසරෙත් හි මරියාවන් ය
සියලු කාන්තාවන් අතරින් මරියා නැමති උත්තරිතර කාන්තාවට ශු.ලියවිල්ලේහි අග්‍ර ස්තානයක් හිමි වි ඇතැයි යන කතොලික ස්ථාවරය ශු.ලුක් තුමාගෙ සුවිශේෂයේ පලමු පරිච්ඡේදයේ එක් එක් පදයක් ගෙන විග්‍රහ කිරිමෙන් මැනවින් සනාථ වේ
"සවැනි මස ග්‍රාබ්බ්‍රියෙල් නම් දේවදුතයා දෙවියන් වහන්සේ විසින් කන්‍යාවක වෙත යවන ලදි ඒ කන්‍යාවගේ නම මරියාය "
මෙසේ දෙවිදුන් විසින් විශේෂ පනිවිඩකාරයෙකු මගින් පනිවිඩයක් යැවිමට තරම් ඇ දෙවිදුන් ගෙන් පනිවිඩයක් ලැබිමට තරම් ඈ භාග්‍යවන්තද
"ග්‍රාබ්බ්‍රියෙල් නම් දේවදුතයා දාවිත් රජ පරපුරෙන් පැවත එන මනුශ්‍යකුට විවාහ ගිවිසුම් දි සිටි කන්‍යාව වෙත යවන ලදි " ඉශ්‍රායෙල් වරැන් මෙසියස් තුමා පතා සිටියේ දාවිත් රජ පරපුරෙන් ය එසේ ශ්‍රේෂ්ඨ පරපුරෙන් එන ජෝසප් හට විවහා බස් දීම තුලිනුත් එතුමියට හිමි වුයේ ඉමහත් ගෞරවය ප්‍රසාදයකි
දේවදුතයා ඇ සිටි තැනට පැමින "විපුල ප්‍රසාද ලත් උත්තමිය" ලෙස අමතයි දෙවියන් වහන්සේ විසින්ම ප්‍රසාදයෙන් පුර්නවන්තනිය යනුවෙන් අමතනු ලැබිමට ත් ගෞරවයට පත් වු එතුමිය අපගේද ගෞරවයට පත් විම සර්ව සාධාරන නොවන්නේද ?
"ඔබට මංගලම් වේ " මෙහි අර්ථය අති ප්‍රශංසනිය ඇමතුමකි උතුම් තැනැත්තෙකුට පිදෙන උත්තමාචාරයකි මෙසේ උන්වහන්සේ ගේ දුතයෙකුම ආචාර කිරිමට තරම් මරිය තුමිය ශ්‍රේෂ්ඨ වුවාය
"ස්වාමින් වහන්සේ ඔබ සමඟය "
ගැලවිමේ කාර්යට සම්භන්ද වු දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබු එතුමන්ට සමිපව සිටි පුජකවරැන්, දිවැසිවරැ ,හා රජ වරැන් ට දේව සංරක්ශනය බලය වරප්ප්‍රසාද  පැවති බව ප්‍රකාශ කරන යෙදුමකි
උදා:- ස්වාමින් වහන්සේ ජාකෝබ් අමතා මේසේ කිය "මෙන්න මමද නුබ සමග සිටිමි"
දෙවියන් වහන්සේ මෝසෙස්ට උත්තර දෙමින් "මෙන්න මම නුබ සමග සිටිමි "මා නුබ එවු බව දැන ගැනිම පිනිස නුබට දෙන ලකුන මෙයවේ
ජාකෝබ් මෝසෙස් මෙන්ම මරියාද ගැලවිමේ කාර්යට මහගු සේවයක් කිරිමට දෙවිදුන් තෝරා ගත් අය වේ
මරිය තුමිය සාමාන්‍ය ලදක් පමනි එතුමියට විශේෂ ගෞරවයක් හිමි විය යුතු නැතැයි තර්ක කරන සියලු දෙනා දැන ගත යුත්තේ "දෙවියන් වහන්සේට නොකල හැකි කිසිවක් නැතැයි " "ඔබ වනිතාවන් අතර ආශිර්වාදය ලද්දිය ඔබ කුස ඔත් දරැ පලයද ආශිර්වාදය ලද්දිය මාගේ ස්වාමින් වහන්සේගේ මැණියන් මා වෙත පැමිනිමට තරම් මා කවරෙක් ද" මෙසේ මවු මරියාවන්ට ගෞරවය දැක්වුයේ එලිසබෙත් තුමියය ඉතින් ඇ ගැන දෝශ මතු කරන යමෙක්ට මෙය පැහැදිලි නිදසුනකි

ජෙසු පිහිටයි!

Monday, May 14, 2018

ශු.ජුවාම් පාවුළු පාප්තුමන්ට වෙඩි තැබූ අලී ඇග්කාගෙ සිත් හැරීම

වර්ෂ 1981 මැයි 13...එනම් අදට හරියටම අවුරුදු 17ක්.එදා දිනය මුලු ලෝකයම මහත් සේ කම්පාවට පත් වූ දිනයක්.මුලුලෝකයම හැඩූ දිනයක්.එදින තමයි ශු ජුවාම් පාවුළු පාප් තුමාට තුර්කියෙ ප්‍රසිද්ධ ත්‍රස්තවාදියෙකු විසින් වෙඩි තැබූ දිනය.නමුත් එදා ජුවාම් පාවුළු පාප් තුමා තුවාල පමනක් ලබා නැවත සුව උනා.එතුමගෙ උරහිසට හා උදරයට වෙඩි පාරවල් කීපයක් වැදුනත් උනවහන්සේ එදා ජීවිතය බේර ගත්තා.
උනවහන්සේ ට වෙඩි තැබීම කලේ තුර්කි ජාතික අලී ඇග්කා නම් ත්‍රස්වාදි , අන්තවාදි සාමාජිකයෙක්.
වෙඩි තිබ්බා.වෙඩික්කාරයා නීතියට කොටු උනා.අප පාප්තුමා සුව උනා.
එලෙස කතාව නිම වූයෙ නෑ ...
අවුරුදු දෙකකට පසුව, එනම් 1983 දෙසැම්බර් මාසයෙ දිනයක ශු.පාප් තුමන් විසින් යනවා උන්වහන්සේට වෙඩි තැබූ පුද්ගලයා..අලී ඇග්කා හමුවන්න.ඒ කියන්නෙ පාප් තුමා විසිට් එකක් දානවා අලී ඇග්කට.
ඔහුගෙ සිර කුටිය තුලටම යන්න අප ශුදතුම් පියානන්ට අවසර ලැබෙනවා.උනවහන්සේ ඔහු සමග කතාකරනවා.උනවහන්සේගේ සමාව ඔහුට ලබා දෙනවා.
ඔහුට ලැබිලා තියෙන්නෙ ජීවිතාන්තය දක්වා සිරදඩුවමක්.එමනිසා ජුවාම් පාවුළු පාප් තුමන් කීප වතාවක් ඔහුව මුන ගැහෙන්න යනවා.
යාච්ඤාවේ බලමහිමයට, සමාව ලබා දීමෙ බලයට කල නොහැක්කක් නැත.ඔහු වෙනස් පුද්ගලයකු වෙනවා.පාවුළුපාප්තුමාගෙ දේශනා ඔහුගෙ හිතට දාරණය වෙනවා.
තුර්කියෙ මුස්ලිම් වරයෙකු ලෙස උපත ලද ඔහු ඉතාලියෙ බන්දනාගාරයක් තුල කතෝලිකයෙකු ලෙස බෞතීස්මය ලබනවා.
සිතහරවා ගන්නවා.ජේසුව සොයන්න පටන්ගන්නවා.ජේසු ගැන ඉගන ගන්න පටන් ගන්නවා.
මේ අතරෙ ශුදතුම් පියානන්ගෙ ස්වර්ගස්ත වීම ඔහුට ආරංචි වෙනවා.ඔහු කියනවා එදින වැඩියෙන්ම දුක්වන්නෙ ඔහු කියලා.අඩනවා ගොඩක්..සිරගෙදර නියාමක වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා ශුදතුම් පියානන්ට අවසාන් ගෞරවය දක්වන්න යන්න දෙන්න කියා.ඔහුට අවසර ලැබෙනවා.
පසුව ඔහුගේ යහපත් කල්කිරියාව මත සිර දඩුවම ලිහිල් වෙනවා.තුර්කි ජාතික මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදියෙකු ලෙස හිරගත වන ඔහු කතෝලිකයෙකු වී එලියට එනවා.
ජේසු සමග ජීවිතය ගෙවන්න පටන් ගන්නවා.ශුදතුම් පියානන් ශුද්දවරයට ඔසවන අවස්ථාවට පවා ඔහු පැමිනෙනවා.
ජේසුගෙ දර්සනය ගැන පොතක් පවා ලියනවා.ජේසු ගැන දේසනා කරනවා.ප්‍රසිද්ධියේ යෝජනාවක් කරනවා ඉතාලි ජාතික කාන්තාවකට ඔහු හා විවාහ වීමට.අදවන විට ඉතා දැහැමි පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වෙනවා.ඔහුට ඕනෑම අවස්ථාවක වතිකානය වෙත පැමිනෙන්න පූර්ණ නිදහස අදටත් තිබෙනව.
ජේසු සෙව්වෙත් නැතිවූ බැටලුවො.ඉතින් එදා ශු.ජුවාම් පාවුළු පාප් තුමන් නැති වු බැටලුවෙක් සොයාගන්න ජේසුට උදව් කලා සේ ඔබටත් මටත් කැදවීමක් තියෙනවා ..
යමු ..සොයා යමු...ක්‍රිස්තුස් වහන්සේගේ නැති වූ බැටලුවන් සොයා යමු.
ජේසු පිහිටයි

ජායාරූප පෙල පහතින් නරඹන්න 














Saturday, May 12, 2018

අපි යාච්ඤා කරමූ



යාච්ඤාව
දෙවිදුන් සමග කරන සුහද කතාබහකී 

ගොඩක් අන්‍යාගමික අය මගෙන් අහනවා කොහොමද ඔයාලා යාච්ඤා කරන්නේ කියලා ඒ අයටත් ආසයිලු යාච්ඤා කරන්න හිතේ තියන දුක කියන්න කෙනෙක් නැති වුනාම ප්‍රශ්න ගැටලු වලට විසදුම් බලාපොරොත්තු වෙන අයගෙන් නොලැබුනාම ජේසුගෙන්වත් පිලිතුරක් ඒ අය බලාපොරොත්තු වෙනවා ඉතිං මම මේ ලිපිය ලියන්න හිතුවේ ඒ අය වෙනුවෙන්

මුලින්ම මම කියන්න ඕන දෙයක් තියනවා ජේසුට ආදරේ කරන ඔබට මට ආගම් බේදයකින් තොරව ජාති බේදයකින් තොරව උන්වහන්සේ සමග කතාබහා කල හැකි බව

ජේසුගේ ආදරය හරිම පුදුමාකරයී මොකද මං එහෙම කියන්නෙ උන්වහන්සේගේ ආදර මං මගේ ජීවතේ මං ලද අත්දැකීම් හමුවේ හොදටම විදපු කෙනෙක් නිසා...
ගොඩක් අය ජිවිතේ දුක් විදිනවා තමන්ගේ පෙර වැරදි අඩුපාඩු නිසා ඒ සියල්ල නිසා තමන්ගේ අනාගතය පවා අදුරුකරගනවා එත් ඔබ ඔබේ හදවතට අවංකව ජේසු වෙතට හැරුණු දවසට ඔබටම පුදුම හිතේවී ඔබ ඔබේ ජිවිතේ වෙනස දැකලා....

ඉතිං අපි කොහොමද ජිවිත වෙනසක් අත්දකින්නේ  කොහොමද මම මගේ ජීවතේ වෙනස් කරගන්නේ
ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා නේද
ඒකටනම් අනිවාර්යයෙන් ඔබ මම ජේසු එක කතාකරන්නම වෙනවා...
ඒකට තමයි අපිට යාච්ඤාව වැදගත්...හදවතින් අවංකව තම වැරදි අඩුපාඩු ජේසුට භාරදීලා ඉදිරී ජීවතේ සාර්ථකත්වය කරා ගෙනියන්න ජේසු ඔබට මට කියලා දෙන්නේ මේ යාච්ඤාව හරහායී...
යාච්ඤා කිරීමේ ක්‍රම ගොඩක් තියනවා මම මේ කියන්නේ ඔබගේ පෞද්ගලික යාච්ඤා ක්‍රමය පිලිබදවයී

යාච්ඤාව කිරීමට මුලින්ම සුදුසු නිෂ්ඵල පරිසරයක් අවශ්‍ය වෙනවා එයට සුදුසුම කාලය මං ඔබට යෝජනා කරනවා ඔබ නින්දට පෙර ඔබගේ නිදන කාමරය මොකද අවට පරිසරයේ නිෂ්ඵල බාවය ඉතා වැදගත් ඔබේ යාච්ඤාව සදහා තනි වෙන්න ඔබ පෞද්ගලිකව ජේසු සමග හිතේ නිෂ්ඵල කර ගනිමින් පලමුව ශුදාත්මයාණන් වහසේට ආරාධනා කරන්න ඔබව මෙහෙයවන ලෙස මොකද මම එහෙම කියන්නේ ජේසු හැම වෙලාවෙම දෙවියන් වහන්සේ සමග යාච්ඤාවෙන් සම්බන්ද වෙන්න උන්වහන්සේ තෝරා ගත්තේ ඉතා නිස්කලංක පරිසරික පසුබිමකි

අපි බලමුකෝ යාච්ඤාව පිලිබදව ජේසු කොහොමද ජේසුගේ ගෝලයන්ට ඉගැන්නුවේ කියලා 

5 ''ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත.6 එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

7 ''තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති.8ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක.9එහෙයින් මෙසේ යාච්ඤා කරන්න:

'ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
10 ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.
11 අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
12 අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
13 අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.
14 ''ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක.15 එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.''
                                                  මතෙව් 06-05:15

මේ ඉහත සදහන් ස්වර්ගයෙහි වැඩසිටින යාච්ඤාව තමයී දෙවිදුන් වහන්සේ නමදින්න උන්වහන්සේට යාච්ඤා කිරීම සදහා වඩාත් ප්‍රයොජනවන් ලෙස ජේසු තුමන් වදාලේ .මොකද අපි ආවට ගියාට කඩෙන් බඩුවක් ගන්නවා වගේ දෙවිදුන්ට කන්නලව් කිරීම නිෂ්ඵල දෙයක් ලෙසයි ජේසු තුමන් වදාලේ ...අන්න ඒ නිසා අපි දෙවියන් වහසේට ඔප්පු කරන යාච්ඤාව ප්‍රතිඵල සහිත එකක් ලෙස ඉදිරිපත් කරන්නට ඉහත සදහන් යාච්ඤාවේ අඩංගු ප්‍රධාන කරුනු අපි ඔප්පු කරන යාච්ඤාවටත් අඩංගු කරගත යුතුයී..හරී අපි බලමුකො ඒ කොහොමද කියලා

ඉතිං අපි අපිටම කියලා ජේසුට කතාකරන්න පෞද්ගලික යාච්ඤා ක්‍රමයක් හදාගන්න ඕන ඔබ ඔබේ සිතට එන ගැටළු ප්‍රශංසාවන් සියල්ල මේ විදියට ගලපගන්න

01 ප්‍රශංසාව

ඔබ ඔබේ යාච්ඤාවේ අරම්භය දෙවියන් වහසේට ප්‍රශංසාවකින් ආරම්භ කරන්න
මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම

" ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණනී ඔබවහන්සේගේ ශ්‍රි නාමයට ප්‍රශංසා වේව''

ඔබත් මේ ලෙස පුංචි ප්‍රශංසාවකින් ඔබේ යාච්ඤාව ආරම්භ කරන්න

උදා- ස්තූතියී ආදර දේව තත්තේ ඔබවහන්සේට ප්‍රශංසා වේව ඔබවහන්සේගේ ඒ ආදරයට ස්තුතියි ඔබවහන්සේ වෙතට එන්නට මට මේ දුන් කාලය නිසා ස්තූතියී මගේ පියාණනී...

මේ ආකරයට ඔබේ ප්‍රශංසාවක් සමග ඔබට සිතෙන අයුරින් ඔබේ යැදුම ආරම්භ කරන්න

02 පැතුම

ඔබගේ පැතුම  භාර කරන්න දෙවිදුන් වෙත මතක තියාගන්න මේ පැතුම කියන්නෙ ඉල්ලීමට නම් නෙවෙයි හරිද ඔබගේ ඉල්ලීම ඉල්ලනට පෙර ඔබගේ ප්‍රාර්ථනා දෙවියන් වහන්සේගේ කැමත ඔබගේ ජීවතේ ඉටුවෙන්නට ප්‍රාර්ථනා කර යාච්ඤා කරන්න

මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම

"ඔබවහන්සේගේ රාජ්‍ය පැම්නේවායී ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොලොවෙහිද ඉටුවේවා''

උදා- ආදර සමිදුනී ඔබවහන්සේට භාරකරන මගේ පැතුම් ප්‍රාර්ථනා මගේ කැමැත්ත ලෙස නොව ඔබවහන්සේගේ කැමත ලෙස ඉටුකල මැනව ..ඒ වගේම දෙවි සමිදු මහිමය උන්වහන්සේගේ සැලසුම් මේ පොලෝතලය පුරාවටම පතල වෙමින් සියලු ජනීජනයාට ඔබවහන්සේගේ මහිමය දැකීමට සැලැස්සුව මැනව

මේ ආකාරයට ඔබගේ ස්තූතිය ප්‍රශංසාව සමග පැතුම් ප්‍රාර්ථනා එකතු කරගනිමින් ඔබගේ යාච්ඤාව ඉදිරියට ගෙන යන්න

 03 ඉල්ලීම්

"අපගේ එදිනෙදා හෝජනය අද අපට දානය කල මැනව ''

මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම

ඔන්න දැන් තමයී ඔබගේ ඉල්ලීම් ඉල්ලන අවස්ථාව ඔබගේ ප්‍රශ්න ගැටළු කරදර භාදක සෑම දෙයක්ම කියන්න දෙවිදුන් හට...

04 පව් කමාව

" අපට වැරදි කරන අයගේ වැරදී අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කාමා කල මැනව"

මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම

මේ අවස්ථාවේ දී ඔබ ජේසුගෙන් ඉලන්න ඔබට අනෙක් අය කරන වැරදි වලට ඔවුන්ට සමාව දෙන්න හිතේ ශක්තිය ඒ ආදරය දෙන්න කියලා
ඒ වගේම ඔබ කරන වැරදි වලට සමාව ඉල්ලන නැවත ඒ වැරදි නොකරන්න වරම් ඉල්ලන්න.

05 දේව අරක්ෂාවට භාර වීම්

"පාපී අවස්ථාවන් වලට හසු නොවී සියලු අයහපතින් අප මුදාගත මැනව "

මතකද ජේසු ගොලයන්ට දේශනා කරපු යාච්ඤාවේ තිබුනේ මෙහම

මේ යාච්ඤාවේ අවසානයයී
ඔබ දෙවියන් වහසේට ඔබගේ ජීවතේ භරකරමින් ඔබව ආරක්ෂා කරමින් සියලුම පාපී අයහපත් අවස්ථාවන් වලින් ඔබව ගලවා ඔබව ආරක්ෂා කර දෙන ලෙස යාච්ඤා කරන්න

එහෙනම් ඔබත් මේ සියලුම කරුණු කාරනා එකතු කරගනිමින් යාච්ඤා කරන්න.අනිවාර්යයෙන් ඔබගේ යාච්ඤාව ප්‍රතිඵල සහිත යාච්ඤාවක් වෙනවා.
මුලින්ම ඔබට හිතින් මේ සියල්ල ගලපාගන්න අපහසු නම් කොලයක් අරගෙන මේ කරුණු ආකාරයට ඔබගේ යාච්ඤාව ඔබම නිර්මාණය කරගන්න..ඊට පසුව ඒ කොලය බලාගෙන උච්චාරණය කරන්න හැබැයී ඕක පුරුද්දක් කරගන්න එපා මොකද එතකොට අපි හැමදාම අර ගිරව් වගේ එකම එක කියව කියවා යාච්ඤා කරයී එතකොට නම් ඒ යාච්ඤාව ප්‍රතිඵල රහිත යාච්ඤාවක් වේවී..මොකද මම එහෙම කියන්නේ අපි එකම සිංදුව හත් අට පාරක් ඇහුවාම ඒක එපාම වෙලා යනවා නේද
ඒ වගේ තමයී ඔබ හැමදාම දෙවියන් වහන්සේට අලුත් යාච්ඤාවක් ඔප්පු කරන්න උත්සාහ කරන්න මම කියලා දුන්නූ විදියට..

එහෙනම් ගැටළු තියනවානම් කමෙන්ට් එකක් දානකො පහලින්

එහෙනම් නොදන්න දෙයක් කියලා දෙන්න අයෙත් එනම්කො ජේසු එක්ක...
එහෙනම් හැමෝටම
ජේසු පිහිටයී !

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...