Sunday, October 11, 2020

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. දේව මාතාවන් ශු.ආනා මුනිතුමියගේ කුසෙහි පිලිසදගත් විටදී කිසිම පාපයක් නොමැතිව පිලිසිදගත් බව මේ තුල ප්‍රකාශ වේ. මෙය ශු.කතෝලික සභාවේ දේව මාතාවන් පිලිබදව ඉගැන්වෙන විශ්වාසයේ දේව ධාර්මික ප්‍රකාශ සතර (Dogmatic Proclamations) අතරින් එක් ප්‍රකාශයකි. වර්ෂ 1854 දී IX වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් Ineffabilis Deus නැමැති විශ්වාසයේ ප්‍රකාශනය තුල මරිය මාතාවෝ ජන්ම පාපයෙන් නිදොස්වී මව් කුසෙහි පිලිසිදගත් බව ප්‍රකාශ කරන ලදී. එවක් පටන් ඕතුමියගේ මෙම මංගල්‍යය දෙසැම්බර් 08 වන දින කතෝලික සභාවේ සමරන්නීය. වර්ෂ 1830 දී ප්‍රංශයේ ශු. කැතරින් ලැබොරේ( Catherine Laboure) මුනිවරිය විසින් දුටු, ලෝක ගෝලය මත දෑත විහිදාගෙන සිටින මරිය මාතාවන්ගේ දර්ශණය පුදුම පදක්කම නිර්මාණය වීමට හේතු පාදක විය.අප බොහෝ දෙනෙක් පැළදගෙන සිටින එම පුදුම පදක්කමේ ඇති බලය ගැන අපි දනිමු. එ ලෙසම මෙම නිර්දෝෂ පිලිසිදීමේ මාතාවන්ගේ ප්‍රතිමා වල අනෙක් විශේෂ කාරණය වන්නේ දේව මාතාවන්ගේ පයට පෑගුණු සර්පයාය. සර්පයා පාපයේ සංකේතයයි.පාපය නැසුවේ මරියාවන්ගේ කුසින් බිහිවූ ගැලවුම්කරුවාණෝ යි. (උත්පත්ති 3:15) හි මෙය සදහන් වේ.  එබැවින් නිර්දෝෂ පිලිසිදීමේ මාතාවන්ගේ ප්‍රතිමාව තුල ගැබ්ව ඇති පණිවුඩය නම් ලෝකය ගලවා ගැනීම සදහා මුලික වශයෙන්ම දේව මාතාවන්ද විශේෂ කාර්යයක් ඉටු කල බව සහ ඒ සදහා දෙවියන් වහන්සේ ඇයව මව් කුසයේ බිහිවන්නටත් ප්‍රථම තෝරා ගත් බවය. නිර්දෝෂ දේව මාතාවන් අද දිනදී අපව කැදවන්නේ තවමත් ලෝකය තුල ඇති අදුර,පාපය දුරුකරනු සදහා දෙවිදුන්ගේ සේවක සේවිකාවන් වන්නටය. 'නිර්දෝෂ දේව මාතවෙනි අප නිසා යාච්ඤා කළ මැනව. ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා.(01/05/2020)

Friday, January 18, 2019

ජනවාරි 19 වන දින සුබ අස්න – ශු. මාක් 8:14-21



ජනවාරි 19 වන දින සුබ අස්න – ශු. මාක් 8:14-21

14 රොටි ගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නො තිබිණි. 15 උන් වහන්සේ කතා කොට, ”සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. 16 ”එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇතැ”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. 17 ජේසුස් වහන්සේ එපවත් දැන, ”රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද? 18 ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද් ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද් ද? ඔබට මතක නැද් ද? 19 මා රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහු දැ”යි ඇසූ සේක. ”දොළොසකැ”යි ඔව්හු කී හ. 20 ”රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ”යි ඇසූ සේක. ”සතක්” යයි ඔව්හු කී හ. 21 ”තවමත් ඔබට තේරුම් ගියේ නැද්දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.

මෙනෙහි කිරීම

ස්වාමීන්  වහන්සේ අපට ලස්සන පනිවුඩයක් අද ලබා දීල තියෙනවා..ඒ පනිවුඩය ඇත්තටම අපේ ජීවිත වලට ගොඩාක් වැදගත් ...ජේසු එදා ගෝලයින් එක්ක බොහොම සමීපව තමයි ඇසුරු කලේ ....ගෝලයින් තමන්ගෙ ගුරුදේවයාණෙන් විදියට තමයි උන්වහන්සේ ට සැලකුවේ..නමුත් සමහර අවස්ථාව වලදි ඔවුන්ට ත් අමතක වුනා මේ ඉන්නෙ සර්වබලධාරී දෙවියන්වහන්සේ අපට දුන්න උන්වහන්සේගේ පුතා කියලා ...උන්වහන්සේගේ බලය ,මහිමය මේ ලෝකයට ප්‍රකාශ කරන්න ආපු උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයානන් කියල...උන්වහන්සේ තුල තිබුණු බලය ,මහිමය ,වරප්‍රසාදය ඔවුන්ට අමතක වුනා...එදා ඔවුන් ලග තිබුනේ එකම එක රොටියක් විතරයි ...නමුත් ඔවුන් ලග දෙවියන්වහන්සේගේ පුත්‍රයානන් හිටියා..නමුත් ඒ අවස්ථාවෙදී ඔවුන්ට ඒ බවක් සිහියට නැගුනෙ නෑ..ඔවුන් කල්පනා කලේ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉශ්ට කරගන්නෙ කොහොමද කියල....ඔවුන් තර්ක විතර්ක ගෙනෙමින් උත්සාහ කලේ ඔවුන්ගේ අවශ්‍යතා කෙසේ හෝ ඉටු කරගන්න..ජේසු අහනව..ඇයි මේ ඔබලා කලබල වෙන්නෙ කියල..ජේසු මතක් කරල දෙනව ඔවුන්ට එදා පන්දහසකට කෑම දීපු අවස්ථාව ...ඔවුන්ගේ න් අහනවා ස්වාමීන් වහන්සේගේ එදා ඒ තරම් අඩු ප්‍රමාණයක් තිබිලත්...අවසානයේ කූඩා දොලසක් පුරවා ගන්න ඔවුන් සමත් උනා....ඒසේ නම දැන් මොකද්ද තියෙන ප්‍රශ්නය කියල...ඇත්තටම අපේ ජීවිත වලට මේ සිද්දය බොහොම සමීපයි නේද ,පොඩ්ඩක් හිතල බලන්න ඇත්තටම අපිත් අපේ ජිවිතේ කොච්චර ප්‍රාතිහාර්යය සිදුවුනත් එක මොහොතයි යන්නේ ඒ හැමදේයක්ම අපේ සිතින් අහක් වෙලා යන්න ..සමහරවිට චූටි සිදුවීමක් ඇති උන්වහන්සේ තුල අපි තැබූ විශ්වාසය නැති වෙන්න...අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි උන්වහන්සේ තුලින් ඈත් වෙනවා..අපි සමහර වෙලාවට අපිට එන දේවල් නිසා බොහොම කලබල වෙනවා..නමුත් අපි අමතක කරන දේ තමා උන්වහන්සේ අප දිහා බලන් ඉන්නව කියන එක ,,උන්වහන්සේ අපේ ජීවිතේ අවශ්‍යතා දන්න බව...උන්වහන්සේ අපට සියල්ල සපයන බව..
        අහසේ පියඹන කුරුලුන් කිසිදා
        අටුකොටු වල නෑ උන් රැස් කරලා
        එනමුත් මගේ පියා උන් නිති රකිනා
        උන් සැමට වඩා මා නිති රකිනා
        මා දිවි එතුමන් සුරතේ රැදෙනා.....
පොඩි මොහොතකට අප අමතක කරනව ස්වාමීන් වහන්සේ අපේ තාත්තා කියලා..තාත්තා තමයි අපේ හැම අවශ්‍යතාවයක්ම නොපිරිහෙළා ඉටු කරන්නෙ..ඒ හැම දෙයක්ම අපි ගිහින් කියන්නෙ තාත්තට..ඉතින් ජේසුස් වහන්සේ තමයි අපේ තාත්තා ,අපේ තාත්තා අපේ ලග ඉන්නකොට අපිට පුදුමාකාර සැනසීමක් පුදුමාකාර ආදරයක් ,පුදුමාකාර සෙනෙහසක් තමයි දැනෙන්නේ .ඒ තාත්තා ගෙන එහෙම ආදරයක් දැනෙනවා නම් ස්වර්ගයේ වසන අප්ගේ පියාණන් ගෙන් අපිට කොච්චර ලොකු ආදරයක් දැනෙන්න ඕනෙද.කොච්චර ලොකු සැනසුමක් දැනෙන්නේ ඕනෙද..ඉතින් ඇයි අපි ඒ ආදරය හොයන්නෙ නැත්තේ ..ඇයි උන්වහන්සේ තුලින් නික්මෙන ඒ සෙනෙහස අපි හොයන්නෙ නැත්තෙ...අපි හොයන්න ඕනෙ ඒ ආදරය ,අපි හොයන්න ඕනෙ ඒ සෙනෙහස සැනසුම...ඒකයි ජේසු එදා ගෝලයින්ගෙන් ඇහුවේ..උබල අන්ධ වෙලාද,උබල බීරි වෙලාද..උබලගෙ සිත් අදුරු වෙලාද කියල...මෙච්චර බලගතු තැනැත්තා මෙතන සිටියදීත් ඇයි උබල මේ ලෝකෙ පෙරලෙන්න එනව වගේ හැසිරෙන්නෙ කියල...ජෙසුස් වහන්සේ අද අපෙනුත් මේ ප්‍රශ්නයකම අහනවා..අනෙ මගෙ රත්තරන් දුවේ,අනේ මගෙ රත්තරන් පුතේ,මගෙ ආදරය තවමත් තේරුම් ගන්න ඔයාට බැරිඋනාද,,ඇයි මන් මෙතන ඔබ ඉදිරියේ සිටියදීත් මගේ ආදරය,මගේ සැනසුම ,මගේ සෙනෙහස ලබා ගන්නෙ නැත්තේ කියලා..මන් කෙරේ විශ්වාසයක් නැත්තේ කියලා..මොකද්ද අපි මේ ප්‍රශ්නයට දෙන පිලිතුර ....හොදට හිතල බලන්න..අපි සමහරවෙලාවට නිකන් කලබම වෙනවා පිලිතුර අපේ අතේම තියාගෙන..අපි එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ පිළිබඳ ඇත්තටම විශ්වාසයක් නොමැති කම කියල ඔබේ හෘද සාක්ෂිය මේ මොහොතේදී ඔබට මට කියයි....අපි අපිව මවා වදාළ ස්වාමීන් වහන්සේව හැර වෙන කා ව විශ්වාසය කරමුද කියලා වචනයෙන් කිව්වට වැඩක් නෑ..ඒක කරන්න බැරිනම්..අපි අපේ ප්‍රශ්න හමුවේ උන්වහන්සේට තවතවත් ලංවෙන්න ඕනේ..උන්වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් අපි ගොඩ නගා ගන්න ඕනේ...එතකොට තමයි උන්වහන්සේගේ සැබෑ පීතෘක ප්‍රේමයෙ පහස අපිට ඇත්තටම අත්දකින්න අවස්ථාව ලැබෙන්නේ .....අපි කරදර උනා කියලා අපිට කරන්න පුලුවන් දෙයක් නෑ..මොකද උන්වහන්සේගේ බලපරාක්‍රමය අපේ මේ දුර්වල මිනිස් ශක්තිය ට කිසිසේත්ම සමාන කරන්න බෑ...ඉතින් මිනිස් ශක්තියෙන් දේවල් විසදන්නෙ නැතුව උන්වහන්සේගේ බලපරාක්‍රමය ,උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත තුල ඉටු වීමට අපි ඉඩ දීල බලගෙන ඉමු...ඉතුරු හරිය ස්වාමීන් වහන්සේ බලාගන්නවා..ඒ විශ්වාසය අපේ සිත් තුල අපි ඇති කරගමු.....
          කරදර වන විට කිව යුතු දේ ගැන
          කිසිවිට කරදර විය යුතු ඔබ නොව
          දේව ජීවය කතා කරනු ඇත
          දේව ජීවය කතා කරනු ඇත.........

Saturday, December 15, 2018

දෙසැම්බර් 16 ශු.සුවිශේෂය ශු.ලූක් 03-10:18 මෙනෙහි කිරීම



දෙසැම්බර් 16 ශු.සුවිශේෂය
ශු.ලූක් 03-10:18
10 එවිට ජනකාය, ''එසේ නම් අප කුමක් කළ යුතු දැ''යි ඔහුගෙන් ඇසූ හ.11 ඔහු උත්තර දෙමින්, ''අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා''යි කී ය.12 අයකැමියෝ ද බව්තීස්ම-ස්නාපනය ලබන්ට අවුත්, ''ගුරුදේවයිනි, අප කුමක් කළ යුතු දැ''යි ඔහුගෙන් ඇසූ හ.13 ''නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ''යි ඔහු ඔවුන්ට කී ය.14 හේවායෝ ද, ''ඉතින් අප කළ යුත්තේ කුමක් දැ''යි ඇසූ හ. ''කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙ‍න් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ''යි ඔහු ඔවුන්ට කී ය.15 ''මේ ක්‍රිස්තුවරයා විය හැකි දැ''යි සෙනඟ අපේක්ෂාවෙන් බලා සිටිය දීත්, හැම දෙන ජොහන් ගැන විවාද කරමින් සිටිය දීත්,16 ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, ''මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙ‍ක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.17 කමත හොඳ හැටි පිරිසිදු කරන පිණිසත්, ධාන්‍ය පොළා සිය අටුවෙහි රැස් කරන පිණිසත්, උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත; එහෙත් බොල් නොනිවෙන ගින්නෙන් දවනු ලැබේ ය''යි කී ය.18 මෙ‍සේ තවත් බොහෝ අනුශාසනා මඟින් ඔහු සමූහයාට සුබ අස්න දේශනා කෙළේ ය

මෙනෙහි කිරීම
ආගමනයේ තෙවැනි ඉරුදින, ආනන්දයේ ඉරුදිනයි. අද පළමු දේව ප්‍රකාශනය, දෙවැනි දේව ප්‍රකාශනය සේම පිළිතුරු ගීතය ද, ප්‍රීතිය ගැන කතා කරමින් ප්‍රීති වීමට අපට ආරාධනා කරයි.

ප්‍රීතිය නැතිනම් සතුට මනෝවිද්‍යවේ එන මූලික මිනිස් හැගීම් අටින් එකකි. එම න්‍යයන්ට අනුව සතුට තෝරා ගැනීමකි. (Happiness is a choice) එහෙත්, අද දේව වචනයේ පිළිවෙත හුවා දක්වන ප්‍රීතිය ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඵලයකි. එය මෙලෝ වටිනාකම් ඉක්මවා යන සතුටකි. කතෝලිකයින් ලෙස අප වෙර දැරිය යුත්තේ මෙම සැබෑ ප්‍රීතිය මෙලෝවේදීම අත්දැකීමටයි. එහි පූර්ණත්වය ස්වර්ගීය ජීවිතයට ඇතුල් වූ දිනෙක අපි භුක්ති විදිමු.

ජීවිතය යනු දුක සැප දෙකෙහිම දෝලනයක් බව අපි කවුරුත් පිළිගන්නා සරල යතාර්ථයයි. අධ්‍යත්මික, සාමාජීය, ශාරීරිකව හා මානසික වැටීම් මධ්‍යයේ වුවත් අපට සතුටු විය හැකි නම් එය සැබෑ පරිණත ආත්මික ජීවිතයක ලකුණකි. එසේ සතුටු වීමට හේතුව පළමු කියැවීම ගෙනහැර පායි. 'ඔබේ දෙවි සමිදාණෝ ඔබ සමගය, ඔබට ජය අත් කර දෙන සබළාණෝය.' ඒ වචනය අද ඔබටත් මටත් අයිති කරගත හැකි නම් ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන සතුටේ අපි පංගුකාරයෝ වෙමු.

අද වන විට ලෝකයේ සංවර්ධිත යැයි යැයි කියැවෙන රටවල සිට පහළම ස්ථරයේ රටවල මිනිසුන් දක්වා පොදුවේ අත්දකින වේදනාත්මක තත්වයකි, විෂාදය (dippression). ආතතියේ උච්ඡතම අදියර එයයි. අද දෙවැනි කියැවීමෙන් ශු.පාවුළු තුමා එයට කදිම ඖෂධය අපට නිර්දේශ කරයි. එය නම් අන් කවරක් නොව යැදීම යි, 'කිසිවක් ගැන කරදර නොවී කන්නලව්වෙන් අපගේ අයැදීම් දෙවියන් වහන්සේට දැන්වීමයි.' නත්තල් මංගලෝත්සවයට දින අටක් තිබියදී සභා මාතාවන් අපව ගැබුරු යාච්නාවේ දිවියකට පොළොබවන්නේ එයම සැබෑ ප්‍රීතියේ උපත වන නිසාවෙනි. (Prayer is the source of joy)

අද ශුද්ධවූ සුභාරංචියේ තාරකාව ස්නාවක ජූවාම් මුනිදුන් ය. උන්වහන්සේ අප ආලෝකමත් කරන්නේ 'සදාතන ජීවිතය' නම් විනාශ නොවන ප්‍රීතිය ලබා ගැනීමේ මාර්ගය ගැන අපට පහදා දීමෙනි. සමාජයේ උස් පහත් සෑම ජන කණ්ඩායමක්ම අමතමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ 'බෙදාගැනීම', දෙවීක ප්‍රීතිය කරා අපව ගෙන යන බවයි. ලෝකය 'බදාගැනීමේ කලාව' අප මනසට කිදවීමට යන මෙවන් සමයක 'බෙදාගැනීමේ කලාව' කියා දීමට ස්නාවක ජුවාම් මුනිදුන් අප ඉදිරියේ දිස්වේ. දේව පුත්‍රයාණන්ගේ මාංශගතවීම පවා බෙදාගැනීමේ ඵලයකි. පියාණන් වහන්සේ තම ඒක ජාතක පුත්‍රයාණන් අප වෙනුවෙන් පොලෝ තලයට ත්‍යජ කිරීම මාංශගතවීමේ අති සුන්දරම පැතිකඩයි. එය දෙවිදුන්ගේ බෙදාගැනීමේ ඵලයකි.

අවසාන වශයෙන් මේ මෙනෙහි කිරීම ඔබේ මගේ ජීවිත තුළ ප්‍රායෝගික කිරීමට අපි අදිටන් කරගමු. ඒ සදහා,

1) ඔබ කුමන අසහනකාරී තත්වයක සිටියද, ඔබ ලෝකයේ බරපතලම පව්කරුවා වුවද, දෙවිදුන් ඔබ සමග සිට, ඔබටත් නොදැනී ඔබගේ ජීවිතය නිසි මගට ගෙන යන බව අදහා ගන්න.

2) ඒ ඇදහිල්ලෙන් නොකඩවා යදින්න, ඔබ වෙනුවෙනුත්, ජීවතුන් හා මළවුන් වෙනුවෙනුත් යදින්න, නත්තල් මංගල දිනය දක්වා විශේෂ යැදීමේ සමයක් ගත කරන්න.

3) ඔබට බෙදාගත හැකි සුලු දෙයක් වුවද බෙදා ගැනීම අතපසු නොකරන්න, විශේෂයෙන් ඔබේ ආදරය, මිත්‍රත්වය බලාපොරොත්තුවෙන් සිටින සෑම පුද්ගලයෙකුම හා වචනයක් හෝ බදා ගැනීමට අමතක නොකරන්න. මන්ද යම්විටක ඔබට මට අතපසු වී ඇති ස්වාමින් වහන්සේ ඔවුන් තුළ අපට හමු වනු නියතය.

දේව වචනයෙන් සන්නද්ධ වූ අපි මේ සතිය පුරාවටමත් ජීවිතය පුරාවටමත් දෙවිදුන් කෙරෙ අචල විශ්වාසය, දෙවිදුන් යැදීම හා බෙදාගැනීම තුළ සැබෑ ප්‍රීතිය අත්දකිමු. කිතුණු ජීවිතය ශුද්ධවන්ත සේම ප්‍රීතිමත් ජීවිත ක්‍රමයක් බව අපගේ ජීවිතාදර්ශයෙන්ම ලොවට හඩගා කියමු. ආමෙන්.

Friday, December 14, 2018

දෙසැම්බර් 15 වන දින සුබ අස්න – ශු. මතෙව් 17:10-13 මෙනෙහි කිරීම


දෙසැම්බර් 15 වන දින සුබ අස්න – ශු. මතෙව් 17:10-13

10 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, ”එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ උත්තර දෙමින්, ”එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය. 12 එහෙත්, ඔබට කියමි: එලියා දැනට ම පැමිණ සිටී, ඔව්හු ඔහු නොහැඳින, තමන් රිසි දෙය ඔහුට කළහ. එලෙස ම ඔවුන් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. 13 උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ.

මෙනෙහි කිරීම

මේ දවස්වල නත්තල් හින්දා ඔබ මම ලෑස්ති වෙනවා නත්තල් සමරන්නට... ෆෙස් බුක් එක එක්තරා ෆෙස් බුක් පිටුවක මේ වාගේ දෙයක් "නත්තල් සියේ කලින් හිටපු මාව ගෙනත් ගෙන්න.."මේක දැකපු මට හිතුණේ ජේසුව හොයා ගත්තා නම් කලින් හිටපු මාව නෙමෙයි කලින් සිටියාටත් වඩා වෙනස්ම වෙනස් කෙනෙක් ජේසු හොයල දෙයි...ඉතින් ඔයා මම ජේසුට ඉඩ දුන්නාද ඔබේ හදවතට...ආගමන කාලයේ කිතු සමිඳුන්ගේ උපත සිහි කරන මේ කාලයේ අපි කොච්චර ජේසුව හදුනා ගන්න බැරි වෙලා තියෙනවාද???උන් වහන්සෙගේ ආදරය තේරුම් ගැනීමට නොහැකිව අපි ජේසුව මග හැරල තියෙනවාද??අද ජේසු ඔබේ මගේ හදවතට කතා කරාවි...ජේසු ඔබේ මගේ හදවතේ ඉඩක් සොයාවි...ඔබ ලැස්තිද ජේසුට ඔබේ හදවතේ ඉඩක් දෙන්න..එදා ළඟම හිටපු ගෝලයන්ට පවා ජේසුව හදුන ගන්න බැරි වුණා...ඒත් උන්වහන්සේගේ ආදරය අත්දුටු තැන ඔවුන්ගේ ජිවිත මහා පුදුමාකාර විදියට වෙනස් වුණා...ඉතින් ඔබේ මගේ ජිවිතේ ජේසුට ඉඩ දුන්න තැන ජේසු පුදුම විදිහට ඔබේ මගේ ජිවිත වෙනස් කරාවි...හැබැයි ඔබ සිටින කන්දෙන් බැහැල එන්න...උඩගුවෙන් මානයෙන් ඊර්ෂාවෙන් අහංකාරයෙන් පිරිලා තියෙන ඔබේ හදවත ජේසුට දෙන්න තරම් බැහැපත් වෙන්න..එදාට ඔබේ ජිවිතේ වෙනස් වේවි...එහෙනම් මේ නත්තලේ නැති වුණ ජේසුව හොයාගමු..ජේසු නැති වෙලා නම් නැ..ජේසු ඔයා ළඟමයි අපියි ජේසුගෙන් ඈත් වෙලා තියෙන්නෙ...මේ සැරේ නත්තල ජේසුව පිළිගන්න තරම් හදවත් ජ්වලිත කරගෙන ඔබේ මගේ හදවත තුළ ජේසු කුමරුන්ව උපදවා ගනිමු...ජේසු පිහිටයි...

Thursday, December 13, 2018

දෙසැම්බර් 14 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම ශු.මතෙව් 11-16:19


දෙසැම්බර් 14 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම 
ශු.මතෙව් 11-16:19

16 මේ පරම්පරාව කුමකට සමාන කරම් ද?
වෙළඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා,17 'අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත;අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත'18 ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින්, 'ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකි'යි ඔව්හු කියති.19 මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක. එබැවින්, 'බලන්න, ඔහු කෑදර මනුෂ්‍යයෙකි; මුද්‍රික පානය බොන්නෙකි; අයකැමියන්ගේ ද පව්කාරයන්ගේ ද යහළුවෙකි'යි ඔව්හු කියති. එහෙත්, දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වේ.''

මෙනෙහි කිරීම

එදිනෙදා ජීවත් වීමේදී ඔබේ සමාජයේ අවට වටපිටාවේ සිදුවන්නේ මොනාදා කවුද අප වටපිටාවේ ජීවත් වෙන්නෙ..අපි ගැන අපේ වටපිටාවේ ඉන්න අයට මොන වගේ ආකල්පයක්ද තියෙන්නේ කියලා අපි අත්‍යාවශ්‍යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ...හැබැයි අපි හැමෝටම එක පොඩි වෙලාවකට අමතක වෙලා යනවා මම කියන්නෙ කවුද,මට තියෙන දුර්වලතා සහ ශක්තීන් මොනවද,ඇත්තටම මේ තාක් මම ඇවිත් තියෙන ජීවිතයේ මම විදියට මම ජීවත් වෙලා තියෙනවද කියන වැදගත්කම ප්‍රශ්න ටික අපෙන්ම අහන්න...අපි ඒ වෙනුවට කරන්නෙ සමාජයේ ඉන්න අනිත් අය අපි ගැන දකින්නේ කොහොමද කියන එක ගැන වුවමනාවටත් වඩා හිතන එක..." අනෙ දෙයියනේ මේගොල්ල මං ගැන මොනවා හිතනවද දන්නෙ නෑ..මම අර කෙනා එක්ක කතා කලොත් කට්ටිය මට මොනා කියයිද දන්නෙ නෑ..මම කතෝලිකයකු කියලා දැන්ම කාටවත්ම කියන්න හොද නෑ..කට්ටිය මොන විදියට මාව පිළිගනීවිද දන්නෙ නෑ නේ.....අනේ මගේ මහත්තයගෙ අම්ම මං ගැන කොහොම හිතන් ඉන්නවද දන්නෙ නෑ.....මේ සා නොයෙකුත් ,වටිනාකමක් නැති මනස්ගාත රාශියකින් අපි අපේ මනස පුරවගෙන ඉවරයි..සමහරවෙලාවට අපි නිකරුණේ අසනීප වෙනවා සමාජය අපි ගැන හිතන දේවල් ගැන හිතන්න ගිහින්....අනිත් වැදගත්කම දේ එදා ජේසු ජීවත් වූ කාලයේ ජේසු මොනව කලත් මිනිස්සු බලන් හිටියේ කොහෙන්හරි වැරැද්දක් හොයලා කියන්න...නම කැත කරන්න..ඉතින් ජේසු ඒ අභියෝගයට එදා සාර්ථකත්ව මුහුණ දුන්නාන්ම් අද අපිට බැරිද මේ අපිට කියන මේ පුංචි වචනයක් ඉවසා දරගෙන ඒ තුලින් උපදින සන්තාපය තිළිණයක් විදියට ඔප්පු කරන්න...බැරි නෑ....අපි ඔක්කෝටම පුලුවන්
අනිත් අය අපි ගැන හිතන දේ ගැන සැලකිලිමත් වෙන්න කලින් අපේ හදවතට පොඩ්ඩක් සවන් දීලා බලන්න ..ඒ හදවත තුලින් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔයාට මට කතා කරනවා..." ලෝකයා ඔබට මොන දේ කිව්වත් ඔබේ හදවතට දැනෙන නිවැරැදි දේ කරන්න.. ඔයාට මට විතරක් නෙමේ ආදි පියවරුන්ගේ ඉදලා නානා විධි දේවල් ලෝකයා කිව්වා....නමුත් බය වෙන්න එපා ඔබ කරන නිවැරැදි දේ මම දකිනවා...ඔබ එය කරන්නේ හදවතට එකගව නම් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබව බලගතු ලෙස ආශිර්වාද කරනවා..ඔබේ මුළු ජීවිතයම සඵලවත් කරනවා....මගේ වචනයෙන් පිරෙන්න..." ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ උන්වහන්සේ එදා දෙවියන්වහන්සේගේ වචනයට අවනත වුනා වගේ ලෝකයාගේ වචනය වලට නොව උන්වහන්සේගේ අමිල වූ ආදරයට නතු වන ලෙසයි...එන්න අපේ හදවතින් උපදින ආදරය අපි එතුමන් වෙතට අරගෙන යමු...හොඳින් අවබෝධ කරගන්න ජේසුත් එක්ක ගමනක් යනවනම් අනිත් කෙනාට අවශ්‍ය විදියට නෙමේ අපි අදහන එකම සර්වබලධාරී දෙවියන්වහන්සේ වචනය අනුව ජීවිතය හැඩ ගස්වා ගන්න........අනිත් අයට කියන්න ඔනේ තරම් දේවල් තියේවී...දෙවියන්වහන්සේ ඒ හැමෝගෙම මැවුම්කරුවානන් බවත් උන්වහන්සේ සියල්ලටම වඩා උසස් බවත් උන්වහන්සේට මේ සියල්ල යටත් බවත් මතක තියගෙන ජීවත් වෙන්න .......ඔබ කරන දේට අදාල ඵල විපාක උන්වහන්සේ ලබා දෙන බවට තිර විශ්වාසයෙන් පමණක් සිටින්න...අවශ්‍ය වන්නේ එය පමණකි .....

Wednesday, December 12, 2018

දෙසැම්බර් 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 11:11-15 මෙනෙහි කිරීම


දෙසැම්බර් 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 11:11-15

11 සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නො වී ය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද, ඔහුට වඩා උතුම් ය. 12 ස්නාවක ජොහන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරකමට යට වී ඇත. බලහත්කාරකම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති. 13 මන්ද, දිවැසිවරු හා ව්‍යවස්ථාවලිය ජොහන් දක්වා දිවැස් වැකි කී හ. 14 ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය. 15 සවන් ඇත්තෝ සවන් දෙත් වා!

මෙනෙහි කිරීම

ඔබගේ මගේ සිතුවිලි දෙව්යන් වහන්සේගේ සිතුවිල්ල වලට කිසිදා සමාන නොවන්නේය..
ගැලවීමේ ඉතිහාසයේ සිටම උන්වහන්සේ ඔබව මාව පාපයෙන් ගලවන්නට උත්සහා ගත්තා..අපි අවදිවෙමු ජේසු ලගට අපි අවදි වෙමු..ශු.ජොහාන් තුමා පැමිණෙන්න සිටින ගැලවුකරුවානන් ගේ මග සාදමින් උන්වහන්සේට මාවත් පිලියල කලා..ගැලවුම් කරුවාණන් පිලිගන්න උන්වහන්සේ වෙත මිනිස්සු ලං කරමින් ගැලවීම ඒ මිනිසුන්ට ලගා කර දෙන්න උන්වහන්සේ කැප වුනා.. ඔබගේ මගේ ජීව්තේ ප්‍රශ්න කරදර භාදක ඇති..මොහොතක් අපි ඒ හැමදේම පැත්තට තියලා ජේසුට අපේ හදවත් වලට වඩින්න අපි අපේ හදවතේ මාවත පිරිසිදු කර ගනිමු..අපේ ජීව්තේ බොහෝ අඩුපාඩුකම් ඇති නමුත් ශු.ජොහාන් තුමා වගේ අපිත් අපේ දුර්වලකම් හමුවේ ස්වර්ගය රාජ්‍යයේ බලහත්කාරකමට අපි යටත් වෙමු.එවිට ඔබ මමද ඉතා සුළු තැනැත්තෙක් වුවද දෙව්යන් වහන්සේ ඉදිරියේ  උතුම් මනුස්සයෙක් වනු ඇත..අපේ සත්‍ය ජිවිතේ තුල අපි මහෝත්තම දෙව් සමිදුන්ට අපේ ජීව්තේ ඇත්ත ප්‍රකාශ කරමු..

ඔබ සැමටම ජේසු පිහිටයී !

Tuesday, December 11, 2018

දෙසැම්බර් 12 ශු.සුවිශේෂය ශු.මතෙව් 11-28:30 මෙනෙහි කිරීම


දෙසැම්බර් 12 ශු.සුවිශේෂය 
ශු.මතෙව් 11-28:30

28 ''වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.29 මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.30 මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.''

මෙනෙහි කිරීම

ජීවිතයේ අනවශ්‍ය තරගයක යෙදිල ආතතියෙන් හෙම්බත් වෙල "නත්තල් කන්න" ඇගිලි ගනින අපි හැමෝටම ජේසු කියනව අද උන්වහන්සේගෙ වියගහ කරට අරන් සැහැල්ලූ වෙන්න. ජේසු පංතියේ ශු. රොබට් බෙලාරමින් තුමාට ජේසු අනාවරණයක් දෙනව මේ ජේසුගෙ වියගහ කියන්නෙ වෙන මුකුත් නෙමේ, ප්‍රේමයේ පණතයි කියල. ඒ හින්ද නත්තල කන්න නෙමේ සමරන්න වරම් ඉල්ලල කන්නලව් කරන අතරෙම මිනිසෙක් වුණු දෙවියන්ටත්, දෙවියන්ගේ දරුවන් වූ මිනිසුන්ටත් ආදරය කරන්න, වචනයෙන් විතරක් නෙමේ ක්‍රියාවෙනුත් ඒක එහෙම්ම කරන්න අපි අධිෂ්ඨාන කරගමු. මේ වියගහේ අපිට මහා බරක් නැහැ, කරන්න මහා දේවල් නැහැ, හරිම සරලයි, ඒත් හරිම ප්‍රබලයි. ආමෙන්.

Monday, December 10, 2018

දෙසැම්බර් 11 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම ශු.මතෙව් 18-12:14


දෙසැම්බර් 11 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම
ශු.මතෙව් 18-12:14

12 ''ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් එකෙකු මුළා ව ගියොත්, ඉතිරි අනූ නවදෙනා කඳුකරයේ ඉන්න හැර, මුළා ව ගිය එකා සොයා යන්නේ නැද් ද?13 සැබැවින් ම ඔබට කියමි, ඌ සම්බ වුනොත් මුළා ව නොගිය අනූනව දෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඌ ගැන ප්‍රීති වන්නේ ය.14 එසේ ම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නො වේ.''

මෙනෙහි කිරීම

"ඔබ කුමක් සිතන්නෙහුද බැටලුවන් 100ක් ඇති මිනිසෙක් උන්ගෙන් එකෙකු මුලාව ගියහොත් ඉතිරි අනු නමදෙනා කදුකරයේ ඉන්න හැර මුළා ව ගිය එකා  සොයා ගන්නෙ නැද්ද සැබවින්ම ඔබට කියමි ඌ සම්බ වුනොත් මුලාව නොගිය අනූ නව දෙනා ගැන ප්‍රීති වෙනවට වඩා ඌ ගැන ප්‍රීති වන්නේය එසේම මේ බාලයන්ගෙන් එකෙකු වත් විනාශ වීම ස්වර්ගයේ වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ කැමැත්ත නොවේ"

ක්‍රිස්තුන් වහන්සේ අපිට කොච්චර ප්‍රේම කරනවාද යන්න අද සුවිශේෂය මගින් ඔබට දැනගන්න පුලුවන්  බැටලුවන් 100දෙනෙක් ඉන්න එඩේරෙක් ඉන්නවා ඔහුගේ එක බැටලුවෙක් මුලාවේ යනවා අර්තය වැරදි පාරක යනවා
මෙම එඩේරා අර 99 දෙනාවම කදුකරයේ ඉන්න  හැරලා අර මුලාවේ ගිය එකා සොයා යනවා
ඇත්තටම එහි තෙරැම වන්නේ අර 99 දෙනා වැදගත් නැ කියන එක නොවේ ඒ එඩේරා දන්නවා  ඒ බැටලුවන් නොමග යන්නැ කියලා ඉතින් නොමග ගිය බැටලුවා සොයාගෙන යනවා
බලන්න ක්‍රිස්තුන් වහන්සේ ත් මේ වගේම තමා තමන් ලග ඉන්න අය සුරක්ශිත බැවින් තමන්ගෙන් වෙන්ව යන්නාව සොයාගෙන යනවා මොකද මේ ජිවිත ගමනේ සාතන් හැමතැනම ඉන්නවා පාපයත් හැමතැනම තියෙනවා ක්‍රිස්තුන් වහන්සේ ලග ඉන්න අය සුරක්ශිතයි නමුත් නොමග යන අය අනාරක්ෂිතයි
ප්‍රිය යහලු යෙහෙලියනි අපි මෙනෙහි කරමු අද දවසේ අපි මොන තැනද ඉන්නේ අපේ මාර්ගය මොකක්ද අපි උප්පත්තියෙන් කතොලික වෙන්න පුලුවන් අපේ එඩේරා ක්‍රිස්තුන් වහන්සේ වෙන්න පුලුවන් නමුත් අපි උන්වහන්සේ අනුව යනවද නැති නම් පිටුපා යනවද අපි අපේ හෘද සාක්ෂියෙන් අහලා බලමු අද අපිට ජේසු කතා කරන්නේ මගෙන් වෙන්ව යන්න එපා මා ලගම ඉන්න කියලයි

එක පියෙක්ට දරැවෙක් ඉන්නවා ඒ දරැවාව පොඩි කාලේ ඉදන් යහපත් විදියට ඇතිදැඩි කරනවා නමුත් මේ දරැවා ලොකු වෙනකොට පාප මිත්‍ර ඇසුර නිසා වැරදි දේට පෙලබෙනවා පොඩි පොඩි වැරදි කරලා හිරේ විලංගුවේ වැටෙනවා මේ තාත්තා මේ දරැවව මේ හැම අවස්තාවකදිම බේර ගන්නවා හොද දේ කියලා දෙනවා නමුත් මේ දරැවා පෙරසේ වැරදිමයි කරන්නේ අවසානයේ ලොකු වැරදි වැඩක් කරලා හිරේ යනවා ඔහුට හිම් උනේ මරනය විතරයි බලන්න අපේ ජිවිත තුලත් අපි වැරදි දේ කරනකොට හැදෙන්න කොච්චර අවස්තා ලැබෙනවාද අපි ඒවා පිලිගන්නවාද නැද්ද අවසානයේ අපිට ලැබෙන්නෙ මොකක්ද
දෙවිඳුන් අපිට කොච්චර අවස්තා දිලා ඇතිද ක්‍රිස්තුන් වහන්සේ අද ඒකයි කියන්නේ එක බාලයෙක්ගේ විනාශය පියාණන් වහන්සේගේ කැමැත්ත නොවේ ඒ නැති උන බැටලුවා සොයනකොටත් සම්භ නොවුනොත් අනිවාර්යයෙන් ඌ විනාශය කරා යනවා
අපිව සොයන්න උන්වහන්සේට අවස්තාවක් දෙනවා වගේම අපිත් උන්වහන්සේ සොයන්න ඔනි අතරමන් වූ දරැවෙක් තම මව සොයාගෙන දුවනවා අඩ අඩ ඒ අම්මත් තම දරැවා සොයාගෙන දුවනවා අපි අන්න ඒ තැනට එන්න ඔනි අපිත් උන්වහන්සේ සොයනකොට සම්භ විමේ ප්‍රවනතාව වැඩි
අද සුපුවත අපිට කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ඉන්න උන්වහන්සේ තුළ ඉන්න කියලා
ඔබ සැමට ලබන්නාවු නත්තල සාමයේ සංකේතයක් වේවා
ජේසු පිහිටයි

පිලිතුරැ ගිය :-සමිදුන් හට නව ගියක් ගයන්න පොලෝ වැසි සියල්ලෙනි සමිඳුන් හට ගී ගයන්න

අද සුවිශේෂයට අනුව අපි යාච්චා කරමු පියාණනි ඔබවහන්සේගෙන් වෙන්ව ගිය අසරණ දරැ කැළ ාඅශිවාද කළ මැනවි ඔවුන් ඔබවහන්සේගෙ දිව්‍යහර්දය කරා ගෙන්වා ගනිත්වා පාපයේ අන්ධකාරය තුල ජිවත් වන අප සියල්ලන් ඔබවහන්සේගෙ ශුද්ධාත්ම ආලොකයෙන් ඒකාලොක කර සාමය සතුට මෙම ලබන්නාවු විජයග්‍රාහි මංගල්ලය තුල ඔබවහන්සේගෙ පුත්‍රයාණන් ගේ නාමයෙන් අපට ලැබේවා ආමෙන්

ස්ව:-1
නමෝ:-3

Sunday, December 9, 2018

අද දෙසැම්බර් 10 ශු.සුවිශේෂය ශු. ලූක් 05-17:26 මෙනෙහි කිරීම


අද දෙසැම්බර් 10 ශු.සුවිශේෂය
ශු. ලූක් 05-17:26 

17 එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ.18 එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. ඔව්හු ඔහු ඇතුළට ගෙනවුත් උන් වහන්සේ ඉදිරියෙහි තබන්න සෙවූ හ.19 එහෙත්, සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට මඟක් නොදැක පියස්සට නැඟී සෙවිල්ල ඇර, ජේසුස් වහන්සේ ඉදිරියෙහි පිරිස මැදට මෙ‍ට්ටයත් සමඟ රෝගියා බැස්වූ හ.20 උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ''මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි වදාළ සේක.21 එවිට විනයධරයෝ ද පරිසිවරු ද, ''දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ''යි විවාද කරන්න පටන්ගත්හ.22 ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, ''ඔබේ සිත් තුළ මෙ‍සේ විවාද කරන්නේ මන් ද?23 වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද?24 එහෙත්, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණිස මම මෙ‍ය කරමි''යි කියා, උන් වහන්සේ, ''මෙ‍ට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි''යි අංසබාග රෝගියාට වදාළ සේක.25 එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙ‍ට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය.26 සියල්ලෝ විස්මිත ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් බියෙන් ඇලළී, ''අද අපි හරි පුදුම දේ දුටුවෙමු''යි කී හ.

මෙනෙහි කිරීම

අද අපේ සමාජය ගොඩාක් දුරට ආත්මාර්ථකාමී වෙලා නේද.. ජීවිතයෙ ප්‍රශ්න ගැටළුත් එක්ක.. ඔට්ටු වෙන.. හැප්පෙන පෙරලෙන අපිට.. කොහෙන්ද තවත් කෙනෙක් ගැන හොයන්න වෙලාවක් නේ.. අපි අපේ ගමන යනවා.. තම තමගේ ගැලවීම.. තම තමන් සතුයි.. අර කතාවකුත් තියෙනවනෙ.. තම හිසට තම අතමය සෙවනැල්ල කියල නේ..

            ඒත් ජේසු ඔයාව මාව කැදෙව්වෙ..ඒ විදියට ඉන්නද.. තමන්ගෙ ගැලවීම ගැන විතරක් බලල.. තමන්ගෙම සහෝදරයගෙ ජීවිතය විනාස වෙනකන් බලාගෙන ඉන්නද.. මේ ආගමන සමය.. ජේසු ආවෙ.. ජේසුගෙ ජීවිතය ගලවගෙන.. මෙහෙන් එතෙර වෙලා සුවර්ගයට යන්නම විතරයිද..  නෑ නේද..  ජේසු ආවෙ හැමෝගෙම ගැලවීමේ මාර්ගය තනන්න.. ජේසු අපිට හදල දුන්න.. ඒ ගැලවීමේ මාරගයෙ.. ඔයාට මට කවමදාකවත් තනියම යන්න.. අයිතියක් නෑ..  ඉතින්.. අද සුවිශේෂයෙන් වගේම.. පලමුවන කියවීමෙනුත් අපිට කියන්නෙ.. අන්න ඒ ගැලවීම සොයා යන ගමනෙ.. අපි යන්න ඕන විදියයි..

       " බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න;බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; ''බිය නොවී දිරි ගන්න;" (යෙසායා 35 : 3 - 4)

               බෙලහීන.. වෙවුලන.. දුර්වල වූ.. අය.. අපේ ජීවිතය තුල ඕනෑ තරම් හමුවෙනව.. ප්‍රශ්න කරදර තුල.. අසරණ වෙලා.. සරනක් නැති අය ඉන්නව.. දේවාල.. හදිහූනියන්.. තොයිල් පස්සෙ දුවන..කතෝලික මෙන්ම.. අන්‍යාගමික අයත් අපේ සමාජයෙ ඕනෑ තරම් ඉන්නව.. ජීවිතයෙ දුර්වල කම් නිසා.. කරකියා ගන්න දෙයක් නැතුව හැම තැනම රස්තියාදු වෙන අය.. ඒ වගේ කෙනෙක් දැක්කොත් අපි මොනාද කියන්නෙ.. රටේ නැති කතා කියල..පුලුවන් තරම් දොස් පවරයි නේද.. ඒත් එක පාරක් හරි ඔයාට පුලුවන් උනාද ඔයා අද ගැලවීම ලබන මේ ජේසුගෙ ආදරය ගැන ඒ කෙනාට කියල.. ඒ මාර්ගයෙන් ගලවල ගන්න.. සැබෑ කිතුනුවෙකු විදියට ඔයාගෙන් වෙන්න ඕන අන්න ඒ දේයි.. එයාගෙ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න.. ජේසු ඔයාට ආදරෙයි.. බය නැතුව.. ජේසු ගාවට යන්න කියල.. ඉතුරු ටික ජේසු බලා ගනී..

"එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ''මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි වදාළ සේක." ( ශු. ලුක් 5 : 18 , 20)

           අංසබාග රෝගියෙක්ව ඉතින් උස්සගෙනම යන්න වෙනවනෙ.. මොකද එයාට තනියම යන්න බෑ.. ඇග පන නෑ.. ඒ වගෙම.. අය ඉන්නව කොච්චර කිව්වත්.. යන්න හිත කැමතී.. ඒත් විවිද පරික්ෂාවන් නිසාම ජේසු ලගට යන්න බැරුව ඉන්න.. නැතිනම් ජේසු ලගට යන්න බය. යන්න විශ්වාසය නැති අය.. මානසික අංසබාගය තියෙන.. පුද්ගලයනුත් ඕනෑ තරම් ඉන්නව අපේ සමාජයෙ.. සමහර විට.. ඔහුව අරන් යන්න ඕන පාර වැහිල ඇති.. එහෙනම් ඔයාට සිද්ද වෙනව පාරක් හදාගෙන හරි ඒ කෙනාව ජේසු ලගට අරගෙන එන්න..  හරියට අංසබාග රෝගියාව ඒ අය අරගෙන ආව වගේම.. එදාට ජේසු ඔයාට කියයි.. ඔබේ ඇදහිල්ල නිසාම.. ඔහු සුවය ලැබුව කියල.. ජේසුව පුදුම කරන ඇදහිල්ලකට ඔයත් ඇතුළු වෙන්න..

මෙච්චර කාලයක්.. ජීවිත ගලවන ගමනක යන්න නැතුව ඇති.. ඒත් අද ඉදන්වත්.. ජේසු එක්ක.. එකතු වෙලා.. අළුතින් මේ ගැලවීමේ ගමන පටන් ගන්න.. අසරන වෙලා.. අංසබාගය වැලදිලා.. ප්‍රශ්න වලින් පොඩි වෙලා ඉන්න ජීවිත වලට සුබාරංචියක් වෙන්න..  ඕන කරන මාරගය.. උදව්ව... ජේසුගෙන් ඉල්ල ගන්න.. ඔයත් ජීවත ගලවන්නෙක් වෙන්න..

ජේසු පිහිටයි.!!
ප්‍රශංසා වේවා...

Saturday, December 8, 2018

දෙසැම්බර් 9 වන දින සුබ අස්න – ශු. ලූක් 3:1-6


දෙසැම්බර් 9 වන දින සුබ අස්න – ශු. ලූක් 3:1-6

1 තිබේරියස් අධිරාජයා රජ පැමිණි පසළොස් වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් ජුදයට ආණ්ඩුකාරයා ව ද හෙරොද් ගලීලයට යුවරජ ව ද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරයටත්, ත්‍රිකොනියටත් යුවරජ ව ද ලුසානියස් අබිලේනියට යුවරජ ව ද අන්නස් හා කායාපස් උත්තම පූජකවරයන් ව ද සිටි සමයෙහි, 2 දෙවියන් වහන්සේගේ පණිවුඩය පාළුකරයෙහි සෙකරියස්ගේ පුත් ජොහන් වෙත පැමිණියේ ය. 3 තවද, ඔහු ජොර්දාන් ගඟ අවට පෙදෙස මුළුල්ලෙහි සැරිසරමින්, පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනයa ලබන්නැ යි ප්‍රකාශ කෙළේ ය. 4 එපවත් දිවැසිවර යෙසායාගේ ලියවිලිවල මෙ‍සේ ලියා ඇත:
”සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න.
5 සියලු කඳුරැළි පුරවනු ලැබේ;
6 සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ;
සියලු වංගු ඇද හරිනු ලැබේ;
රළු මාවත් මට්ටම් කරනු ලැබේ.
දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි
පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.

මෙනෙහි කිරීම

දවසින් දවස ගෙවිලා ගිහින් ආගමන කාලයේ දෙවෙනි සතියත් උදා වෙලා..ආගමන සමයේ දෙවෙනි සතියෙත් අපිට බලාපොරොත්තුවේ පණිවිඩය මතක් කරල දෙනවාද??එදා ඉශ්රායල් ජනතාව මෙසියස් වහන්සේ එනකල් කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්න ඇතිද???බලාපොරොත්තුව කියල කියද්දි මට මාවම මතක් වෙනවා...කුඩා කාලේ ඉඳලාම මං කතා කරන්න බැරි කෙනෙක්..ඒත් කතා කරන්න ඕනෑ තැන් වල කතා කරන්න ඕන කම තිබ්බත් මං නිශ්ශබ්දව සිටියේ මගේ තියෙන නොහැකියාව නිසා..හැබැයි හදවතේ බලාපොරොත්තුවක් තිබුණා..කවදාහරි ජේසු හොද කරයි...අවුරුදු 14 ක් වාගේ කාලයකින් පස්සේ ජේසු මාව හොඳ කරා..ඒ මංවත් හිතපු නැති වේලාවකදී...ඒ ගෙවුණු අවුරුදු ටික ගැන හිතල බලනකොට මං ජේසුට කොචච්ර ළං වුණාද...මේ ආගමන සමයනේ..මේ නත්තලේ ඔබේ මගේ බලාපොරොත්තුව මොකක්ද?ගොඩක් බලාපොරොත්තු ඇති මේ වෙන කොට..අලුත් ඇඳුමක් ගන්නේ කොහොමද..ඒකේ ඩිසයින් එක...ගැන මේ වෙන කොට  බලාපොරොත්තු තියගෙන ඇති..ඔබේ මගේ හිතේ ජේසුට ඉපදෙන්න ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?ජේසු හොයන්නේ රජ මාලිගා නොවේ..ජේසූ හොයාගෙන ඔබේ මගේ කුණු දුවිලි වලින් වාගේ පාපයෙන් වැහිල ගිය හදවත්..කවුරුත් පය නොගහපු ඔබේ මගේ ඇතුළාන්තය...මොහොතකට අවදි වෙන්න...ජේසූ ආවේ අදුරේ ඉන්න ජනතාව ආලෝකයටගෙනෙන්න..බලාපොරොත්තුවෙන් ඉන්න...විශ්වාසයේ පහන් දල්වාගෙන
...ජේසු පිහිටයි...

Friday, December 7, 2018

දෙසැම්බර් 8 වන දින සුබ අස්න – ශු. ලූක් 1:26-38 මෙනෙහි කිරීම


දෙසැම්බර් 8 වන දින සුබ අස්න – ශු. ලූක් 1:26-38

26 සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, 27 දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. 28 දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය. 29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. 30 දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. 31 මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.
32 ”උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33 උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.
34 එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ”මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය. 35 දේව දූතයා ඈට උත්තර දෙමින්, ”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. 36 බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. 37 මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය. 38 මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.

මෙනෙහි කිරීම

මේ ගෙවිගෙන යන්නේ ආගමන කාලයයි...කිතුනු කිතුනු නොවන ලෝක වාසි සියල්ලෝම නත්තල සමරන්න සුදානම් වන මේ කාල වාකවානුවේ අද දවසේ මරියාණන්ගේ නිර්මල පිළිසිද ගැනිමේ මංගල්යය සමරනු ලබනවා..අපෝ අද ණය මංගල්ලයක් නිවාඩු දවසේ ගෙදර ඉන්න බෑනේ..ණය යුක්තිය ඉෂ්ට කරන්නත් එපැයි.....ශත වර්ෂ ගණනාවක් ඒව කරපු පාපය නව ඒව විසින් ඒවා පාගා දමනු දැමුවා..අරවා මේවා ඔක්කොම හිතේ තියාගෙන ඇති ..ඔව් මොහොතකච අපි අවදි වෙමු...දෙවිපියාණන් වහන්සේ අපි ගැන කොච්චර හිතනවාද???මරියාණන්ට මංගලම් කියන සිදුවිමේදි දෙවි පියාණන් වහන්සේ අපිට කොච්චර ආදරේද කියල අපිට වැටහෙනවා...අද අපි සමරන්නේ මරියාණන්ගේ නිර්මල පිළිසිදගැනිමේ මංගල්යය....මේ නත්තලේ අද අපි මරියාණන්ගේ ජිවිතය ගැන මොහොතකට අවදි වෙමු...එදා දෙවි පියාණන් වහන්සේගේ කෑමැත්තට එහෙයි කි මොහොතේ සිට ජේසු කුරුසේ උකුත් වෙලා ඇගේ උකුලේ තබා ගත් මොහොතෙත් ඇගේ ජිවිතය ගැන මෙනෙහි කරමු....ශු.ලියැවිල්ල තුළ ඇය ගැන සදහන් වෙනවා අඩු වෙන්න ඇති...ඒත් ඇගේ මුළු ජිවිතයම ප්රාතිහාර්ය ජිවිතයක්...එයට හේතුව මොකක්ද කියල අපි අවදි වෙමු...මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි..ඔබ කි ලෙසම ලෙසම මට සිදුවේවා...යැයි පවසමින් ඇගේ මුළු හදවතින් දේව පොරොන්දුව අදහා ගත්තා...ඇගේ හදවත කඩුවලින් සිදුරු වෙන්න ඇති ඒත් ඇය මුළු හදවතින්ම එය අදහා ගත්තා...ඔව් අද අපිට ආරාධනා කරනවා..ඔබේ ජිවිතේ දෙවියන් වහන්සේ පොරොන්දු දෙන්න ඇති..ඔබේ මුළු හදවතින් ම එය අදහාගන්න...දේව වචනයේ බීජ ඔබේ හදවතේ පැළ කරවන්න...අමාරුයි...සමාජ බලවේග කියන කුරුල්ලෝ එවි..ඒවා කාල දාන්න...කටුක අත්දැකීම් කියන කටු පදුරු වලින් වැහෙන්න පුළුවන්..ඒවාට ඉඩ දෙන්න එපා...දේව පොරොන්දුව නිතරම අදහා ගනිමින් ස්ථිරව ඉන්න...හරියටම දේව අම්මා වාගේ...මේ නත්තල් සමයේ ඔබේ මගේ හදවත දේව වචනය අදහා ගන්න හදවතක් බවට පත් කරගනිමු...ජේසු පිහිටයි...

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...