Saturday, December 15, 2018

දෙසැම්බර් 16 ශු.සුවිශේෂය ශු.ලූක් 03-10:18 මෙනෙහි කිරීම



දෙසැම්බර් 16 ශු.සුවිශේෂය
ශු.ලූක් 03-10:18
10 එවිට ජනකාය, ''එසේ නම් අප කුමක් කළ යුතු දැ''යි ඔහුගෙන් ඇසූ හ.11 ඔහු උත්තර දෙමින්, ''අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා''යි කී ය.12 අයකැමියෝ ද බව්තීස්ම-ස්නාපනය ලබන්ට අවුත්, ''ගුරුදේවයිනි, අප කුමක් කළ යුතු දැ''යි ඔහුගෙන් ඇසූ හ.13 ''නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ''යි ඔහු ඔවුන්ට කී ය.14 හේවායෝ ද, ''ඉතින් අප කළ යුත්තේ කුමක් දැ''යි ඇසූ හ. ''කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙ‍න් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ''යි ඔහු ඔවුන්ට කී ය.15 ''මේ ක්‍රිස්තුවරයා විය හැකි දැ''යි සෙනඟ අපේක්ෂාවෙන් බලා සිටිය දීත්, හැම දෙන ජොහන් ගැන විවාද කරමින් සිටිය දීත්,16 ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, ''මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙ‍ක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.17 කමත හොඳ හැටි පිරිසිදු කරන පිණිසත්, ධාන්‍ය පොළා සිය අටුවෙහි රැස් කරන පිණිසත්, උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත; එහෙත් බොල් නොනිවෙන ගින්නෙන් දවනු ලැබේ ය''යි කී ය.18 මෙ‍සේ තවත් බොහෝ අනුශාසනා මඟින් ඔහු සමූහයාට සුබ අස්න දේශනා කෙළේ ය

මෙනෙහි කිරීම
ආගමනයේ තෙවැනි ඉරුදින, ආනන්දයේ ඉරුදිනයි. අද පළමු දේව ප්‍රකාශනය, දෙවැනි දේව ප්‍රකාශනය සේම පිළිතුරු ගීතය ද, ප්‍රීතිය ගැන කතා කරමින් ප්‍රීති වීමට අපට ආරාධනා කරයි.

ප්‍රීතිය නැතිනම් සතුට මනෝවිද්‍යවේ එන මූලික මිනිස් හැගීම් අටින් එකකි. එම න්‍යයන්ට අනුව සතුට තෝරා ගැනීමකි. (Happiness is a choice) එහෙත්, අද දේව වචනයේ පිළිවෙත හුවා දක්වන ප්‍රීතිය ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඵලයකි. එය මෙලෝ වටිනාකම් ඉක්මවා යන සතුටකි. කතෝලිකයින් ලෙස අප වෙර දැරිය යුත්තේ මෙම සැබෑ ප්‍රීතිය මෙලෝවේදීම අත්දැකීමටයි. එහි පූර්ණත්වය ස්වර්ගීය ජීවිතයට ඇතුල් වූ දිනෙක අපි භුක්ති විදිමු.

ජීවිතය යනු දුක සැප දෙකෙහිම දෝලනයක් බව අපි කවුරුත් පිළිගන්නා සරල යතාර්ථයයි. අධ්‍යත්මික, සාමාජීය, ශාරීරිකව හා මානසික වැටීම් මධ්‍යයේ වුවත් අපට සතුටු විය හැකි නම් එය සැබෑ පරිණත ආත්මික ජීවිතයක ලකුණකි. එසේ සතුටු වීමට හේතුව පළමු කියැවීම ගෙනහැර පායි. 'ඔබේ දෙවි සමිදාණෝ ඔබ සමගය, ඔබට ජය අත් කර දෙන සබළාණෝය.' ඒ වචනය අද ඔබටත් මටත් අයිති කරගත හැකි නම් ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන සතුටේ අපි පංගුකාරයෝ වෙමු.

අද වන විට ලෝකයේ සංවර්ධිත යැයි යැයි කියැවෙන රටවල සිට පහළම ස්ථරයේ රටවල මිනිසුන් දක්වා පොදුවේ අත්දකින වේදනාත්මක තත්වයකි, විෂාදය (dippression). ආතතියේ උච්ඡතම අදියර එයයි. අද දෙවැනි කියැවීමෙන් ශු.පාවුළු තුමා එයට කදිම ඖෂධය අපට නිර්දේශ කරයි. එය නම් අන් කවරක් නොව යැදීම යි, 'කිසිවක් ගැන කරදර නොවී කන්නලව්වෙන් අපගේ අයැදීම් දෙවියන් වහන්සේට දැන්වීමයි.' නත්තල් මංගලෝත්සවයට දින අටක් තිබියදී සභා මාතාවන් අපව ගැබුරු යාච්නාවේ දිවියකට පොළොබවන්නේ එයම සැබෑ ප්‍රීතියේ උපත වන නිසාවෙනි. (Prayer is the source of joy)

අද ශුද්ධවූ සුභාරංචියේ තාරකාව ස්නාවක ජූවාම් මුනිදුන් ය. උන්වහන්සේ අප ආලෝකමත් කරන්නේ 'සදාතන ජීවිතය' නම් විනාශ නොවන ප්‍රීතිය ලබා ගැනීමේ මාර්ගය ගැන අපට පහදා දීමෙනි. සමාජයේ උස් පහත් සෑම ජන කණ්ඩායමක්ම අමතමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ 'බෙදාගැනීම', දෙවීක ප්‍රීතිය කරා අපව ගෙන යන බවයි. ලෝකය 'බදාගැනීමේ කලාව' අප මනසට කිදවීමට යන මෙවන් සමයක 'බෙදාගැනීමේ කලාව' කියා දීමට ස්නාවක ජුවාම් මුනිදුන් අප ඉදිරියේ දිස්වේ. දේව පුත්‍රයාණන්ගේ මාංශගතවීම පවා බෙදාගැනීමේ ඵලයකි. පියාණන් වහන්සේ තම ඒක ජාතක පුත්‍රයාණන් අප වෙනුවෙන් පොලෝ තලයට ත්‍යජ කිරීම මාංශගතවීමේ අති සුන්දරම පැතිකඩයි. එය දෙවිදුන්ගේ බෙදාගැනීමේ ඵලයකි.

අවසාන වශයෙන් මේ මෙනෙහි කිරීම ඔබේ මගේ ජීවිත තුළ ප්‍රායෝගික කිරීමට අපි අදිටන් කරගමු. ඒ සදහා,

1) ඔබ කුමන අසහනකාරී තත්වයක සිටියද, ඔබ ලෝකයේ බරපතලම පව්කරුවා වුවද, දෙවිදුන් ඔබ සමග සිට, ඔබටත් නොදැනී ඔබගේ ජීවිතය නිසි මගට ගෙන යන බව අදහා ගන්න.

2) ඒ ඇදහිල්ලෙන් නොකඩවා යදින්න, ඔබ වෙනුවෙනුත්, ජීවතුන් හා මළවුන් වෙනුවෙනුත් යදින්න, නත්තල් මංගල දිනය දක්වා විශේෂ යැදීමේ සමයක් ගත කරන්න.

3) ඔබට බෙදාගත හැකි සුලු දෙයක් වුවද බෙදා ගැනීම අතපසු නොකරන්න, විශේෂයෙන් ඔබේ ආදරය, මිත්‍රත්වය බලාපොරොත්තුවෙන් සිටින සෑම පුද්ගලයෙකුම හා වචනයක් හෝ බදා ගැනීමට අමතක නොකරන්න. මන්ද යම්විටක ඔබට මට අතපසු වී ඇති ස්වාමින් වහන්සේ ඔවුන් තුළ අපට හමු වනු නියතය.

දේව වචනයෙන් සන්නද්ධ වූ අපි මේ සතිය පුරාවටමත් ජීවිතය පුරාවටමත් දෙවිදුන් කෙරෙ අචල විශ්වාසය, දෙවිදුන් යැදීම හා බෙදාගැනීම තුළ සැබෑ ප්‍රීතිය අත්දකිමු. කිතුණු ජීවිතය ශුද්ධවන්ත සේම ප්‍රීතිමත් ජීවිත ක්‍රමයක් බව අපගේ ජීවිතාදර්ශයෙන්ම ලොවට හඩගා කියමු. ආමෙන්.

Friday, December 14, 2018

දෙසැම්බර් 15 වන දින සුබ අස්න – ශු. මතෙව් 17:10-13 මෙනෙහි කිරීම


දෙසැම්බර් 15 වන දින සුබ අස්න – ශු. මතෙව් 17:10-13

10 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, ”එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ උත්තර දෙමින්, ”එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය. 12 එහෙත්, ඔබට කියමි: එලියා දැනට ම පැමිණ සිටී, ඔව්හු ඔහු නොහැඳින, තමන් රිසි දෙය ඔහුට කළහ. එලෙස ම ඔවුන් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. 13 උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ.

මෙනෙහි කිරීම

මේ දවස්වල නත්තල් හින්දා ඔබ මම ලෑස්ති වෙනවා නත්තල් සමරන්නට... ෆෙස් බුක් එක එක්තරා ෆෙස් බුක් පිටුවක මේ වාගේ දෙයක් "නත්තල් සියේ කලින් හිටපු මාව ගෙනත් ගෙන්න.."මේක දැකපු මට හිතුණේ ජේසුව හොයා ගත්තා නම් කලින් හිටපු මාව නෙමෙයි කලින් සිටියාටත් වඩා වෙනස්ම වෙනස් කෙනෙක් ජේසු හොයල දෙයි...ඉතින් ඔයා මම ජේසුට ඉඩ දුන්නාද ඔබේ හදවතට...ආගමන කාලයේ කිතු සමිඳුන්ගේ උපත සිහි කරන මේ කාලයේ අපි කොච්චර ජේසුව හදුනා ගන්න බැරි වෙලා තියෙනවාද???උන් වහන්සෙගේ ආදරය තේරුම් ගැනීමට නොහැකිව අපි ජේසුව මග හැරල තියෙනවාද??අද ජේසු ඔබේ මගේ හදවතට කතා කරාවි...ජේසු ඔබේ මගේ හදවතේ ඉඩක් සොයාවි...ඔබ ලැස්තිද ජේසුට ඔබේ හදවතේ ඉඩක් දෙන්න..එදා ළඟම හිටපු ගෝලයන්ට පවා ජේසුව හදුන ගන්න බැරි වුණා...ඒත් උන්වහන්සේගේ ආදරය අත්දුටු තැන ඔවුන්ගේ ජිවිත මහා පුදුමාකාර විදියට වෙනස් වුණා...ඉතින් ඔබේ මගේ ජිවිතේ ජේසුට ඉඩ දුන්න තැන ජේසු පුදුම විදිහට ඔබේ මගේ ජිවිත වෙනස් කරාවි...හැබැයි ඔබ සිටින කන්දෙන් බැහැල එන්න...උඩගුවෙන් මානයෙන් ඊර්ෂාවෙන් අහංකාරයෙන් පිරිලා තියෙන ඔබේ හදවත ජේසුට දෙන්න තරම් බැහැපත් වෙන්න..එදාට ඔබේ ජිවිතේ වෙනස් වේවි...එහෙනම් මේ නත්තලේ නැති වුණ ජේසුව හොයාගමු..ජේසු නැති වෙලා නම් නැ..ජේසු ඔයා ළඟමයි අපියි ජේසුගෙන් ඈත් වෙලා තියෙන්නෙ...මේ සැරේ නත්තල ජේසුව පිළිගන්න තරම් හදවත් ජ්වලිත කරගෙන ඔබේ මගේ හදවත තුළ ජේසු කුමරුන්ව උපදවා ගනිමු...ජේසු පිහිටයි...

Thursday, December 13, 2018

දෙසැම්බර් 14 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම ශු.මතෙව් 11-16:19


දෙසැම්බර් 14 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම 
ශු.මතෙව් 11-16:19

16 මේ පරම්පරාව කුමකට සමාන කරම් ද?
වෙළඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා,17 'අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත;අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත'18 ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින්, 'ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකි'යි ඔව්හු කියති.19 මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක. එබැවින්, 'බලන්න, ඔහු කෑදර මනුෂ්‍යයෙකි; මුද්‍රික පානය බොන්නෙකි; අයකැමියන්ගේ ද පව්කාරයන්ගේ ද යහළුවෙකි'යි ඔව්හු කියති. එහෙත්, දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වේ.''

මෙනෙහි කිරීම

එදිනෙදා ජීවත් වීමේදී ඔබේ සමාජයේ අවට වටපිටාවේ සිදුවන්නේ මොනාදා කවුද අප වටපිටාවේ ජීවත් වෙන්නෙ..අපි ගැන අපේ වටපිටාවේ ඉන්න අයට මොන වගේ ආකල්පයක්ද තියෙන්නේ කියලා අපි අත්‍යාවශ්‍යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ...හැබැයි අපි හැමෝටම එක පොඩි වෙලාවකට අමතක වෙලා යනවා මම කියන්නෙ කවුද,මට තියෙන දුර්වලතා සහ ශක්තීන් මොනවද,ඇත්තටම මේ තාක් මම ඇවිත් තියෙන ජීවිතයේ මම විදියට මම ජීවත් වෙලා තියෙනවද කියන වැදගත්කම ප්‍රශ්න ටික අපෙන්ම අහන්න...අපි ඒ වෙනුවට කරන්නෙ සමාජයේ ඉන්න අනිත් අය අපි ගැන දකින්නේ කොහොමද කියන එක ගැන වුවමනාවටත් වඩා හිතන එක..." අනෙ දෙයියනේ මේගොල්ල මං ගැන මොනවා හිතනවද දන්නෙ නෑ..මම අර කෙනා එක්ක කතා කලොත් කට්ටිය මට මොනා කියයිද දන්නෙ නෑ..මම කතෝලිකයකු කියලා දැන්ම කාටවත්ම කියන්න හොද නෑ..කට්ටිය මොන විදියට මාව පිළිගනීවිද දන්නෙ නෑ නේ.....අනේ මගේ මහත්තයගෙ අම්ම මං ගැන කොහොම හිතන් ඉන්නවද දන්නෙ නෑ.....මේ සා නොයෙකුත් ,වටිනාකමක් නැති මනස්ගාත රාශියකින් අපි අපේ මනස පුරවගෙන ඉවරයි..සමහරවෙලාවට අපි නිකරුණේ අසනීප වෙනවා සමාජය අපි ගැන හිතන දේවල් ගැන හිතන්න ගිහින්....අනිත් වැදගත්කම දේ එදා ජේසු ජීවත් වූ කාලයේ ජේසු මොනව කලත් මිනිස්සු බලන් හිටියේ කොහෙන්හරි වැරැද්දක් හොයලා කියන්න...නම කැත කරන්න..ඉතින් ජේසු ඒ අභියෝගයට එදා සාර්ථකත්ව මුහුණ දුන්නාන්ම් අද අපිට බැරිද මේ අපිට කියන මේ පුංචි වචනයක් ඉවසා දරගෙන ඒ තුලින් උපදින සන්තාපය තිළිණයක් විදියට ඔප්පු කරන්න...බැරි නෑ....අපි ඔක්කෝටම පුලුවන්
අනිත් අය අපි ගැන හිතන දේ ගැන සැලකිලිමත් වෙන්න කලින් අපේ හදවතට පොඩ්ඩක් සවන් දීලා බලන්න ..ඒ හදවත තුලින් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔයාට මට කතා කරනවා..." ලෝකයා ඔබට මොන දේ කිව්වත් ඔබේ හදවතට දැනෙන නිවැරැදි දේ කරන්න.. ඔයාට මට විතරක් නෙමේ ආදි පියවරුන්ගේ ඉදලා නානා විධි දේවල් ලෝකයා කිව්වා....නමුත් බය වෙන්න එපා ඔබ කරන නිවැරැදි දේ මම දකිනවා...ඔබ එය කරන්නේ හදවතට එකගව නම් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබව බලගතු ලෙස ආශිර්වාද කරනවා..ඔබේ මුළු ජීවිතයම සඵලවත් කරනවා....මගේ වචනයෙන් පිරෙන්න..." ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ උන්වහන්සේ එදා දෙවියන්වහන්සේගේ වචනයට අවනත වුනා වගේ ලෝකයාගේ වචනය වලට නොව උන්වහන්සේගේ අමිල වූ ආදරයට නතු වන ලෙසයි...එන්න අපේ හදවතින් උපදින ආදරය අපි එතුමන් වෙතට අරගෙන යමු...හොඳින් අවබෝධ කරගන්න ජේසුත් එක්ක ගමනක් යනවනම් අනිත් කෙනාට අවශ්‍ය විදියට නෙමේ අපි අදහන එකම සර්වබලධාරී දෙවියන්වහන්සේ වචනය අනුව ජීවිතය හැඩ ගස්වා ගන්න........අනිත් අයට කියන්න ඔනේ තරම් දේවල් තියේවී...දෙවියන්වහන්සේ ඒ හැමෝගෙම මැවුම්කරුවානන් බවත් උන්වහන්සේ සියල්ලටම වඩා උසස් බවත් උන්වහන්සේට මේ සියල්ල යටත් බවත් මතක තියගෙන ජීවත් වෙන්න .......ඔබ කරන දේට අදාල ඵල විපාක උන්වහන්සේ ලබා දෙන බවට තිර විශ්වාසයෙන් පමණක් සිටින්න...අවශ්‍ය වන්නේ එය පමණකි .....

Wednesday, December 12, 2018

දෙසැම්බර් 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 11:11-15 මෙනෙහි කිරීම


දෙසැම්බර් 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 11:11-15

11 සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නො වී ය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද, ඔහුට වඩා උතුම් ය. 12 ස්නාවක ජොහන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරකමට යට වී ඇත. බලහත්කාරකම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති. 13 මන්ද, දිවැසිවරු හා ව්‍යවස්ථාවලිය ජොහන් දක්වා දිවැස් වැකි කී හ. 14 ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය. 15 සවන් ඇත්තෝ සවන් දෙත් වා!

මෙනෙහි කිරීම

ඔබගේ මගේ සිතුවිලි දෙව්යන් වහන්සේගේ සිතුවිල්ල වලට කිසිදා සමාන නොවන්නේය..
ගැලවීමේ ඉතිහාසයේ සිටම උන්වහන්සේ ඔබව මාව පාපයෙන් ගලවන්නට උත්සහා ගත්තා..අපි අවදිවෙමු ජේසු ලගට අපි අවදි වෙමු..ශු.ජොහාන් තුමා පැමිණෙන්න සිටින ගැලවුකරුවානන් ගේ මග සාදමින් උන්වහන්සේට මාවත් පිලියල කලා..ගැලවුම් කරුවාණන් පිලිගන්න උන්වහන්සේ වෙත මිනිස්සු ලං කරමින් ගැලවීම ඒ මිනිසුන්ට ලගා කර දෙන්න උන්වහන්සේ කැප වුනා.. ඔබගේ මගේ ජීව්තේ ප්‍රශ්න කරදර භාදක ඇති..මොහොතක් අපි ඒ හැමදේම පැත්තට තියලා ජේසුට අපේ හදවත් වලට වඩින්න අපි අපේ හදවතේ මාවත පිරිසිදු කර ගනිමු..අපේ ජීව්තේ බොහෝ අඩුපාඩුකම් ඇති නමුත් ශු.ජොහාන් තුමා වගේ අපිත් අපේ දුර්වලකම් හමුවේ ස්වර්ගය රාජ්‍යයේ බලහත්කාරකමට අපි යටත් වෙමු.එවිට ඔබ මමද ඉතා සුළු තැනැත්තෙක් වුවද දෙව්යන් වහන්සේ ඉදිරියේ  උතුම් මනුස්සයෙක් වනු ඇත..අපේ සත්‍ය ජිවිතේ තුල අපි මහෝත්තම දෙව් සමිදුන්ට අපේ ජීව්තේ ඇත්ත ප්‍රකාශ කරමු..

ඔබ සැමටම ජේසු පිහිටයී !

Tuesday, December 11, 2018

දෙසැම්බර් 12 ශු.සුවිශේෂය ශු.මතෙව් 11-28:30 මෙනෙහි කිරීම


දෙසැම්බර් 12 ශු.සුවිශේෂය 
ශු.මතෙව් 11-28:30

28 ''වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.29 මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.30 මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.''

මෙනෙහි කිරීම

ජීවිතයේ අනවශ්‍ය තරගයක යෙදිල ආතතියෙන් හෙම්බත් වෙල "නත්තල් කන්න" ඇගිලි ගනින අපි හැමෝටම ජේසු කියනව අද උන්වහන්සේගෙ වියගහ කරට අරන් සැහැල්ලූ වෙන්න. ජේසු පංතියේ ශු. රොබට් බෙලාරමින් තුමාට ජේසු අනාවරණයක් දෙනව මේ ජේසුගෙ වියගහ කියන්නෙ වෙන මුකුත් නෙමේ, ප්‍රේමයේ පණතයි කියල. ඒ හින්ද නත්තල කන්න නෙමේ සමරන්න වරම් ඉල්ලල කන්නලව් කරන අතරෙම මිනිසෙක් වුණු දෙවියන්ටත්, දෙවියන්ගේ දරුවන් වූ මිනිසුන්ටත් ආදරය කරන්න, වචනයෙන් විතරක් නෙමේ ක්‍රියාවෙනුත් ඒක එහෙම්ම කරන්න අපි අධිෂ්ඨාන කරගමු. මේ වියගහේ අපිට මහා බරක් නැහැ, කරන්න මහා දේවල් නැහැ, හරිම සරලයි, ඒත් හරිම ප්‍රබලයි. ආමෙන්.

Monday, December 10, 2018

දෙසැම්බර් 11 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම ශු.මතෙව් 18-12:14


දෙසැම්බර් 11 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම
ශු.මතෙව් 18-12:14

12 ''ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් එකෙකු මුළා ව ගියොත්, ඉතිරි අනූ නවදෙනා කඳුකරයේ ඉන්න හැර, මුළා ව ගිය එකා සොයා යන්නේ නැද් ද?13 සැබැවින් ම ඔබට කියමි, ඌ සම්බ වුනොත් මුළා ව නොගිය අනූනව දෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඌ ගැන ප්‍රීති වන්නේ ය.14 එසේ ම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නො වේ.''

මෙනෙහි කිරීම

"ඔබ කුමක් සිතන්නෙහුද බැටලුවන් 100ක් ඇති මිනිසෙක් උන්ගෙන් එකෙකු මුලාව ගියහොත් ඉතිරි අනු නමදෙනා කදුකරයේ ඉන්න හැර මුළා ව ගිය එකා  සොයා ගන්නෙ නැද්ද සැබවින්ම ඔබට කියමි ඌ සම්බ වුනොත් මුලාව නොගිය අනූ නව දෙනා ගැන ප්‍රීති වෙනවට වඩා ඌ ගැන ප්‍රීති වන්නේය එසේම මේ බාලයන්ගෙන් එකෙකු වත් විනාශ වීම ස්වර්ගයේ වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ කැමැත්ත නොවේ"

ක්‍රිස්තුන් වහන්සේ අපිට කොච්චර ප්‍රේම කරනවාද යන්න අද සුවිශේෂය මගින් ඔබට දැනගන්න පුලුවන්  බැටලුවන් 100දෙනෙක් ඉන්න එඩේරෙක් ඉන්නවා ඔහුගේ එක බැටලුවෙක් මුලාවේ යනවා අර්තය වැරදි පාරක යනවා
මෙම එඩේරා අර 99 දෙනාවම කදුකරයේ ඉන්න  හැරලා අර මුලාවේ ගිය එකා සොයා යනවා
ඇත්තටම එහි තෙරැම වන්නේ අර 99 දෙනා වැදගත් නැ කියන එක නොවේ ඒ එඩේරා දන්නවා  ඒ බැටලුවන් නොමග යන්නැ කියලා ඉතින් නොමග ගිය බැටලුවා සොයාගෙන යනවා
බලන්න ක්‍රිස්තුන් වහන්සේ ත් මේ වගේම තමා තමන් ලග ඉන්න අය සුරක්ශිත බැවින් තමන්ගෙන් වෙන්ව යන්නාව සොයාගෙන යනවා මොකද මේ ජිවිත ගමනේ සාතන් හැමතැනම ඉන්නවා පාපයත් හැමතැනම තියෙනවා ක්‍රිස්තුන් වහන්සේ ලග ඉන්න අය සුරක්ශිතයි නමුත් නොමග යන අය අනාරක්ෂිතයි
ප්‍රිය යහලු යෙහෙලියනි අපි මෙනෙහි කරමු අද දවසේ අපි මොන තැනද ඉන්නේ අපේ මාර්ගය මොකක්ද අපි උප්පත්තියෙන් කතොලික වෙන්න පුලුවන් අපේ එඩේරා ක්‍රිස්තුන් වහන්සේ වෙන්න පුලුවන් නමුත් අපි උන්වහන්සේ අනුව යනවද නැති නම් පිටුපා යනවද අපි අපේ හෘද සාක්ෂියෙන් අහලා බලමු අද අපිට ජේසු කතා කරන්නේ මගෙන් වෙන්ව යන්න එපා මා ලගම ඉන්න කියලයි

එක පියෙක්ට දරැවෙක් ඉන්නවා ඒ දරැවාව පොඩි කාලේ ඉදන් යහපත් විදියට ඇතිදැඩි කරනවා නමුත් මේ දරැවා ලොකු වෙනකොට පාප මිත්‍ර ඇසුර නිසා වැරදි දේට පෙලබෙනවා පොඩි පොඩි වැරදි කරලා හිරේ විලංගුවේ වැටෙනවා මේ තාත්තා මේ දරැවව මේ හැම අවස්තාවකදිම බේර ගන්නවා හොද දේ කියලා දෙනවා නමුත් මේ දරැවා පෙරසේ වැරදිමයි කරන්නේ අවසානයේ ලොකු වැරදි වැඩක් කරලා හිරේ යනවා ඔහුට හිම් උනේ මරනය විතරයි බලන්න අපේ ජිවිත තුලත් අපි වැරදි දේ කරනකොට හැදෙන්න කොච්චර අවස්තා ලැබෙනවාද අපි ඒවා පිලිගන්නවාද නැද්ද අවසානයේ අපිට ලැබෙන්නෙ මොකක්ද
දෙවිඳුන් අපිට කොච්චර අවස්තා දිලා ඇතිද ක්‍රිස්තුන් වහන්සේ අද ඒකයි කියන්නේ එක බාලයෙක්ගේ විනාශය පියාණන් වහන්සේගේ කැමැත්ත නොවේ ඒ නැති උන බැටලුවා සොයනකොටත් සම්භ නොවුනොත් අනිවාර්යයෙන් ඌ විනාශය කරා යනවා
අපිව සොයන්න උන්වහන්සේට අවස්තාවක් දෙනවා වගේම අපිත් උන්වහන්සේ සොයන්න ඔනි අතරමන් වූ දරැවෙක් තම මව සොයාගෙන දුවනවා අඩ අඩ ඒ අම්මත් තම දරැවා සොයාගෙන දුවනවා අපි අන්න ඒ තැනට එන්න ඔනි අපිත් උන්වහන්සේ සොයනකොට සම්භ විමේ ප්‍රවනතාව වැඩි
අද සුපුවත අපිට කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ඉන්න උන්වහන්සේ තුළ ඉන්න කියලා
ඔබ සැමට ලබන්නාවු නත්තල සාමයේ සංකේතයක් වේවා
ජේසු පිහිටයි

පිලිතුරැ ගිය :-සමිදුන් හට නව ගියක් ගයන්න පොලෝ වැසි සියල්ලෙනි සමිඳුන් හට ගී ගයන්න

අද සුවිශේෂයට අනුව අපි යාච්චා කරමු පියාණනි ඔබවහන්සේගෙන් වෙන්ව ගිය අසරණ දරැ කැළ ාඅශිවාද කළ මැනවි ඔවුන් ඔබවහන්සේගෙ දිව්‍යහර්දය කරා ගෙන්වා ගනිත්වා පාපයේ අන්ධකාරය තුල ජිවත් වන අප සියල්ලන් ඔබවහන්සේගෙ ශුද්ධාත්ම ආලොකයෙන් ඒකාලොක කර සාමය සතුට මෙම ලබන්නාවු විජයග්‍රාහි මංගල්ලය තුල ඔබවහන්සේගෙ පුත්‍රයාණන් ගේ නාමයෙන් අපට ලැබේවා ආමෙන්

ස්ව:-1
නමෝ:-3

Sunday, December 9, 2018

අද දෙසැම්බර් 10 ශු.සුවිශේෂය ශු. ලූක් 05-17:26 මෙනෙහි කිරීම


අද දෙසැම්බර් 10 ශු.සුවිශේෂය
ශු. ලූක් 05-17:26 

17 එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ.18 එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. ඔව්හු ඔහු ඇතුළට ගෙනවුත් උන් වහන්සේ ඉදිරියෙහි තබන්න සෙවූ හ.19 එහෙත්, සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට මඟක් නොදැක පියස්සට නැඟී සෙවිල්ල ඇර, ජේසුස් වහන්සේ ඉදිරියෙහි පිරිස මැදට මෙ‍ට්ටයත් සමඟ රෝගියා බැස්වූ හ.20 උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ''මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි වදාළ සේක.21 එවිට විනයධරයෝ ද පරිසිවරු ද, ''දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ''යි විවාද කරන්න පටන්ගත්හ.22 ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, ''ඔබේ සිත් තුළ මෙ‍සේ විවාද කරන්නේ මන් ද?23 වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද?24 එහෙත්, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණිස මම මෙ‍ය කරමි''යි කියා, උන් වහන්සේ, ''මෙ‍ට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි''යි අංසබාග රෝගියාට වදාළ සේක.25 එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙ‍ට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය.26 සියල්ලෝ විස්මිත ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් බියෙන් ඇලළී, ''අද අපි හරි පුදුම දේ දුටුවෙමු''යි කී හ.

මෙනෙහි කිරීම

අද අපේ සමාජය ගොඩාක් දුරට ආත්මාර්ථකාමී වෙලා නේද.. ජීවිතයෙ ප්‍රශ්න ගැටළුත් එක්ක.. ඔට්ටු වෙන.. හැප්පෙන පෙරලෙන අපිට.. කොහෙන්ද තවත් කෙනෙක් ගැන හොයන්න වෙලාවක් නේ.. අපි අපේ ගමන යනවා.. තම තමගේ ගැලවීම.. තම තමන් සතුයි.. අර කතාවකුත් තියෙනවනෙ.. තම හිසට තම අතමය සෙවනැල්ල කියල නේ..

            ඒත් ජේසු ඔයාව මාව කැදෙව්වෙ..ඒ විදියට ඉන්නද.. තමන්ගෙ ගැලවීම ගැන විතරක් බලල.. තමන්ගෙම සහෝදරයගෙ ජීවිතය විනාස වෙනකන් බලාගෙන ඉන්නද.. මේ ආගමන සමය.. ජේසු ආවෙ.. ජේසුගෙ ජීවිතය ගලවගෙන.. මෙහෙන් එතෙර වෙලා සුවර්ගයට යන්නම විතරයිද..  නෑ නේද..  ජේසු ආවෙ හැමෝගෙම ගැලවීමේ මාර්ගය තනන්න.. ජේසු අපිට හදල දුන්න.. ඒ ගැලවීමේ මාරගයෙ.. ඔයාට මට කවමදාකවත් තනියම යන්න.. අයිතියක් නෑ..  ඉතින්.. අද සුවිශේෂයෙන් වගේම.. පලමුවන කියවීමෙනුත් අපිට කියන්නෙ.. අන්න ඒ ගැලවීම සොයා යන ගමනෙ.. අපි යන්න ඕන විදියයි..

       " බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න;බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; ''බිය නොවී දිරි ගන්න;" (යෙසායා 35 : 3 - 4)

               බෙලහීන.. වෙවුලන.. දුර්වල වූ.. අය.. අපේ ජීවිතය තුල ඕනෑ තරම් හමුවෙනව.. ප්‍රශ්න කරදර තුල.. අසරණ වෙලා.. සරනක් නැති අය ඉන්නව.. දේවාල.. හදිහූනියන්.. තොයිල් පස්සෙ දුවන..කතෝලික මෙන්ම.. අන්‍යාගමික අයත් අපේ සමාජයෙ ඕනෑ තරම් ඉන්නව.. ජීවිතයෙ දුර්වල කම් නිසා.. කරකියා ගන්න දෙයක් නැතුව හැම තැනම රස්තියාදු වෙන අය.. ඒ වගේ කෙනෙක් දැක්කොත් අපි මොනාද කියන්නෙ.. රටේ නැති කතා කියල..පුලුවන් තරම් දොස් පවරයි නේද.. ඒත් එක පාරක් හරි ඔයාට පුලුවන් උනාද ඔයා අද ගැලවීම ලබන මේ ජේසුගෙ ආදරය ගැන ඒ කෙනාට කියල.. ඒ මාර්ගයෙන් ගලවල ගන්න.. සැබෑ කිතුනුවෙකු විදියට ඔයාගෙන් වෙන්න ඕන අන්න ඒ දේයි.. එයාගෙ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න.. ජේසු ඔයාට ආදරෙයි.. බය නැතුව.. ජේසු ගාවට යන්න කියල.. ඉතුරු ටික ජේසු බලා ගනී..

"එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ''මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි වදාළ සේක." ( ශු. ලුක් 5 : 18 , 20)

           අංසබාග රෝගියෙක්ව ඉතින් උස්සගෙනම යන්න වෙනවනෙ.. මොකද එයාට තනියම යන්න බෑ.. ඇග පන නෑ.. ඒ වගෙම.. අය ඉන්නව කොච්චර කිව්වත්.. යන්න හිත කැමතී.. ඒත් විවිද පරික්ෂාවන් නිසාම ජේසු ලගට යන්න බැරුව ඉන්න.. නැතිනම් ජේසු ලගට යන්න බය. යන්න විශ්වාසය නැති අය.. මානසික අංසබාගය තියෙන.. පුද්ගලයනුත් ඕනෑ තරම් ඉන්නව අපේ සමාජයෙ.. සමහර විට.. ඔහුව අරන් යන්න ඕන පාර වැහිල ඇති.. එහෙනම් ඔයාට සිද්ද වෙනව පාරක් හදාගෙන හරි ඒ කෙනාව ජේසු ලගට අරගෙන එන්න..  හරියට අංසබාග රෝගියාව ඒ අය අරගෙන ආව වගේම.. එදාට ජේසු ඔයාට කියයි.. ඔබේ ඇදහිල්ල නිසාම.. ඔහු සුවය ලැබුව කියල.. ජේසුව පුදුම කරන ඇදහිල්ලකට ඔයත් ඇතුළු වෙන්න..

මෙච්චර කාලයක්.. ජීවිත ගලවන ගමනක යන්න නැතුව ඇති.. ඒත් අද ඉදන්වත්.. ජේසු එක්ක.. එකතු වෙලා.. අළුතින් මේ ගැලවීමේ ගමන පටන් ගන්න.. අසරන වෙලා.. අංසබාගය වැලදිලා.. ප්‍රශ්න වලින් පොඩි වෙලා ඉන්න ජීවිත වලට සුබාරංචියක් වෙන්න..  ඕන කරන මාරගය.. උදව්ව... ජේසුගෙන් ඉල්ල ගන්න.. ඔයත් ජීවත ගලවන්නෙක් වෙන්න..

ජේසු පිහිටයි.!!
ප්‍රශංසා වේවා...

Saturday, December 8, 2018

දෙසැම්බර් 9 වන දින සුබ අස්න – ශු. ලූක් 3:1-6


දෙසැම්බර් 9 වන දින සුබ අස්න – ශු. ලූක් 3:1-6

1 තිබේරියස් අධිරාජයා රජ පැමිණි පසළොස් වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් ජුදයට ආණ්ඩුකාරයා ව ද හෙරොද් ගලීලයට යුවරජ ව ද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරයටත්, ත්‍රිකොනියටත් යුවරජ ව ද ලුසානියස් අබිලේනියට යුවරජ ව ද අන්නස් හා කායාපස් උත්තම පූජකවරයන් ව ද සිටි සමයෙහි, 2 දෙවියන් වහන්සේගේ පණිවුඩය පාළුකරයෙහි සෙකරියස්ගේ පුත් ජොහන් වෙත පැමිණියේ ය. 3 තවද, ඔහු ජොර්දාන් ගඟ අවට පෙදෙස මුළුල්ලෙහි සැරිසරමින්, පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනයa ලබන්නැ යි ප්‍රකාශ කෙළේ ය. 4 එපවත් දිවැසිවර යෙසායාගේ ලියවිලිවල මෙ‍සේ ලියා ඇත:
”සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න.
5 සියලු කඳුරැළි පුරවනු ලැබේ;
6 සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ;
සියලු වංගු ඇද හරිනු ලැබේ;
රළු මාවත් මට්ටම් කරනු ලැබේ.
දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි
පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.

මෙනෙහි කිරීම

දවසින් දවස ගෙවිලා ගිහින් ආගමන කාලයේ දෙවෙනි සතියත් උදා වෙලා..ආගමන සමයේ දෙවෙනි සතියෙත් අපිට බලාපොරොත්තුවේ පණිවිඩය මතක් කරල දෙනවාද??එදා ඉශ්රායල් ජනතාව මෙසියස් වහන්සේ එනකල් කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්න ඇතිද???බලාපොරොත්තුව කියල කියද්දි මට මාවම මතක් වෙනවා...කුඩා කාලේ ඉඳලාම මං කතා කරන්න බැරි කෙනෙක්..ඒත් කතා කරන්න ඕනෑ තැන් වල කතා කරන්න ඕන කම තිබ්බත් මං නිශ්ශබ්දව සිටියේ මගේ තියෙන නොහැකියාව නිසා..හැබැයි හදවතේ බලාපොරොත්තුවක් තිබුණා..කවදාහරි ජේසු හොද කරයි...අවුරුදු 14 ක් වාගේ කාලයකින් පස්සේ ජේසු මාව හොඳ කරා..ඒ මංවත් හිතපු නැති වේලාවකදී...ඒ ගෙවුණු අවුරුදු ටික ගැන හිතල බලනකොට මං ජේසුට කොචච්ර ළං වුණාද...මේ ආගමන සමයනේ..මේ නත්තලේ ඔබේ මගේ බලාපොරොත්තුව මොකක්ද?ගොඩක් බලාපොරොත්තු ඇති මේ වෙන කොට..අලුත් ඇඳුමක් ගන්නේ කොහොමද..ඒකේ ඩිසයින් එක...ගැන මේ වෙන කොට  බලාපොරොත්තු තියගෙන ඇති..ඔබේ මගේ හිතේ ජේසුට ඉපදෙන්න ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?ජේසු හොයන්නේ රජ මාලිගා නොවේ..ජේසූ හොයාගෙන ඔබේ මගේ කුණු දුවිලි වලින් වාගේ පාපයෙන් වැහිල ගිය හදවත්..කවුරුත් පය නොගහපු ඔබේ මගේ ඇතුළාන්තය...මොහොතකට අවදි වෙන්න...ජේසූ ආවේ අදුරේ ඉන්න ජනතාව ආලෝකයටගෙනෙන්න..බලාපොරොත්තුවෙන් ඉන්න...විශ්වාසයේ පහන් දල්වාගෙන
...ජේසු පිහිටයි...

Friday, December 7, 2018

දෙසැම්බර් 8 වන දින සුබ අස්න – ශු. ලූක් 1:26-38 මෙනෙහි කිරීම


දෙසැම්බර් 8 වන දින සුබ අස්න – ශු. ලූක් 1:26-38

26 සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, 27 දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. 28 දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය. 29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. 30 දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. 31 මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.
32 ”උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33 උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.
34 එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ”මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය. 35 දේව දූතයා ඈට උත්තර දෙමින්, ”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. 36 බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. 37 මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය. 38 මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.

මෙනෙහි කිරීම

මේ ගෙවිගෙන යන්නේ ආගමන කාලයයි...කිතුනු කිතුනු නොවන ලෝක වාසි සියල්ලෝම නත්තල සමරන්න සුදානම් වන මේ කාල වාකවානුවේ අද දවසේ මරියාණන්ගේ නිර්මල පිළිසිද ගැනිමේ මංගල්යය සමරනු ලබනවා..අපෝ අද ණය මංගල්ලයක් නිවාඩු දවසේ ගෙදර ඉන්න බෑනේ..ණය යුක්තිය ඉෂ්ට කරන්නත් එපැයි.....ශත වර්ෂ ගණනාවක් ඒව කරපු පාපය නව ඒව විසින් ඒවා පාගා දමනු දැමුවා..අරවා මේවා ඔක්කොම හිතේ තියාගෙන ඇති ..ඔව් මොහොතකච අපි අවදි වෙමු...දෙවිපියාණන් වහන්සේ අපි ගැන කොච්චර හිතනවාද???මරියාණන්ට මංගලම් කියන සිදුවිමේදි දෙවි පියාණන් වහන්සේ අපිට කොච්චර ආදරේද කියල අපිට වැටහෙනවා...අද අපි සමරන්නේ මරියාණන්ගේ නිර්මල පිළිසිදගැනිමේ මංගල්යය....මේ නත්තලේ අද අපි මරියාණන්ගේ ජිවිතය ගැන මොහොතකට අවදි වෙමු...එදා දෙවි පියාණන් වහන්සේගේ කෑමැත්තට එහෙයි කි මොහොතේ සිට ජේසු කුරුසේ උකුත් වෙලා ඇගේ උකුලේ තබා ගත් මොහොතෙත් ඇගේ ජිවිතය ගැන මෙනෙහි කරමු....ශු.ලියැවිල්ල තුළ ඇය ගැන සදහන් වෙනවා අඩු වෙන්න ඇති...ඒත් ඇගේ මුළු ජිවිතයම ප්රාතිහාර්ය ජිවිතයක්...එයට හේතුව මොකක්ද කියල අපි අවදි වෙමු...මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි..ඔබ කි ලෙසම ලෙසම මට සිදුවේවා...යැයි පවසමින් ඇගේ මුළු හදවතින් දේව පොරොන්දුව අදහා ගත්තා...ඇගේ හදවත කඩුවලින් සිදුරු වෙන්න ඇති ඒත් ඇය මුළු හදවතින්ම එය අදහා ගත්තා...ඔව් අද අපිට ආරාධනා කරනවා..ඔබේ ජිවිතේ දෙවියන් වහන්සේ පොරොන්දු දෙන්න ඇති..ඔබේ මුළු හදවතින් ම එය අදහාගන්න...දේව වචනයේ බීජ ඔබේ හදවතේ පැළ කරවන්න...අමාරුයි...සමාජ බලවේග කියන කුරුල්ලෝ එවි..ඒවා කාල දාන්න...කටුක අත්දැකීම් කියන කටු පදුරු වලින් වැහෙන්න පුළුවන්..ඒවාට ඉඩ දෙන්න එපා...දේව පොරොන්දුව නිතරම අදහා ගනිමින් ස්ථිරව ඉන්න...හරියටම දේව අම්මා වාගේ...මේ නත්තල් සමයේ ඔබේ මගේ හදවත දේව වචනය අදහා ගන්න හදවතක් බවට පත් කරගනිමු...ජේසු පිහිටයි...

Thursday, December 6, 2018

සාන්තුවරයෙකුට නිග‍්‍රහ කරද්දී බලා සිටීම


සාන්තුවරයෙකුට නිග‍්‍රහ කරද්දී බලා සිටීම 

නත්තල යනු ‘කිතු උපතය’ තවත් ලෙසකින් සාමයේ
කුමරුන්ගේ උපන් දිනය වේ. නැතහොත් ‘මෙසියස්’
හෙවත් ‘ගැලවුම්කරුවාණන්’ දෙව් බවින් මිනිස් බව ගෙන මහ පොළොව තුළ ජනිත වීම නැතහොත් ඉපදවීම සමරණ මංගල්‍යය වේ.
___________________________________
රෝමාණුකරණය වූ නත්තල
___________________________________

එදා නාසරතයේ ඉපදුණත් පසුව රෝම අධිරාජ්‍යයා කිතු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව ‘රෝමානුකරණය’ වී රෝමානු කතෝලික බවට පත්වූ පසු අති උත්කර්ෂවත් ලෙස සමරන්නට යෙදුණු මංගල්‍යයකි. එවක රෝමයෙහි පැවැති අපරාජිත සූර්යයා මංගල්‍යය කාමයෙන් හා පවින් පිරුණු එකක් වූ බැවින් ‘අපරාජිත සූර්යයා’ මංගල්‍යය වෙනුවට දෙවියන් මිනිසත් බවගත් බැතිය උපදවන සුළු කිතු උපත නම් මංගල්‍යය උත්කර්ෂවත් ලෙස සැමරීම ආදේශ කළ බව ජනප‍්‍රවාදයෙහි වෙයි. නමුත් අද වන විට රෝමයේත්, සමස්ත ලෝකයේත් ශ‍්‍රී ලංකාවේත් නත්තල යනු කිතු උපත නම් වූ ආත්මික උත්සවයෙන් එහාට ගිය ‘භෞතික’ වටිනාකමින් පිරි වාණිජත්වයට බර වූ උත්සවයක් බවට පත්වී ඇත. කිතුනුවන් තුළ තිබූ යථාර්ථවාදී ‘රියැලිටිය’ යටපත් වී අවශේෂ අඩුම කුඩුම ටිකක් මතු වී පෙනෙන ‘ෆැන්ටසියක්‘ පමණක් මතුව පෙනෙන මංගල්‍යයක්, උත්සවයක් බවට අද නත්තල පත්වී ඇත. ඒ හරහා නත්තල යනු වෙළෙන්දන්ගේ බඩු මුට්ටු විකුණා ගැනීමට, සේල් දැමීමට වසරකට වරක් එන වෙළෙඳ සමයක් බවට පත්ව ඇත. දිළිදුන්ට සුබාරංචිය’ ගෙනා කිතු උපතේ සැමරුම අද ‘වෙළෙඳුන්ට සුබාරංචිය’ ගෙන එන සැණකෙළි සමයක් වී ඇත. එම වෙළෙඳ ප‍්‍රජාවගේ ප‍්‍රධානම වෙළෙඳ නාමය, වෙළෙඳ භාණ්ඩය, වෙළෙඳ අලෙවි නියෝජිතයා ලෙස මේ වන විට පත්ව ඇත්තේ නත්තල් සීයා’ හෙවත් Santa Clouse ය.

නත්තල් සීයාSanta Clouse හෙවත් SANTA යනු කවුරුන්දැයි කෙටි හෝ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය. නත්තල් සීයා, නත්තල් පප්පා, සැන්ටා’ යන බොහෝ නම්වලින් හඳුන්වනු ලැබුවත් ඉංග‍්‍රීසියෙන් එන Santa Clouse යන වචනය නිර්මාණය වී ඇත්තේ සාන්ත නිකුලස් යන පදයේ සෙන්ට් නිකුලස් යන්න කාලයට සාපේක්‍ෂාව වෙනස් වීමෙනි. Sent+Nicolus යන පදය ක‍්‍රමයෙන් උච්චාරණයේදී Santa Clouse ලෙස පරිවර්තනය වී ඇත. නත්තල් සීයා ලෙස හඳුන්වන මේ සාන්ත නිකලස් කවුද?

___________________________________
නිකුලස් කියන්නේ කවුද?
___________________________________

ඔහු උපත ලැබුවේ තුර්කියේ, ලිසියා නම් නගරයේදීය. නමින් නිකුලස් වූ ඔහුගේ දෙමව්පියන් ඉතාමත් ධනවත් මෙන්ම බැතිමත් කතෝලිකයෝ වූහ. ඔවුන් පාරම්පරික කතෝලික සිරිත් විරිත් හා ආගමික වතාවත් පිළිපදින ලද පවුලක උදවිය වූ අතර ඔවුන් ඇසුරේ ඇති දැඩි වූ කුඩා නිකුලස් නම් දරුවාට ද ඔවුන්ගේ කිතුනු ගති පැවතුම් ක‍්‍රමයෙන් උරුම විය. එනිසාම කුඩා කළ සිටම නිකලස් නම් දරුවා බැතිමත් කිතුනු දරුවෙකු මෙන් වැඩෙන්නට විය. දෙමව්පියන්ගේ හුරුපුරුදුවෙන් ඔහුට ඉතා අපූරු පුරුද්දක් ලැබුණි. ඒ දිළිඳුන්ට උදව් උපකාර කිරීමේ හා දන්දීමේ පුරුද්දයි. ඔහු ළදරු අවදියේම තමන්ට අයත් බොහෝ දේ දිළිඳු, අසරණ දරුවන් වෙත බෙදා දෙන්නට විය. එනිසා කුඩා කලදීම දන්දෙන්නට, උදව් කරන්නට කැමති ත්‍යාගීවන්ත දරුවකු ලෙස කුඩා නිකුලස් ජනතාව අතර ප‍්‍රසිද්ධියට පත් විය. හේ වැඩිවියට පැමිණෙත්ම වඩ වඩා දහමට නැඹුරු විය. වයසින් වැඩෙත්ම වඩ වඩා දන්දීමේ කටයුතු වැඩිවන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස යොවුන් වියේ වූ නිකුලස් පූජක දිවියට ඇතුළුවීම සඳහා නිවසින් පිටවිය. පසුව පැවිදි දිවියට ඇතුළු වන නිකුලස් කෙටි කලකින් ත්‍යාගිවන්ත වූ නිකලස් පියතුමා ලෙස ප‍්‍රචලිත විය. පැවිදි දිවියට ඇතුළත් වූ පසු ඔහු වඩ වඩා වැඩියෙන් දන්දීමේ කටයුතුවල යෙදෙන්නට විය. මේ දන්දීමේ අසරණයින්ට උදව් උපකාර කිරීමේ ක‍්‍රියාව නිසාම ඔහු ජනතාව අතර වඩා ප‍්‍රචලිත වන්නට විය. වයසින් හා අත්දැකීමෙන් පොහොසත් වූ නිකුලස් පියතුමාව පසුව රදගුරුවරයෙකු ලෙස අභිෂේක කරනු ලැබූහ. බිෂොප්වරයෙකු වූ පසු ඔහු දිළින්ඳන් හා අසරණයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපවෙන්නටත් කටයුතු කරන්නටත් විය. ඔහු අසරණයින් සොයාගොස් ඔවුන්ට මුදලින් ද කෑම,බීම, ඇඳුම් පැළැඳුමින්ද උදව් උපකාර කරන්නට වූහ. විශේෂයෙන් නත්තල් කාලය ලංවන විට නත්තල් සැමරීමට වත්කමක් නොවූ අසරණ දිළිඳු ජනයාටත්, කුඩා දරුවන්ට නිකුලස් රදගුරුවරයා උදව් උපකාර කරන්නට විය. ඔහුගේ රතු පැහැති රදගුරු ලෝගුවත්, උසැති රත් පැහැති රදගුරු හිස් වැස්මත්, සීතලයට පළදින අත් වැස්මත් ඔහුටම ආවේණික පෙනුමක් එක් කළ අතර එය වඩාත් තීව‍්‍ර වූයේ ඔහුට හිමිව තිබූ දිගැති සුදු පුළුන්වන් රැුවුල සහ කෙස් වැටියත් රදගුරු සැරයටියත් නිසාය. අදද ‘නත්තල් සීයා ගේ බාහිර රූපයට එක්වී ඇත්තේ මේ ත්‍යාගවත් නිකුලස් රදගරුවරයාගේ ගති ලක්‍ෂණවේ. නිකුලස් රදගුරුවරයාගේ මරණින් පසු ද ඔහුව අනුකරණය කරමින් නත්තල් සමයේ දිළිඳු දරුවන්ට තෑගි බෝග බෙදා දීම, සම්ප‍්‍රදායක් ලෙස සිදු විය.

___________________________________
නත්තල් සීයා සාන්තුවරයෙකු වීම
___________________________________

මුලින්ම මෙය තුර්කිය පුරාත්, පසුව යුරෝපයේ, ඇමෙරිකාවේ ආසියාවේ වැනි මහද්වීප ගණනාවකත් ප‍්‍රබල ලෙස පැතිරගිය අතර පසුව නත්තල් සීයා යන සංකල්පය ලොව පුරා නත්තලේ අනන්‍ය වූ ලක්‍ෂණයක් විය. නිකුලස් රදගුරුවරයා පසුව සාන්තුවරයෙකු ලෙස නම්කර සාන්තුවර භාවයට ඔසවා ගරු බුහුමන් දැක්වීම සිදු විය. ඔහු දිළින්දන්ගේ, වෙළෙන්දන්ගේ අසරණ දරුවන්ගේ, නැවියන්ගේ, බැංකුකරුවන්ගේ, බලාපොරොත්තු සුන්ව ගිය අයගේ හා විවාහ නොවී සිටින තරුණ තරුණියන්ගේ සාන්තුවරයා ලෙසින්ද හඳුන්වනු ඔහුගේ මරණින් පසු ඔහුගේ දේහය නොදිරා නත්තල් සීයා වීම ගැන කාටත් අරුමයක් වීමට දෙයක් නැත. නමුත් අරුමය නම් අදවන විට ඒ නත්තල් සීයා නත්තලට තෑගි බෙදන්නට එන රදගුරු නිකුලා නම් ‘නත්තල් සීයා’ නොවීමයි. අද වන විට රදගුරු නිකුලා මුනිතුමා පැමිණෙන්නේ නත්තල් කාලයට දිළිඳු අසරණ කුඩා දරුවන්ට තෑගි බෝග දීමට නොව දහස් ගණන් වූ වෙළෙඳ ප‍්‍රජාවට ලාභ උපයා දීමේ අතරමැදියකු ලෙසය. නත්තල ළං වන විට සෑම අලෙවි හළක් ඉදිරිපිටම නත්තල් සීයා ලෙස සරසා කවුරුන් හෝ තැබීමත්, නත්තල් සීයාගේ අනුරුවක් තනා සේල් බෝඞ් කැබැල්ලක් අතටදීමත්ය. අද වන විට අලූත්ම ප‍්‍රවණතාව වී තිබෙන්නේ නත්තල් කාලයේ කුමක් හෝ රතු ඇඳුමක් ඇඳගත්, සුදු රැුවුලක් දමා බැලූම් ටිකක් අතට ගත් නත්තල් සීයා කෙනෙකු සමඟ ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කර ගැනීමයි.

මෙය කතෝලික ජනයා වැඩිපුර වෙසෙන ප‍්‍රදේශවල අතිශය බහුල ලෙස දැකිය හැකි දර්ශනයකි. එසේම ඇතැම් කතෝලික මීසම් තුළ නත්තල් උත්සව, නත්තල් හමුවන්, නත්තල් සාද තුළද පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන්, කිතුනු දහම් ගුරුවරුන්ගේ මැදහත් වීමෙන්ම අද නත්තල් සීයාව ‘ජෝකර්’ කෙනෙකු කර බයිලා නැටවීම් ජයටම සිදු කිරීම ද දැකිය හැකිය.

___________________________________
නත්තලේ අලෙවි නියෝජිතයා
___________________________________

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලත්, යුරෝපයේ රටවලත් නන්තල් සමයේ වෙළෙඳාමට නත්තල් සීයාව ඍජුවම දායක කර ගනී. නත්තල් සමයේ හැම වෙළෙඳ සැලකම නත්තල් සීයා කෙනෙකු දැන් එවැනි රටවල සුලබ දසුනකි. වෙනෙකක් තබා නත්තල් සමයේ ඇතැම් වීදි ගණිකාවන් පවා නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී තමන්ගේ ගැනුම්කරුවන් පැමිණෙන තුරු බලා සිටීම අදවන විට විලාසිතාවකි. එසේම ගණිකාවන්ගේ තැරැුව් කරුවන්ද නත්තල් සීයා ලෙස සැරසී ගනුදෙනුකරුවන් හමුවීම සුලභ දසුනකි. එසේම විවිධ සොරුන් ද නත්තල් සීයා ලෙස සැරසී වීදිවල සැරිසරමින් විවිධ සොරකම් සිදුකරන බව දැනගන්නට ඇති අලූත්ම ප‍්‍රවණතාවකි. අද නත්තල ළංවන විට විලාසිතා ප‍්‍රදර්ශනවල පවා ප‍්‍රමුඛතාව හිමි වී තිබෙන්නේ නත්තල් සීයාගේ ඇඳුම අනුකරණය කරමින් නිම වූ විලාසිතාවන්වලටය.

___________________________________
නත්තල් සීයා බ‍්‍රෑන්ඞ්
___________________________________

බටහිර රටවලත් යුරෝපයේ රටවලත් නත්තල් සමයේ හොඳම අලෙවි භාණ්ඩය නත්තල් සීයාය. නත්තල් සීයා සම්බන්ධකර විකුණන  ඕනෑම භාණ්ඩයකට නත්තල් සමයේ දැඩි ඉල්ලූමක් ඇතිවීම ස්වාභාවිකය. අන්තර්ජාලය හරහා කරන ලද ගවේෂණයකදී ලැබුණු තොරතුරු අනුව අද වන විට නත්තල් සීයා’ පත්වී ඇති ශෝචනීය තත්ත්වය කෙතරම්දැයි දැකගත හැකි විය. 'Sexy Christmas ' හෙවත් ‘කාමුක නත්තල’ යනුවෙන් යට ඇඳුම් අලෙවි කිරීම සඳහා අද නත්තල් සීයා අඩ නිරුවත්කොට යොදා ගෙන තිබීම ඇහැ කණ වසාගෙන බලා සිටිය යුතු කරුණක් බවට පත්වී ඇත. එමෙන්ම 'Sexy Santa Candle' හෙවත් ‘නත්තල් සීයාගේ කාමුක ඉටිපන්දම්’ ලෙස අඩනිරුවත් නත්තල් සීයාගේ හැඩයෙන් යුතු ඉටිපන්දම් අද වන විට වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත.

එලෙසම Sexy Santa Mug  නමින් බීම බඳුන් ද හඳුන්වා දී තිබේ. එහි ඇත්තේ නත්තල් සීයා පුරුෂ නිමිත්ත එළියේ දමා සිටින අන්දමින් තැනූ කෝප්පයකි. 'Killing Santa' එවැනි තවත් එක පරිගණක ක‍්‍රීඩාවකි. මේ ක‍්‍රීඩාවේ දී තිරය මත දිස්වන නත්තල් සීයා ඉලක්ක කොට, වෙඩිතබා මරා දැමිය යුතුය. ඇතැම් සමලිංගිකයින් සඳහා වූ වෙබ් අඩවියක නත්තල් සීයා සමලිංගිකයින් සමඟ සෘංගාරාත්මකව සිටින අන්දම ඡුායාරූප තුළින් දක්වා ඇත. එය නම් කර ඇත්තේ 'Gay Santa'හෙවත් ‘සමලිංගික නත්තල් සීයා’ යන නමිනි. අන්තර් ජාලය හරහා ගණිකාවන් ඇණවුම් කළ හැකි වෙබ් අඩවි බොහෝමයක් තුළ ගණිකාවන්ගේ තැරැුව්කරුවා ලෙස කටයුතු කරන්නට යොදවා ඇත්තේ නත්තල් සීයා ලෙස සැරසුණු පුද්ගලයන්ය. ඔවුන්ගේ ඡුායාරූප රාශියක් ගණිකාවන්ගේ ඡුායාරූප රැුසක් සම`ග අන්තර්ජාලයේ වෙයි.පුරා වෙයි. ඔහු ගණිකාවන් හඳුන්වා දෙන්නේSpecial Gift Of Christmas යනුවෙනි. තවත් එක් වෙබ් අඩවියකින් සොයා ගත හැකි ඡුායාරූපයක ඇත්තේ ගංජා සුරැුට්ටුවක් උරමින් සිටින නත්තල් සීයා කෙනෙකි. එසේම සුපිරි වර්ගයේ සිගරැුට් ගණනාවක් අලෙවි කිරීම සඳහා සිගරැුට් උරමින් දැන්වීම් තුළ සිටින නත්තල් සීයලා දැකගත හැකිය. එසේම මත්පැන් පානය කරන, සිසිල් බීම දැන්වීම් තුළ අති දැවැන්ත ලෙස අලෙවි වන නත්තල් සීයලා  ඕනෑ තරම් ඇත. නිරුවතින් නටන නත්තල් සීයලා, දුරකතන, ඇඟ අඩුකර ගැනීමේ ඖෂධ, සමාජ ශාලා හා මත්පැන් ශාලා, සංගීත උපකරණ, කාන්තා ලිංගික උපකරණ, යට ඇඳුම්, පරිගණක, තැබෑරුම් වැනි මෙකී නොකී බොහෝ දේ අලෙවි කර ගැනීමට අදවන විට ලෝකයේ විවිධ රටවල නත්තල් සීයාව අලෙවිභාණ්ඩයක් ලෙස භාවිතා කරමින් සිටී.

තවද Funny Cartoon හා Funny Pictures යන නාමයන් යටතේ නත්තල් සීයාව හාස්‍යයට ලක් කර ඇති අන්දම ශෝචනීයය. නත්තල් සීයා වේගයෙන් යන ගුවන් යානයක ඉදිරිපස හැපී යානයට ඇලී සිටින අන්දමේ පිංතාරු සමහර ගුවන්යාන හී බඳෙහි ඇත. එසේම මුවන් රැුළ හා නත්තල් සීයාව දඩයම් කර තුවක්කුවක් අතැතිව මිය ගිය නත්තල් සීයාගේ ඇඟ මතට කකුලක් තබාගෙන සිටින දඩයක්කරුවෙකුගේ ඡුායාරූපයක් ද අන්තර්ජාලයේ වෙයි. නන්තල් දින ලාබාල යුවතියන් තුරුළු කරගෙන නත්තල් රැුය ගත කරන නත්තල් සීයා, බීමතින් හිසට වෙඩි තබාගන්නට උත්සාහ දරණ නත්තල් සීයා වැනි බොහෝ විහිලූවලට ලක්කළ නත්තල් සීයලා අන්තර්ජාලය තුළ වෙයි. අන්තර්ජාලයේ ඇති ඇතැම් සිද්ධීන් පුවත්පතක සඳහන් කළ නොහැකි අන්දමේ අතිශය අසභ්‍ය කරුණු වේ.

___________________________________
අළුත්ම නත්තල් ආච්චි
__________________________________

නත්තල් සීයා සංකල්පයේ අලූත්ම හඳුන්වා දීම වන්නේ Miss Santa හෙවත් නත්තල් ආච්චිය නමුත් වයසට ගිය නත්තල්  ආච්චිලා මේ අය අතර නැත. ඇත්තේ අඩනිරුවතින් සිටින යෞවන යුවතියන් හා ගැහැනුන්ය. අන්තර්ජාලය පුරා Miss
Santa සංකල්පය වපුරා ඇත්තේ විවිධ ඇඳුම් මෝස්තර, කාමුක ලිංගික උපකරණ හා ගණිකාවන් අලෙවිය සඳහාය. මෝස්තර නිරූපණය වෙබ් අඩවි ගණනාවක නිරුවත් නත්තල් ආච්චිලා
දැක ගත හැකිය. එසේම කාමුක වෙබ් අඩවිවල නත්තල් සමයේ වැඩි වශයෙන් නත්තල් ආච්චිලා ලෙස සැරසුණු අඩනිරුවත් සුරූපිනියන් දැක ගත හැකිය. Sexy Miss Santa හෙවත් කාමුක
නත්තල් ආච්චි යන සංකල්පය සමඟ විවිධ වාණිජ අරමුණු පෙරදැරි කරගත ් වෙබ් අඩවි  ඕනෑතරම් අද වන විට අනත් ර්ජාලය හරහා සොයා ගත හැකිය.

ශ‍්‍රී ලංකාවේද අද වන විට කඩසාප්පු, සුපිරි වෙළෙඳසැල්, හෝටල් සමාජ ශාලා වැනි බොහෝ ස්ථාන තුළත් පුවත්පත්, රූපවාහිනී, පෝස්ටර්, කටවුට්, දැන්වීම් තුළත් නත්තල් සීයා ලාබෙට
විකිණෙමින් සිටී. මේ වන විට වාර්ෂිකවSantastic Fair නමින් නත්තල්සීයාගේ රූපය සහිතව අති දැවැන්ත වෙළඳ අලෙවි පොළක්ද කිසිදු හිරිකිතයකින් තොරව පවත්වනු ලබයි.

___________________________________
කතෝලික සභාවේ මුණිවත
___________________________________

කතෝලිකසභාවත්, සමස්ත කතෝලික ජනතාවත් නත්තල් සීයා හෙවත් සාන්තුවර නිකුලා මුනිතුමාව විකිණීමට එරෙහිව මුණිවත රකිමින් සිටීමෙන් වඩා ප‍්‍රබල ලෙස එතුමාව විකිණීමට වෙළෙඳ ප‍්‍රජාව පෙළැඹී සිටී. නිහැඬියාව එම වැරැුද්දට අනුබලයකි.කතෝලික සභාවේ ප‍්‍රධානීන් ප‍්‍රමුඛ ජනතාව මෙම බැතිමත් සාන්තුවරයාව විකිණීමට, අපහාස වන අන්දමින් භාවිතා කිරීමට එරෙහිව යම් නීතිමය පියවරකට යා යුතු කාලය පැමිණ ඇත. නමුත් සභාව තවදුරටත් මුණිවත රකිමින් මේ වැරැුද්දට තව තවත් අනුබලය සපයයි.

ඉතින් මෙවන් වටපිටාවක් තුළ සාන්තුවර නිකුලස් මුනිඳුන්ගේ හෙට දවස තීරණය කිරිම පැවරී ඇත්තේ වෙළෙඳ ප‍්‍රජාවගේ අතේය. තම ආදරණීය සාන්තුවරයා පෙනී පෙනී විකිණෙද්දී කතෝලිකයින් නිහඬව සිටීම පුදුමයට හා දුකට කරුණකි. කිතුනු ජනතාවගේ මේ නිහඬ නිද්‍රාශීලී පිළිවෙත තුළ ක‍්‍රිස්තුස් වහන්සේ ද මේ වන විට විකිණෙන බව සමහර විට කතෝලික ජනතාව නොදන්නවා විය හැකිය. එයම ඛේදවාචකයකි.
___________________________________

ගවේශනාත්මක සටහන : තිළිණ අලහකෝන් විසිනි 2009 දෙසැම්බර් වැනි ඉරිදා ‘සියත’ පුවත්පතිනි

නත්තලේ කතාන්දරයේ නිහඩ චරිතය


මේ දවස්වල නත්තලට ජයටම සුදානම් වෙනවා ඇති..නත්තල ගැන කතා කරන කොට අපි එක එක දේවල් ගැන කතා කරනවානේ..නත්තල් ගස් ගවලෙන් කැරොල් තෑගි සා.නිකොලා නැත්නම් හැමෝම දන්න නත්තල් සියා ගැනත් කතා කරනවානේ...බෙත්ලෙහෙමේ නිහඬ දෝංකාරය සාමය උදාව එහෙම නැත්නම් ජේසු මේ ලොකේට ආපු ගමනේ හිටපු චරිතයක් ගැන කියන්න හිතුවා...
කවුරු ගැනද මං කියන්න යන්නේමේ දවස්වල නත්තලට ජයටම සුදානම් වෙනවා ඇති..නත්තල ගැන කතා කරන කොට අපි එක එක දේවල් ගැන කතා කරනවානේ..නත්තල් ගස් ගවලෙන් කැරොල් තෑගි සා.නිකොලා නැත්නම් හැමෝම දන්න නත්තල් සියා ගැනත් කතා කරනවානේ...බෙත්ලෙහෙමේ නිහඬ දෝංකාරය සාමය උදාව එහෙම නැත්නම් ජේසු මේ ලොකේට ආපු ගමනේ හිටපු චරිතයක් ගැන කියන්න හිතුවා...
කවුරු ගැනද මං කියන්න යන්නේ නත්තලේ කතාන්දරයේ නිහඩ චරිතය ශු බයිබලය තුළ ඉතාමත් සුළු වශයෙන් කතා කරල තියෙන්නෙ...වෙන කවුරුත් නෙමෙයි ජුසේ තුමා ගැන...නත්තලේ කතාන්දරය අසම්පුර්ණ වේවි...එතුමා එදා දේව කැමැත්තට හිස නැමුවේ නැත්නම්..
මොහොතකට හිතලා බලමු...එදා ජොසෙප් කියන තරුණයාට වුණ දේ ඔබට මට වුණා නම්...ඔව්...එදා වාගේ නොහිතපු වේලාවක තමන්ටත් ඒ දේ වුණා නම් අපි ඒ ප්ශ්නෙන් පැනලා යාවි..දාහක් දේ පවසාවි.එකිනෙකාව සැක කරන්න යාවි..නමුත් දැක්කාද ජොසෙප් කියන තරුණයාගේ ආදරය....පරිත්‍යාගය...
ඔබට හිතෙන්න පුළුවන්...අපෝ මං ජොසේප් වුණා නම් මං ඒ කෙල්ලව අත හරිනවා...මුහුදේ මාලු එකාද ඉන්නේ නෑනේ..අපෝ එහෙම බෑ...මට නැත්තම් අනික් අයටත් ඕනේ නෑ..මරාගෙන හරි මැරෙනවා...ඔය වාගේ කථාන්තරවලින් අපේ ලෝකය පිරිලා තියෙන්න පුළුවන්...ඔව් අද අපිට ජොසෙප් කියන තරුණයා ලොකු අභියෝගයක්...ජොසෙප් කියන තරුණයා පේම පාරමිතාවේ තියෙන පරමාදර්ශය...නත්තල කියන්නේ පරිත්යාගයක්...පේමයක්...අද අපි party දාලා ජොලි කරන්න හිතන් ඉන්න නත්තලේ සැබෑ අයිතිකාරයා ජුසේ තුමා...එදා ජුසේ තුමා නො හිටියා නම් අද අපිට සමරන්න නත්තලක් නැති වේවි.ජොසෙප් කියන තරුණයාගේ ජිවිත පරමාදර්ශයට අරගෙන දෙවි පියාණන් වහන්සේට ප්රසන්න වෙන ගමන් ඉතින් මේ සැරේ නත්තලේ ජේසු කුමාරයන් ඔබේ මගේ හදවතේ ජනිත කරවන නත්තලක් කරගනිමු.

අංජලී ~•

දෙසැම්බර් 07 වන දින සුබ අස්න – ශු. මතෙව් 09 - 27:31 මෙනෙහි කිරීම



දෙසැම්බර් 07 වන දින සුබ අස්න – 
ශු. මතෙව් 09 - 27:31

27 ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, ''දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව'' කියමින් උන් වහන්සේ පසුපස ගියහ.28 උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. ''මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ''යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ''එසේය, ස්වාමීනි''යි ඔව්හු කී හ.29 එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, ''ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා''යි වදාළ සේක.30 ඔවුන්ගේ ඇස් පෑදිණි. ''කිසිවෙකුට මෙපවත් නොකියන්නැ''යි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.31 එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ.

මෙනෙහි කිරීම

දාවිත් රජු පුතුනේ යැයි මොර දුන් අඳ මිනිසාගේ
අඳ බව නැති කළ සේ ගොඩලනු මා දැන්
මගේ අඳුරු ලෝකෙන්....
සුව කරන්න මා.....ජේසු සමිඳුනේ
ස්පර්ශ කරන්න මා
සුරත ඔසවලා
නැගිටුවන්න මා දිව්‍ය වෙදැදුරාණනේ

අපේ ජීවිතයේ නොයෙකුත් ආකාරයේ අන්ධහාවයන් තියෙනවා..බොහෝ විට අපි ශාරීරික වශයෙන් අන්ධ පුද්ගලයන් නොවුනත් අපි ජීවත් වෙන්නෙ ඇත්තටම අන්ධ පුද්ගලයන්ටත් වඩා අන්ධ ආකාරයෙන්.ජීවිතයේ විවිධාකාර සිදුවීම් වලට මුහුණ දෙන අපි සමහර අවස්තාවලදී කටයුතු කරන්නේ අන්ධයො වගේ ..ඇත්තටම ජීවිතය ඉදිරියට අරගෙන යද්දි නොයෙකුත් බාධා ,කරදර ,ප්‍රශ්න වලට මුහුන පාන්න සිද්දවෙනකොට අපිට අමතක වෙනවා අපිට තියෙන ප්‍රශ්න ,කරදර වලට වඩා අපිව මවා වදාළ අපේ ස්වාමීන් වහන්සේගේ බලපරාක්‍රමය ඉහළින් තියෙනවා කියලා..ජීවිත ගැටලු ලිහා ගන්න බැරි තැන්වලදී අපි දෙවියන්වහන්සේව හොයනවා විනා වෙන වෙන දේවල් පස්සේ ගිහින් අපේ අන්ධකමට පිලියම් හොයන වා..හරියට ඒක ඔලුවෙ අමාරුවට කොට්ටෙ මාරු කලා වගේ වැඩක්....දෙයක් නැතිවෙනකොට ,කරන හැම දෙයක්ම වරදිනකොට අපිට අපිවම අමතක වෙනවා ..අපේ ස්වාමීන් වහන්සේව අමතක කරනවා...ගැටලු හමුවේ අපි ස්වාමීන් වහන්සේ අපිට ගැලවීමක් ,සැනසීමක්  දෙයි කියලා විශ්වාස කලත් ඇදහිල්ලෙන් යාච්ඤා කලත්,හිත කියනවා " අන්න අතන මෙහෙම තැනක් තියෙනවා,, ගිහින් බලන්න ඕනේ,ජේසු  හිටියට කමක් නෑ ...කොහෙන්හරි සහනයක් ලැබෙනවානම් මට ඒ ඇති ..දෙයියෝ දෙනකන් බලන් හිටියොත් පෙරහැර ගිහින් තියෙයි..මොනාකරල හරි කමන්නෑ අපිට සහනයක් ලැබෙනවන්ම්" කියලා ..බලන්න අපේ මනසේ අන්ධහාවයන් කෙතරම් දරුණුයිද කියලා..සමහරවිට මේ දේවල් අපිට තේරුම් යනකොට අපි දෙවියන්වහන්සේගෙන් ඈත් වෙලා ගොඩාක් දුර ගිහිල්ලා..ජේසු අපෙන් අද ලස්සන ප්‍රශ්නයක් අහනවා....ඒ තමයී" මගෙ පුතේ ,මගෙ දුවේ ,ඔයා ඇත්තටම විශ්වාස කරනවද මට මේ දේ කරන්න පුළුවන් කියලා ,ඔබ ඇත්තටම විශ්වාස කරනවද ඔයා විදින මේ දුක් කන්දරාවෙන් ඔයාව ගොඩගන්න පුළුවන් එකම එක පුද්ගලයා මම කියලා..ඔයා අදහනවද සදාතනික ආදරය ඔයාට පුදදෙන ඔයා වෙනුවෙන්ම වැය වෙන්න සූදානම් එකම කෙනා මම කියලා...." ඇත්තටම අපි ඒ දේ විශ්වාසය කරනවද ,එහෙනම් අපේ ඒ විශ්වාසය හැම දෙයක්ම අපිට අනාවරණය කරනවා..ඒ විශ්වාසය අපව සුවපත් කරන බව පවසනවා...

ස්වාමීනි කියලා වචනයෙන් මොර ගැහුවට ඇත්තටම උන්වහන්සේ ඔබේ එකම ගැලවුම්කරුවා කියන විශ්වාසය ඔබ තුල නැත්නම් ඔබේ වචන හිස් වචන පමණක් බව අපි අවබෝධ කරගන්න ඔනේ...සදාතනික ජීවනය දෙන මහා නිධානය අපි ලගම තියාගෙනත් ඇයි අන්ධකාරයට අත වනන්නේ..ඉවසීම නැති කම තමා හැමදේටම මුල කියලා පැරැන්නෝ කිව්වේ බොරුවට නෙමේ ,.....ඉවසීම ඇති කරගන්න ..උන්වහන්සේ දෙනකන් ඉවසිල්ලෙන් බලගෙන ඉන්න....විශ්වාසයෙන් සිටින්න.... ,උන්වහන්සේ තුල අප තබන උතුම් වූ විශ්වාසය...අව්‍යාජ විශ්වාසය...අනේ දෙයියනේ මට වෙන කවුරුවත් නෑ මට ඉන්නෙ ඔබවහන්සේ විතරයි කියලා හිතට අවංකව අපි කියන මේ පුංචි වචනය උන්වහන්සේට ගොඩක් වැදගත්.....හිතට හොර කලාට ,හිතට බොරු කලට...උන්වහන්සේව රවට්ටන්න අපිට බෑ ...අන්න ඒ නිසා දෙවිඳුන් පිළිබඳව තරයේ විශ්වාසය කරන්න ...උන්වහන්සේ පොරොන්දු ඉටු කරන ස්වාමීන් වහන්සේ බව අදහාගන්න ......
         
    ජේසුනි ...ඔබ මට විශ්වාසයි
          ඔබ මගෙ ජීවිතයයි
          හැමදාමත් එහෙමයී

Wednesday, December 5, 2018

දෙසැම්බර් 6 වන දින සුබ අස්න – ශු. මතෙව් 07 - 21:24 -27 මෙනෙහි කිරීම




දෙසැම්බර් 6 වන දින සුබ අස්න – ශු. මතෙව් 
07 - 21:24 -27 මෙනෙහි කිරීම

21 ''ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, 'ස්වාමීනි, ස්වාමීනි'යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය
24 ''එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.25 වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි.26 තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය.27වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.''

මෙනෙහි කිරීම

කැමැත්ත ....පුංචි කාලේ නම් ඉතිං අම්මට තාත්තට කැමත්තට තමයි වැඩ කලේ..මොකද ස්වර්ග රාජ්‍යයට කෙසේ වෙතත් ගෙදරට ඇතුළු වෙන්න නම් ඒ අයගේ කැමැත්තට ඉන්නම වෙනවා නේ මතකද ඒ පුංචි කාලේ ..කාලයක් යනකොට ලොකු වෙලා ටිකක් බහ තෝරන වයසට ආවාම ඉතිං 50% 50% අම්මා තාත්තාගේ කැමැත්ත තමන්ගේ ආදර වන්තිය ආදර වන්තයාගේ බිරිදගේ ස්වාමිපුරුෂයාගේ කැමැත්ත තමයි නේද ?
ඇයි අපි ඒ අයගේ කැමැත්තට වැඩ කරන්නේ ඇයි අපි එයාලගේ කැමැත්ත ගැන අපි සලකා බලන්නේ ඒ ඉතිං අපි අපේ සභදතා අපේ පවුලේ ආදරය රැක ගන්න එකමුතු ව ජීවත් වෙන්න එහෙම නේද? ඉතිං ජේසු අද දේව වචනය තුල කියනවා උන්වහන්සේ එක්ක අපි තියන බැදීම රැක ගන්න නම් අපි බලාපොරොත්තු වෙන ස්වර්ගීක ජීව්තේ උරුමකර ගන්න නම් අපිට අනිවාර්යයෙන් උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ වචනයට අවනත වන්නම වෙනවා කියලා..
හැබැයි මතක තියා ගන්න අපේ කැමැත්ත නොවේ උන්වහන්සේගේ කැමැත්ත අපිට ඕන කියලා හිතන දේ සමහර විට අපිට නොසුදුසු යැයි උන්වහන්සේ තීරණය කරන්න පුලුවන් ඒ අපිට වඩා උන්වහන්සේ අපේ ජිවිතේ ගැන ගොඩක් දුර හිතන නිසා....ඒ නිසා ජිවිතේ වැටීම් දුක් කරදර සතුටින් බාර ගන්නත් ඔබට පුරුදු වෙන්න වෙනවා ජේසුගේ කැමැත්ත ඉටු කරනවා නම්

ඉතිං අපි කොහොමද උන්වහන්සේගේ කැමැත්තට අවනත වන්නේ කොහොමද අපි උන්වහන්සේ කැමත්ත ඉටු කරන්නේ හරිම සරලයි ජේසුගේ වචනය ඔබේ ජීව්තේ ජීවත් කරවමින් ජේසු වගේ උන්වහන්සේ ඒ වචනය ක්‍රියාවට නන්වන්න..හැබැයි ඒක මේ කියන තරම් නම් ලේසී නැහැ සමහර විට ඔයා ලගම ඉන්න අය ජේසු තුල නොමැති නම් ලෞකිකත්වය තුල ලෝකයක් එක්ක ඒ අයගේ ගමන යනවා නම් ජේසුගේ කැමැත්ත ඉටු කරන්න වෙනකොට ඔයා ලගම ඉන්න ඔයාගේ හොදම යාලුවාගේ කැමැත්තට පිටුපාන්න වේවී..ඔයාගෙ අම්මා තාත්තා කියන දේවල් වලට පිටුපාන්න වේවී හැබැයි ඔබ ඒ සියල්ල දරා ගනිමින් උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙමින් පර්වතය පිට ඔබ තනන නිවසට දිනක ඒ අයවත් කැදවා ගන්න ඔබට පුලුවන් වේවී..එසේ නම් ඔබ පලමුව උන්වහන්සේගේ වචන තුල ජීවත් වෙමින් ඒ වචනය ක්‍රියාවට නන්වන්න ඒ තුලින් ජේසු නම් පර්වතය පිට ඔබගේ ජීවිත නිවස තනා ඒ පර්වතය පාමුල වැල්ලේ තියන වැස්සට කැඩි බිදි යන සුලි සුලගට සුනු විසුනු වෙන ජේසුගේ  වචනය තුල නොමැති අයගේ ජීවිත නිවෙස් වල වෙසෙන අයයටත් ජේසු නම් වු පර්වතය මත ජිවිත නිවෙස් තනන්නට ඔබේ ඇදහිල්ල ක්‍රියාවේ යොදවන්න ජේසු ඔබට ආරාධනා කරයී..

Tuesday, December 4, 2018

දෙසැම්බර් 5 වන දින සුබ අස්න – ශු. මතෙව් 15:29-37 මෙනෙහි කිරීම



දෙසැම්බර් 5 වන දින සුබ අස්න – 
ශු. මතෙව් 15:29-37

29 ජේසුස් වහන්සේ එතැනින් නික්ම, ගලීලයේ මුහුද ළඟට ගොස්, කන්දකට නැඟී වැඩහුන් සේක. 30 මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක. 31 එවිට ගොළුවන් කතා කරන බව ද, අබ්බාගාතයන් සුවපත් වී ඉන්න බව ද, කොරුන් ඇවිදින බව ද, අන්ධයන්ට ඇස් පෙනෙන බව ද දුටු ජනකාය පුදුම වී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.

32 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, ”මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය; ඔව්හු දැන් තුන් දවසක් ම මා සමඟ ය; ඔවුන්ට කෑමක් නැත; ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි; එසේ යැව්වොත්, මඟ දී ඔවුන් ක්ලාන්ත විය හැකි යැ”යි වදාළ සේක. 33 ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, ”මෙතරම් මහත් සමූහයකට සෑහෙන තරම් කන්න දීමට මේ පාළුකරයෙහි අපට කෑම කොයින් දැ”යි ඇසූ හ. 34 ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි ඇසූ සේක. ”රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත් ය”යි ඔව්හු කී හ. 35 උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, 36 රොටි සත ද මසුන් ද ගෙන තුති පුදා, කඩා, ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ඒවා සමූහයාට දුන්හ. 37 හැම දෙන ම කා සෑහීමට පැමිණියහ. ඔව්හු ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවා ගත්හ. 38 ස්ත්‍රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ සාර දහසකි. 39 උන් වහන්සේ සමූහයා විසුරුවා හැර ඔරුවකට නැඟී මගදන් දේශ සීමාවලට වැඩිය සේක.

මෙනෙහි කිරීම

අද සුභාරංචිය ජීවිතය ගැට ගහගන්න අරගලයක යෙදිල ඉන්න අපි හැම දෙනාටම ඇත්තටම සුභම සුභ පණිවිඩයක්. මිනිස්සුන්ගෙ බඩගින්න මිනිස්සුන්ට දැනෙන්නත් කලිනුයි ජේසු අද කරළියට බහින්නෙ. මිනිස්සුන්ගෙ ආත්ම ගැන විතරක් නෙමේ පොලෝ මට්ටමේ තියෙන ඇට ලේ මස් නහර ගැනත් හුගාක් සංවේදීව හිතන ජේසු කිසිමදාක අපි කාවවත් හිස් අතින් අරින්නෙ නැහැ. නැවතිල බැලුවොත් අපි එකිනෙක්කෙනා ජීවිත ගමනෙ මේ පුදුමාකර 'දේව සංරක්ෂණය' අත්දැකපු වාර අනන්තවත් ඇති. පාළුකරයෙ මන්නා දීපු, පන්දාහකට කන්න රොටී වැඩි කරපු, අන්තිමේදී තමුන්ගෙම ළේ මස් කන්න බොන්න දීපු දෙවියන්වයි අපි අදහන්නෙ. ඒ හින්ද ජීවිතේ මොන අන්ත අසරණ, තුච්ඡතම තැන හිටියත් අද ජේසු ලොකු බලාපොරොත්තුවේ වචන ටිකක් අපිට කියනව, " පුතේ, දුවේ, ඔයා වෙනුවෙන් මහා ප්‍රාතිහාර්යය කරන මහත් දෙවි කෙනෙක් ඉන්නව ඔයාට, බය වෙන්නෙපා" ආමෙන්.

Monday, December 3, 2018

දෙසැම්බර් 4 වන දින සුබ අස්න – ශු. ලූක් 10:21-24 මෙනෙහි කිරීම



දෙසැම්බර් 4 වන දින සුබ අස්න – ශු. ලූක් 10:21-24

21 ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, ”ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය. 22 මාගේ පියාණන් වහන්සේ සියල්ල ම මට පවරා දී තිබේ. පුත්‍රයාණෝ කවරෙක් දැ යි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදනිති. එසේ ම පුත්‍රයාණනුත්, පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරාගනු ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැ යි නොදනිති”යි වදාළ සේක. 23 එවිට උන් වහන්සේ ශ්‍රාවකයන් සමඟ තනියම සිටිය දී ඔවුන්ට කතා කොට, ”ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්ත ය. 24 මෙ‍ය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ”යි වදාළ සේක.

මෙනෙහි  කිරීම 👇

මේ බලාපොරොත්තුවේ කාළයයි මොනවාද අපි බලාපොරොත්තු වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන විරාජමාන ආගමනය අද සුපුවත අපිට කියන්නේ මොකක්ද එය මෙනෙහි කරමු
අද සුවිශේෂය ට අනුව දේව පුත්‍ර භාවය එළිදරව් වෙනවා ක්‍රිස්තුන් වහන්සේ  ශුද්ධාත්මයානන් ගෙන් පූර්ණ වී පියාණන් වහන්සේ අමතනවා " ස්වර්ගයටත් පොලොවටත් අදිපති වූ පියාණනි ඔබ මේ දේ පැණවතුන් හා නැණවතුන් ගෙන් ආවරනය කොට බාලයන්ට අනාවරණය කල බැවින් ඔබට තුති පුදමි " බලන්න එදා ස්වාමින්වහන්සේ කුඩා දරැවෙකු පෙන්වා කිවෙත් මේ දරැවා වගේ වෙන්න ස්වර්ගිය සැප සම්පත් හිමි වෙනවා ඒවගෙම උන්වහන්සේ මෙතනත් කියන්නේ කුඩා දරැවන් මෙන් වෙන අයට දේව අනාවරණය ලැබෙන බවයි
අප ස්වාමින් වහන්සේ ජිවිතයේ ලගින් තියාගත්තේ කාවද දිවරයන් බදු අය කරන්නන් වැනි අධර්මයේ ගිය අයවයි
අතිතයේ ආදි මව් පියන්ගේ පාපය නිසා දෙවිඳුන් පොරොන්දුවක් වෙනවා ගැලවුම් කරැවෙක් එවන බවට ඉතින් එදා ඉදන් මිනිස්සු බලාගෙන හිටියා උන්වහන්සේ වඩින තෙක් රජවරැ දිවැසිවරැන් බොහෝ දෙනෙක් ගැලවුම් කරැ බලාපොරොත්තුවෙන් සිටියා නමුත් උන්වහන්සේ දකින්නටත් උන්වහන්සේගේ දේශනා අහන්නටත් භාග්‍යය ලද්දේ මේ සාමාන්‍ය දුප්පත් මනුස්සයායි
බලන්න තමන්ගේ ජිවිතය වෙනස් කරගන්නකොට ආකල්ප වෙනස් කරගන්නකොට අන් අයට උදව් කරමින් සහයොගයෙන් ජිවත් වෙනකොට සිතින් බාලයෙක් වෙනකොට ජේසු අපි වෙතට එනවා දේව අනාවරණය අප තුල සිදු වෙනවා මම පුංචි උදාහරණයක් කියන්නම්
එක මනුස්සයෙක් හිටියා ඔහු හොද පවුල් ජිවිතයක් ගත කලා ඉතින් අග හිග කම් බොහොමයි රට යන්න උත්සහ කලා නමුත් අවස්තාවක් ලැබුනේ නැ මේ මනුස්සයා ජිවිතය තුල  ජෙසුට පලමු තැන දීලා තිබ්බා කොච්චර පල්ලි ආවත් වැඩක් උනේ නෑ තමන්ගේ බලාපොරොත්තුව ඉශ්ට උනේ නැ දවසක් මෙයාගේ යාලුවෙක් මෙයාට කියනවා තැනක් තියෙනවා එතනට යමු ඉක්මන් ප්‍රතිපල ලැබෙනවා ඉතින් මේ මනුස්සයා තමන්ගේ යාලුවා මත විශ්වාස කොට ඒ තැනට යනවා ඔන්න එතනට ගියා විතරයි රට යන්න අවස්තාව ලැබෙනවා මොහු රට යනවා කාළය ගෙවිලා යනවා ඔන්න ආයි ලංකාවට එනවා එන්නේ කෙලින්ම පල්ලියට ඇවිත් පියතුමාට කියනවා ෆාද මම හැමදාම පල්ලි ආවා මට රට යන්න අවස්තාවක්  ලැබුනේ නැ නමුත් මගේ යාලුවෙක් තැනක් කිවා මම එතනට ගියා ගියා විතරයි මට අවස්තාව ලැබුනා රට යන්න ඒත් මම රට ගියාම මගේ බිරිඳ මාව දාලා ගිහිල්ලා මට හැමදේම නැති උනා
ඉතින් බලන්න දෙවිඳුන් හොද පවුල් ජිවිතයක් ලබා දුන්නා ඔහු අනවශ්‍යය දේ සොයා ගියා දේව අනාවරනයට පිටුපැවා ජිවිතයේ අපට ලැබෙන දේ ගැන ප්‍රසන්න වෙනවා මිස නොලැබෙන දේ ගැන බලාපොරොත්තු තියාගන්න හොද නැ .
මෙම අසිරිමත් නත්තල් කාළය තුළ අපි සිතට ගමු

 මානය පසෙක ලා සත්‍යය ජිවත් කරන්නටත් ,
දෙවිඳුන්ගේ අනාවරණය බැගැ සිතින් පිලිගන්නටත් ,
පලිගැනිම නොව සාමය හා සතුට බෙදා දිමටත් ,
කුඩා දරැවෙකු සේ ජිවත් විමටත් ,
විශ්වාසය තුළ ජිවත් විමටත් අධිෂ්ඨාන කරගමු
"  මෙලොව ඔබට වස්තු රැස් නොකරගන්න මලකඩ ද කාවෝ ද ඒවා කාදමති සොරු ද උමං කැණ ඒවා සොරාගනිති එහෙත් ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කර ගන්න එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති ඔබේ වස්තුව කොතනද ඔබේ සිතත් එතනය"
ඔබ සැමට අර්ථවත් නත්තල් සමයක් වේවා

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...